රජිව් සිවදාසන් ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය වන ‘ඇයයි මමයි’ සිනමාපටයේ මුහුරත් උලෙළ පසුගිය දින කලාකරුවන් සහ සම්භාවනීය අමුත්තන් පිරිවරාගෙන කොළඹ ජානකී හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. ඊනියා ෆිල්ම් ඇක්ටර් ප්‍රඩක්ෂන් ඉදිරිපත් කිරීමක් වන අතර රේඛීය නිෂ්පාදනය වී සිවදාසන්ගෙනි.
කැමරා අධ්‍යක්ෂණය සුජිත් නිශාන්ත, කලා අධ්‍යක්ෂණය රොෂාන් සමරදිවාකර, සංස්කරණය මේඝ කොළඹගේ, තිර රචනය තනුජා ලුම්බිණි, රජිව් සිවදාසන් සමඟ කීර්ති රුවන් ලාල්සන්, වස්ත්‍රාභරණ නිර්මාණය දිනේෂ් ජය ශාන්ත, අංග රචනය සුරේෂ් ඉන්දික, සහාය අධ්‍යක්ෂණය චන්දන එදිරිසිංහ, නිෂ්පාදන කළමනාකරණය උපුල් රණතුංග, නිශ්චල ජායාරුප සතිෂ තමෝද් ගෙනි.
චානුක ප්‍රබුද්ධ, සන්තුෂ්කී අභිලාෂි, සංජය මුරමුදලි, නෙතලි නානායක්කාර, දමිතා අබේරත්න, පාලිත සිල්වා, කීත් රංග, මාලි ජයවීර, තුෂිණි ප්‍රනාන්දු, රුක්ෂාණා දිසානායක, මනිෂා චංචලා, සුමුදු අමල්ක, නික්ලේස් සමරසේකර, එස්.අයි. සමරක්කොඩි, සනත් ගුණතිලක රංගනයෙන් එක්වෙති.