Home » රන්මිහිතැන්න ටෙලි සිනමා උද්‍යානයේ නිරීක්ෂණ චාරිකාව

රන්මිහිතැන්න ටෙලි සිනමා උද්‍යානයේ නිරීක්ෂණ චාරිකාව

by Thanushika
October 9, 2025 9:44 am 0 comment

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි ඇතුළු මහත්වරු පිරිසක් හම්බන්තොට රන්මිහිතැන්න ටෙලි සිනමා උද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවකට පසුගිය දා එක්වූහ.

රන්මිහිතැන්න ටෙලි සිනමා උද්‍යානය ලාභදායී ආයතනයක් බවට පත් කොට ටෙලි සිනමා ක්ෂේත්‍රවල නිරත කලාකරුවන්ට සුවිශේෂ මෙහෙවරක් ඉටු කළ හැකි මට්ටමට ගෙන ඒමට ගත යුතු පියවර සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම මෙම නිරීක්ෂණ චාරිකාවේ අරමුණ විය.

ටෙලි සිනමා උද්‍යානය විධිමත් ව සංවර්ධනය කිරීම සඳහා වූ යෝජනා කිහිපයක් එහි දී සාකච්ඡාවට ලක් කෙරුණු අතර, ගොඩනැගිලි හා පසුතල නිර්මාණ කටයුතු වැඩි දියුණු කිරීම, ක්‍රමෝපායික ප්‍රවර්ධන සැලැස්මක් ඔස්සේ ටෙලි සිනමා උද්‍යානය ප්‍රචලිත කිරීම හා දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය සහිත ස්ථානයක් බවට පත්කර ගැනීම ඇතුළු කරණු රැසක් එහි දී අමාත්‍යවරයාගේ දැඩි අවධානයට යොමු විය.

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුල වෙළඳගොඩ, රන්මිහිතැන්න ටෙලි සිනමා උද්‍යානයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ (ජාතික උරුම අංශය) සැලසුම් අධ්‍යක්ෂ සුජීව හේමන්ත සහ අමාත්‍යවරයාගේ මහජන සම්බන්ධතා නිලධාරී රුවන් ප්‍රේමවීර යන මහත්වරු ඇතුළු පිරිසක් මේ සඳහා එක් වුහ.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT