නිවස සංවාද රඟපෑමයි රාජකාරියයි දෙකම සමබරව කරනවා

රඟපෑමයි රාජකාරියයි දෙකම සමබරව කරනවා

-රංගන ශිල්පිනී සකු ජයවර්ධන

by Thanushika
August 8, 2024 12:30 am 0 comment

කාලෙන් කාලෙට කලාව තුළ විවිධ වෙනස්කම් සිදුවෙයි. නව පරම්පරාව තුළ තිබෙන දක්ෂතාවයන් නිසා විවිධ චරිත සඳහා දක්ෂතාවයන් තිබෙන පිරිස් නිතරඟයෙන් තෝරා ගැනේ. එවැනි චරිත අතර කැපීපෙනෙන චරිතයකි ඇය. වේදිකාව, ටෙලි නාට්‍යය, සිනමාව යන ත්‍රිත්වයම ඇගේ දක්ෂතාවයන් අපට පෙන්වා ඇත. එයට අමතරව නිරූපණ ක්ෂේත්‍රයේද නමක් රඳවාගෙන තිබෙන ඇය දෙස් විදෙස් සඟරාවල ඇගේ රුව ඔපවත්වෙයි. වෙළඳ දැන්වීම් කලාවේ ද ඇගේ රුව නිතර දක්නට ලැබෙයි. පාසල් වියේ සිටම කලාවට දක්ෂතාවයන් දක්වන ඇය කා අතරත් ජනප්‍රියත්වයේ නාමයක් බවට පත්විය. මේ සියලු දේ කැටිකර ගනිමින් ඇගේ නවතම කලා තොරතුරු ගැන සරසවියට පැවසීය. ඇය නමින් සකූ ජයවර්ධනයි.

සකු ජයවර්ධන ගේ කලා ක්ෂේත්‍රයට එන ගමනේ ආරම්භය කොතනින්ද?

මම අධ්‍යාපනය ලබන්නේ අවිස්සාවේල්ල සීතාවක ජාතික පාසලෙන්. පාසල් කාලේ ඉඳන්ම කලාවට සහ නිරූපණ ක්ෂේත්‍රයට දැඩි ඇල්මක් මම දැක්වූවා. පාසලේ කලා සංගම් සහ සාහිත්‍ය සංගම් සියල්ලේම මම මූලිකත්වය ගෙන කටයුතු කිරීම නිසා සියලු සංගම්වලට මාව නැතුව බැරි ශිෂ්‍යාවක් බවට පත්වුණා.පාසලෙන් පටන් ගත්ත ගමන මුලින්ම පැමිණෙන්නේ මියුසික් වීඩියෝ හරහායි. බාල වියේ බහ තෝරන වයසේ කියන වෛද්‍යවරයෙක් ගායනා කරන ගීතයක මියුසික් වීඩියෝ එකට පෙනී සිටිමින්. එම රූප රචනයෙන් පසුව මට විවිධ සිනමා පට සහ රූපරචනාවලට එකතු වෙන්නට අවස්ථාව ලැබුණා.

මියුසික් වියෝවලින් පසුව ඔබ ඩී.වී.ඩි. සිනමාපටවලට සම්බන්ධ වෙනවා නේද?

ර්භඵඪජ ඍඪඤඥධ ආරම්භය සිදුවන්නේ 2010 දී ඉන් පසුව තමයි මට ඒක දැකලා ච්ඍච් සිනමා පට කිහිපයකටම ආරාධනා ලැබෙන්නේ. ච්ඍච් ආපු මුල් යුගයේ කරපු සියලූම සිනමා පට ප්‍රේක්ෂකයන් අතර හොඳ ජනප්‍රියත්වයකට පත්වුණා. මෙයින් පස්සේ තමයි මට ටෙලි නාට්‍ය කිහිපයකම රඟපාන්නට අවස්ථාව ලැබෙන්නේ. සුදු සෙවණැලි, දෙන්නට දෙන්නා, ගෞතමී යන ටෙලි නාට්‍යවල උප ප්‍රධාන චරිත රඟපාන්නට අවස්ථාව ලැබුණා. ටෙලිනාට්‍ය හතක් විතර මේ වකවානුවේදී මට රඟපාන්නට අවස්ථාව උදාවුණා. මේ ටෙලි නාට්‍ය කිහිපයේ රඟපෑවට පසුව ටික කාලයක් ක්ෂේත්‍රයෙන් නිහඩව සිටියා. පෞද්ගලික ආයතනයක මානව සම්පත් කළමනාකාරිනියක් ලෙස රැකියාව ලැබුණු නිසායි.

නැවත ක්ෂේත්‍රයට එන්න හිතුණෙ ඇයි?

මුල් කාලයේ සිටම මගේ දැඩි ආසාවක් තිබුණේ කලා ක්ෂේත්‍රය වෙනුවෙන්. රාජකාරී ජීවිතයේ පරිණතභාවයට ටික ටික ළඟා වන විට නැවත ක්ෂේත්‍ර දෙකම සමබරව කරගෙන යාමේ හැකියාව මට උදාවුණා. නැවත මම මැඩම් යම ලොව සහ අපේ ඉස්කෝලේ යන වේදිකා නාට්‍යය හරහා තමයි ක්ෂේත්‍රයට පැමිණෙන්නේ.

ඔබ ඩුබායි මැගසින් දෙකක නිරූපණ ශිල්පිනියක් ලෙස කටයුතු කරනව නේද?

මගේ ඥාතියෙක් හරහා තමයි මේ සඟරා දෙකට මම නිරූපණයෙන් දායක වෙන්න අවස්ථාව හිමිවෙන්නේ. මේ සඟරා දෙකේ විවිධ අංශ තියෙනවා ඒ අංශ තෝරා බේරාගෙන අපිට නිරූපණ ශිල්පිනියක් ලෙස කටයුතු කරන්නට පුළුවන්. මම අවුරුදු දෙකක ගිවිසුම්ගත වෙලා ඉන්නේ සාමාන්‍ය ඇඳුම් විලාසිතා නිරූපණ ශිල්පිනියක් ලෙසයි. සෑම ඡායාරූප ගත කරන අවස්ථාවකම ඔවුන්ගේ ගිවිසුමට අනුව මට මුදල් ගෙවීම් සිදු කරනවා. මේ කිසිම ඡායාරූපයක් අපිට දකින්නත් නැහැ අපි ගිවිසුම් ගතවෙලා ඉන්න හින්දා අපිට ඔවුන් දෙන්නෙත් නැහැ. අපේ රටේ ඡායාරූප ශිල්පීන් දෙදෙනෙකු තමයි මේ ඡායාරූපගත කිරීම් සිදු කරනු ලබන්නේ.

නිරූපණ ශිල්පිනියක හැටියට ඔබට අයිතියක් තිබෙනවා නේද එම ඡායාරූප බලන්නට, ගිවිසුම් ගතවීම තුළ ඒවා පෙන්නන්නෙ නෑ කියලා කියලා තියෙනවද?

මට අයිතියක් තිබුණාට එම ඡායාරූප පෙන්වීමට ඔවුන් අකමැති. ගිවිසුම් ගතවීම අනුව මට හරියටම කියන්න බැහැ එවැනි දෙයක් තිබුණාද කියලා.නිරූපණ ශිල්පිනියක් ලෙස ආසාව තිබෙන නිසාත් සාමාන්‍ය ඇඳුම් විලාසිතා කරන නිසා මේ තාක් ප්‍රශ්නයක් මතුවී නැහැ.

මේ දිනවල ඔබේ වේදිකා නාට්‍යයක් වේදිකාගත වෙනවා නේද?

ඔවි මේ වන විට “මැඩම් යම ලොව”සහ අපේ ඉස්කෝලේ වේදිකා නාට්‍යය දිවයිනේ සෑම ප්‍රදේශයකම වේදිකාගත කිරීම් සිදුකරගනිමින් යනවා. එම නාට්‍යය නැරඹීමට විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක්ද මේ වන විට ප්‍රේක්ෂකාගාර වෙත එනවා.එදාට වැඩිය හොඳ ප්‍රේක්ෂක පිරිසක් පැමිණීම නිසා වේදිකාව දැන් හොඳ තැනක තියනවා.

වේදිකාවට පැමිණීමත් සමඟ ඔබට සිනමාවට සහ ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබිලා තියෙනවා නේද?

ඔව් මට බ්‍රර්ට්‍රම් නිහල්ගේ සිනමාපටයකට සහ ස්වර්ණවාහිනී ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබිලා තියෙනවා. මගේ රාජකාරිය කටයුත්තත් සමඟ කාල වේලාව වෙන්කර ගැනීම තුළ ප්‍රශ්නයක් තියෙනවා. එයට විසඳුමක් ලබාගෙන ඒ දෙකට සම්බන්ධ වෙන්නට ඉදිරියේදී අදහස් කරනවා.

වෙළඳ දැන්වීම්වලටත් ඔබ රංගන ශිල්පිනියක් ලෙස සහභාගි වෙනවා නේද?

දැනට කිහිපයකටම රංගනයෙන් දායක වෙලා තියෙනවා වෙළෙද දැන්විම් කලාව සමඟ.ඉදිරියේත් කිහිපයකටම කතා කරලා තියෙනවා. කාල වේලාව හදාගෙන ඒ නිර්මාණවලටත් ඉදිරියේ පෙනී සිටින්න තමයි බලාපොරොත්තුව.

ඔබ හෙදියක් ලෙස කටයුතු කරනවා කියන්නේ ඇත්තද?

විශ්වවිද්‍යාලයේ යාම සිහිනය බොඳවීමත් සමඟ සාත්තු සේවයට එන්න ඕනි කියල හිතිලා පාඨමාලාවක් හදාරනවා. ඒ පාඨමාලාවෙන් පස්සේ තමයි මට ඩර්ඩන්ස් රෝහලේ හෙදියක් ලෙස රුකියාවේ කටයුතු කරන්නට අවස්ථාව ලැබෙන්නේ.

වසර තුනකට වැඩි කාලසීමාවක්. හරිම ආසාවෙන් තමයි මේ රැකියාවත් මම කළේ. මේ රැකියාවෙන් පස්සේ මට නිපොන් ගෲප් එකේ මානව සම්පත් කළමනාකාරිණියක් ලෙස කටයුතු කරන්නට අවස්ථාව ලැබෙනවා.දැන් වසර අටක් තිස්සේ මේ රැකියාව තමයි කරන්නේ.

රසිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද ?

නැවත ක්ෂේත්‍රයට පැමිණීමත් සමඟ නොඅඩුවම ලැබෙනවා. සමහරු කියනවා ඇත්ත ජීවිතේ ඉන්න මම නෙමෙයි ඒ චරිත වල ඉන්නේ කියලා. ඒ කියන්නේ මම ඒ චරිත තුළ ජීවත් වෙලා සිටිනවා කියන එකයි නේ. මොන දේ කිව්වත් හරිම සතුටින් මේ ප්‍රතිචාර මම භාර භාරගන්නවා.

ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද ක්ෂේත්‍රය තුළ?

ක්ෂේත්‍රයට පැමිණි මුල් කාලයේ සිට අද දක්වාම ප්‍රවීණයන්ගෙන් හොඳ සහයෝගයක් මට ලැබෙනවා.දන්නේ නැති හැම දෙයක්ම මම මුලින්ම ප්‍රවීණයන්ගෙන් තමයි අහගන්නේ. මේ වන විටත් රංගනය පිළිබඳව පාඨමාලාවක් හා රැකියාවට අදාළ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ උපාධිය හදාරමින් සිටින්නේ. ක්ෂේත්‍රය තුළ ඉන්නව නම් න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම අත්‍යවශ්‍යයි. ඒ දේවල් නැතුව ක්ෂේත්‍රයේ දක්ෂතාවයන් තිබුණාට මදි. අද නව පරම්පරාව හොඳ දක්ෂයින් ඉන්නවා හැම දේකින්ම ඉගෙනගෙන ඉහළට ඇවිත්. සතුටක් තියෙන්නෙ.

ඔබ ආපු ගමනේ කැපිලි කෙටිලි තිබුණාද?

ඕනෑම ක්ෂේත්‍රයක ඒවාගෙන් අඩුවක් නැහැ. මටත් ඒ විදිහටම මේ ක්ෂේත්‍රය තුළ තිබුණා. ඒත් තමන්ගේ අරමුණ වෙනුවෙන් තමන් යන ගමන ගැන හිතලා හැමදෙයක්ම ඉවසා දරාගෙන කටයුතු කරන්නට වෙනවා. උදව් කරනවා වෙනුවට තමන්ව අනිත් කකුලෙන් ඇදලා දාන්න ඉන්න පිරිස වැඩි. ඒ නිසා බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි හැම මොහොතකම

ඔබේ ගමනට පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද ඉදිරි බලාපොරොත්තු මොන වගේද?

පවුලේ සියලු දෙනාම මේ ගමනට හොඳ සහයෝගයක් ලබා දෙනවා. ඔවුන්ගේ සහයෝගය ඇතිව වේදිකාව ටෙලිනාට්‍ය සිනමාව යන අංශ තුනේම හොඳ නිර්මාණවලට දායක වෙන්න බලාපොරොත්තු වෙනවා.

 

[email protected]

සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT