Home » රජයේ චිත්‍රපට අංශයේ ඩිජිටල් සංරක්ෂණාගාරය ජනගත කෙරේ

රජයේ චිත්‍රපට අංශයේ ඩිජිටල් සංරක්ෂණාගාරය ජනගත කෙරේ

by Thanushika
September 25, 2025 9:56 am 0 comment

රජයේ චිත්‍රපට අංශයේ ඩිජිටල් සංරක්ෂණාගාරය යුද හමුදා සේවා දායකත්වයෙන් මිලියන හයක මුදලින් ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව පසුගියදා ජනගත කෙරිණ. ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රධානත්වයෙන් ජනගත වූ මෙම උත්සව අවස්ථාවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර මහතා ඇතුළු අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු නිලධාරින් රැසක් සහභාගි වූහ.

රජයේ චිත්‍රපට අංශය ආරම්භ කළ දින සිට මේතාක් පැවති සියලුම විශේෂ වීඩියෝ වැඩසටහන් සහ ඡායාරූප ලිපි ලේඛන හා චිත්‍රපට අංශය ආරම්භයේ සිට භාවිතා කළ උපකරණ ද සංරක්ෂණාගාරයේ ප්‍රදර්ශනය සඳහා තබා ඇත. පාසල් අධ්‍යාපනය හදාරන ළමුන්ට, විශ්වවිද්‍යාල සිසුන් සහ ජනමාධ්‍ය අධ්‍යයන කටයුතු සඳහා සංරක්ෂණාගාරය භාවිත කළ හැකි බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT