ඕනෑම ක්ෂේත්රයකින් ඉදිරියට එන සියලු දෙනාට අත දෙන්නට හැකිනම් කාටත් සතුටින් නැඟිටින්නට දෙවරක් ඇය පැකිළෙන්නෙ ද නැත. කවුරු නැතත් ගමන ද නවතන්නෙද නැත. රිදුනත් හිත කොතෙකුත් ඈ වෙත දැන් දුක දැනෙන්නේද නැත. වැටුණ රිදුණ හැමවිට හිත ඇය සනසාගත්තේ හිනැහෙමින්ය.
ඒ නිසාම ඇගේ ආඩම්බර බව ගැන බොහෝ දෙනා දනී. ඇය සැම විටම කියන්නේ මා වැනි තව කෙනෙක් නොමැති බවයි.
මේ විශ්වයට තව ද
ඇය පොළොන්නරුව රාජකීය කනිෂ්ඨ විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යාවකි. රැඟුමට ගැයුමට වගේම වැඩි දක්ෂතාවයක් දැක්වුවේ ඇය ක්‍රීඩාවටයි. වැව් බැඳී රාජ්‍යයේ මහසෙන් දෙවියන් හැමවිටම පුරවරය ආරක්ෂා කරනවා වගේ ඇයව ද ආරක්ෂා කරන බව හැම මොහොතකම සිතයි. මේ දිනවල උදයකාන්ත වර්ණසූරියගේ ගිනි අවි සහ ගිනි කෙළි 2 සිනමාපටයේත්, කෝපි කඩේ, වාව් මැඩම්, බේකරි ගෙදර යන ටෙලි නාට්‍ය ත්රිත්තවයකින් ප්‍රේක්ෂක අවධානය යොමු කර කරගත් ලිලන්ති ධර්මසේන සරසවිය සමඟ කළ කතාබහයි.
මුල් කාලය ගෙවෙන්නේ කොහොමද?
කුඩා කාලයේ මම හරිම සතුටින් ජීවත් වුණා කෙනෙක්. මගේ මුල් ළමා විය ගෙවු කාලයේ චිත්‍ර ඇඳීමට නර්තනයට වගේම ගායනයටත් දක්ෂතා දක්වපු බවයි මගේ මවුපියන් පවසා ඇත්තේ. වයස අවුරුදු දහයක්, දොළහත් වගේ කාලසීමාව තුළදී මට යම් අවබෝධයක් තියෙනකොට තරාලේ ගුරුතුමියගෙන් නර්තනය හැදෑරුවා. මේ කාල සීමාව තුළදී පාසලේ සෞන්දර්ය කටයුතුවලටද මගේ නොමසුරු සහයෝගය ලබාදීම හා පාසල් වේදිකා නාට්‍ය හා විවිධ වැඩසටහන්වලදී කැපී පෙනෙන චරිතයක් බවටද පත්වුණා. ඒ අතර පාසල් යන කාලයේ මම ගොඩක්ම දක්ෂතාවයන් දැක්වූයේ ක්‍රීඩා විෂය ධාරාවටයි. ක්‍රීඩා විෂය තුළින් මම මීටර් 100 මීටර් 200 උස සහ දුර පැනීම යන විශේෂ දක්ෂතා දැක්වූ ශිෂ්‍යාවක් බවට සමස්ත ලංකා දක්වා ගොස් පාසලේ කීර්ති නාමය ඉහළින්ම රඳවාගත් විනයගරුක ශිෂ්‍යාවක් බවට අනිත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර කියවුණ නමවුණා.
පාසල් වේදිකාව තුළ නැතුවම බැරි චරිතයක් වුණා නේද?
අපේ පාසලේ සෞන්දර්ය විෂය ධාරාව උගන්වපු ගුරුවරු අපේ දක්ෂතාවන් හොඳීන් හඳුනාගත්තා. පාසල් කාල සීමාව තුළදී එදා වැඩි හරියක් වේදිකාව තුළ නව නිර්මාණ ලෙස ගෙනාවේ. බෞද්ධ දර්ශනයට අදාළ ජාතක කතා අනුසාරයෙන් නිර්මාණය වූ පිටපත්. ඒ වගේම තමයි සමාජයේ කතාබහට ලක්වුණු සත්‍ය සිදුවීම් ද රචනා වුණා. ඒ හරහා අපේ මනස තුළ ඒ ගොඩනැඟුණ චරත නිරූපණය කරන්නට පහසු වුණා. කොළඹ සහ පොළොන්නරුව අතර තියෙන භූගෝලීය පිහිටීම තුළ අඩු පහසුකම් යටතේ අපි හැමවෙලේම දක්ෂතාවයන් තුළින් ඉදිරියට ආවා. අපි වේදිකාව තුළ රඟ දක්වපු චරිත එදිනෙදා අපි දුටු චරිත වුණා. ධනපති පන්තියට වඩා අපි දැක්කේ පීඩිත පන්තියේ චරිතයි. මේ හැම කතා තේමාවක් තුලම පීඩිත බව තමයි කියවුණේ. ඒවගේම ජසහා ලෙන්චිනා වැනි කෝලම්, සොකරි සහ ජන සම්ප්රදායේ නාට්‍ය කලාවත් වේදිකාව තුළ ගෙනල්ලා සමාජයේ සිදුවෙන දේවල් හාස්‍ය හා උපහාසාත්මක ලෙස ගෙන එන්නට ලැබුණා. එනිසා ඒ තුළින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉදිරියට එන්න උත්සාහ කළා. පාසල් පාසල් මට්ටමින් හා ප දිස්ත්‍රික්ක මට්ටමින්, පළාත් මට්ටමින් සහ සමස්ත ලංකා මට්ටම දක්වා එන විට අපේ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම පෝෂණය කරගන්නට පිටුහළක් වුණා. එදා අපිට ගුරුවරු වැඩි හරියක් ඉගැන්නුවේ එකිනෙකාගේ අවබෝධය සහ එකිනෙකා අතර සියලු දේ හුවමාරු කර ගැනීම තුළින් යහපත් දරු පිරිසක් ගොඩනගන්නට දායක වන බවයි. ඒ කියපු දේ තුළින් අපි අවබෝධ කරගෙන සමාජයට යහපත් පුරවැසියන් වෙන්න උත්සාහ කළා. ඒ නිසා අපේ ගමන කවදාකවත් වැරදුණේ නැහැ.
දක්ෂතාවල් දක්වපු විෂය අතහැරලා වෙනත්ම විෂය ධාරාවල් තෝරා ගන්නවා නේද?
මගේ තාත්තා ඉදිකිරීම් ක්ෂේත්රයට සම්බන්ධවයි රාජකාරිය කටයුතු කළේ. ඒ නිසා මමත් ඒ ක්ෂේත්රයට සම්බන්ධ වෙලා කාලයක් කටයුතු කළා. ඉදිකිරීම් ක්ෂේත්රයට සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරපු නිසා. ඒ පිළිබඳ පූර්ණ අවබෝධයක් මට ක්ෂේත්රය තුළින් ලබා ගැනීමත් එයට අදාළ විෂය පථය ඉගෙන ගන්නටත් හොඳ අවස්ථාවක් උදාවුණා. ඒ නිසා මගේ ජීවිතයට ඒ ගමනද හොඳ පිටිවහලක් වුණා. එක පැත්තකින් යන්න බැරි වුණොත් තව පාරක් තුළින් ගමන යන්න පුළුවන් කියලා මම අවබෝධ කරගත්තා. අපි අපේ ජීවිත ගැන අවබෝධ කර ගන්නවා නම් එක පැත්තකටම හිරවෙලා ගමන් නොකළ යුතුයි. එක රාමුවකට පමණක් කොටුවුණොත් අපි අසරණ වෙනවා. ඒ නිසාම විවිධ විෂයපථයවල් සොයමින් ඉගෙන ගත්තා. ඒ අතර රූපලාවණ්‍ය, තිර රෙදි කලාව, කේක් සෑදීම සහ ආහාර පාන සැකසීම යන සියලු දේවල් පාඨමාලාවන් ලෙස මම හැදෑරුවා. එදා ඒ ඉගෙන ගත්ත සියලු දේවල් ජීවත් වෙන්න එදා වගේම අදටත් මට ශක්තියක් වෙලා තියෙනවා.
කලා ක්ෂේත්රයට සම්බන්ධ වෙන්නේ කොහොමද?
මගේ හොඳ හිතවත් අයියා කෙනෙක් වන සනත් රත්නායක හරහා තමයි මම ඉස්සෙල්ලාම ලංකාවේ රූපගත කළ ඉන්දීය චිත්‍රපටයක් වන ඹ්ඪධද ධට බඩඥ ඵපඪ හරහා කලා ක්ෂේත්රයට සම්බන්ධ වෙන්නේ. ඒ ආපු ගමනේදී විකාශය වුණු ටෙලි නාට්‍ය හැරෙන්නට මේ දිනවල නාලිකා තුනක ටෙලි නාට්‍ය තුනක් පමණ විකාශනය වෙනවා. උදයකාන්ත වර්ණසූරිය මහත්තයාගේ සිනමා පටයක් වන ගිනි අවි සහ ගිනි කෙළි දෙක කුඩා චරිතයක් කරන්නට අවස්ථාවක් ලැබෙනවා.
මේ වන විට නිර්මාණ කීයකට විතර දායක වෙලා තියෙනවද?
මේ වන විට නිර්මාණ 35කට වැඩිය දායකත්වය දක්වලා තියෙනවා. ඒ අතර ප්‍රේක්ෂක අවධානය වැඩියෙන්ම යොමුවුණ නිර්මාණ ගොන්නට වැටෙන්නේ. කෝපි කඩේ, වාව් මැඩම්, බේකරි ගෙදර යන ටෙලි නාට්‍ය තුන මේ වන විට විකාශනය වෙනවා. බඹරෙක් ඇවිත්, රොන්, මී මැස්සෝ, සංසාරණී, ස්වාධීන නාලිකාව සහ සිරස, දෙරණ සහ අනිකුත් නාලිකාවල විකාශනය වූ පෝය නාට්‍යයන් විස්සකට වැඩි සංඛ්‍යාවකට රංගනයෙන් දායක වුණා. ඒ සියලු චරිත ප්‍රධාන සහ උප ප්‍රධාන චරිතයි. ඊට අමතරව වෙළෙඳ දැන්වීම් ගණනාවකටද රංගනයෙන් දායක වෙලා තියෙනවා. මේ දිනවල තිරගතවන ගිනි අවි සහ ගිනි කෙළි දෙක, අශෝක හඳගම අධ්‍යක්ෂකතුමාගේ නවතම සිනමාපටය වන රාණි, සූර්යයා, ඇතුළු මේ සමාජයේ කතාබහට ලක්වන සිනමා පට ඒ අතරට ඇතුළත්.
විවිධ පැතිකඩ ඔස්සේ ගිය ඔබ ඇයි කලා ක්ෂේත්රය තෝරා ගන්නේ?
මම පාසල් යන කාලේ සිටම සෞන්දර්ය විෂය ධාරාවට දැඩි ඇල්මක් දක්වපු කෙනෙක්. ඒ ලබපු න්‍යායාත්මක හා ප්‍රායෝගික අත්දැකීම් නිසා. සමාජයේ ජීවත්වන ඕනෑම තරාතිරමේ පුද්ගලයකුට කලාවේ ආභාසය නැතුව ජීවත්වීම ටිකක් අමාරුයි. ඔහු හෝ ඇය සෞන්දර්යවාදී එක් අයකු වුණොත්, නිහතමානී පුද්ගලයෙක් බවට පත්වෙනවා. ඔහු තුළ ජීවත්වන මිනිසා සමාජය ගැන හොඳ අවබෝධයකින් හා ඇසකින් බලා අවබෝධ කරගන්න පුද්ගලයෙක් බවට පත්වෙනවා. කලාවට ආදරය කරන කලාවේ රසය දන්න කෙනෙක් බවට පත්වුණා.
වේදිකා සහ කෙටි චිත්‍රපට කිහිපයකටද රංගනයෙන් දායක වුණා නේද?
මේ වන විට වේදිකා න්යාට්යය කිහිපයකටත් ආරාධනා ලැබිලා තියෙනවා. කෙටි චිත්‍රපට කිහිපයකම රංගනයෙන් දායක වුණා. සමහරක් කෙටි චිත්‍රපට වලට නම් දාලාවත් පසු නිෂ්පාදන කටයුතු අවසන් කරලාවත් නැහැ. දැනට සියලු වැඩ කටයුතු අවසන් කරලා තියෙන එකම චිත්‍රපටයයි තියෙන්නේ. ඒ තමයි “පික් පොකට්” දැන් ගොඩක් කෙටි චිත්‍රපට නිර්මාණය වන්නේ සමාජ මාධ්‍ය ජාලා සඳහා ඔවුන්ගේ නාලිකාවල ප්රදර්ශනයටයි. එහෙමත් චිත්‍රපටි කිහිපයක් තමයි විවිධ රටවල පවතින සිනමා උළෙලවල් නියෝජනයට යොමු කරන්නේ. අපේ රටේ කෙටි චිත්‍රපටවලට වැඩිය දිගු චිත්‍රපටවලට තමයි අවස්ථාව හිමිවෙලා තියෙන්නේ. ප්‍රේක්ෂකයන් ප්රේක්ෂකාගාරවලට ඇදී එන්නෙත් ගොඩක් දුරට දිගු සිනමාපට සඳහායි. විවිධ රටවල නිර්මාණ අධ්‍යක්ෂණයෙන් වැඩි හරියක් නිර්මාණය වන්නේ කෙටි චිත්‍රපටයයි. ඒත් අපේ රටේ එවැනි පසුබිමක් දකින්නට අඩුයි. සිනමාවට පිවිසෙන අධ්‍යක්ෂකවරු සහ නිෂ්පාදකවරු ගොඩක් දෙනෙක් කෙටි චිත්‍රපටි තුළින් තමයි ඔවුන්ගේ ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුම ලබා ගන්නට කෙටි චිත්‍රපටවලට අවතීර්ණ වන්නේ. ලෝකයේ දැනට සිටින සහ මියගිය දක්ෂ අධ්‍යක්ෂකවරු සියලූම දෙනා පියවර තබලා තියෙන්නේ කෙටි චිත්‍රපටිකරණය හරහායි. එදාට වැඩියා අද ඉලෙක්ට්‍රොනික් විද්‍යාව දියුණු නිසා. නිර්මාණ බිහිවීමද. එදාට වැඩිය වැඩි. ඒ නිසා නිර්මාණ නිර්මාණ අතර තරගකාරිත්වයත් වැඩිවෙලා තියෙන බව පේනවා.
වේදිකාව ටෙලිනාට්‍ය සිනමාව යන ත්‍රිත්වයන් තුළ ඔබ වඩාත් රුචිකත්වයක් දක්වන්නේ?
මම මේ ත්‍රිත්වයටම එක හා ප්‍රියතාවයක් දක්වන කෙනෙක්. රංගන ශිල්පිනිය වුණාම එකම ක්ෂේත්‍රයත් තෝරා ගැනීම සිදුවන්නේ නැහැ. වේදිකාවෙන් ලබන ආභාසය ටෙලි නාට්‍යයට සහ සිනමාවට උපයෝගී කරගන්නවා. මේ සියලු දේවල් දම්වැලක පුරුක් හා එකට ගෙතිලයි තියෙන්නේ. අපිට හොඳ ගමනක් යන්න නම් මේ ත්‍රිත්වයම හොඳට අධ්‍යයනය කරලා ප්‍රායෝගික අත්දැකීම් ලබාගෙන ඒ ගමන යා යුතුයි. ඒත් රංගන ශිල්පිනියක් හෝ ශිල්පිකුට ඔවුන්ගේ සිතීම තුළ හෝ ඔහු පසුපස සිටින පුද්ගලයා අනුව මේ ත්‍රිත්වය වෙනස් වෙන්න පුළුවන්.තමන්ගේ අරමුණු කරා යන්න හොඳ පැහැදිලි අවබෝධයක් තිබිය යුතු බවයි මමනම් තීරණය කරන්නේ.
ප්‍රවීණයන්ගෙන් සහ නව පරපුරෙන් ඔබට ලැබෙන සහයෝගය කොහොමද?
මේ දෙපිරිසගෙන්ම හොඳ සහයෝගයක් ක්ෂේත්රය තුළ ලැබෙනවා. ඒත් අපිට ප්‍රවීණයන්ගෙන් ලැබෙන ආභාසය සහ ගුරුහරුකම් අපේ ජීවිත ගමනට ලොකු ශක්තියක් වෙනවා. ලැබෙන දැනුමේ ආභාසයේ සහ ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුම නිසා ලෝකයේ ජයගත්ත නිළියන් අද වන විට විශාල පිරිසක් සිටිනවා. විෂය පථය තුළ දැනුමේ ප්රාමාණිකයන් ප්‍රවීණයන් වන අතර ඔවුන් හැමවෙලේම ඊළඟ පරම්පරාවට යමක් දෙන්න තමයි උත්සාහ ගන්නේ. අද සමාජයට පිවිසෙන බහුතරයක් තරුණ පරම්පරාව ඒ දැනුම ලබා ගන්නට උත්සාහ කරන්නේ නෑ. ඒ ඔවුන් නිසි අවබෝධයකින් ක්ෂේත්රයට අවතීර්ණ නොවීම නිසයි මේ සියලු දේවල්ම අද සිදු වෙලා තියෙන්නේ. මේ එන බහුතරය අතරින් දක්ෂයන් හා අතිදක්ෂයන්ද සිටින බව කිව යුතුයි.
පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද ඔබේ කලා කටයුතුවලට?
මේ ක්ෂේත්රයේ මේ ගමන යනවාට මගේ දුව තමයි වැඩිම ප්‍රියතාවයක් දක්වන්නේ. දුව තමයි මට අවශ්‍ය සියලූම දේවල් සලස්වන්නේ සෑම රැකවරණයක්ම සපයන්නේ. එහෙම උණාම මට කියන්න තියෙන්නේ ඇයයි මගේ මව කියන එකයි. මගේ ජීවිත ගමනට මට පිහිටට සිටින්නේ දුව වගේම පුතත් මගේ ස්වාමියත්, ඇතුළු පවුලේ සියලු දෙනායි. ඒවගේම මාවටා ඉන්න විශේෂ යාළු හිතමිත්රාදීන්ද වෙනවා.
මේවන විට ප්රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාරය මොන වගේද?
මගේ මීට ඉස්සෙල්ලා නිර්මාණ රස විඳපු ප්‍රේක්ෂකයන් වගේම නව නිර්මාණ රස විඳීන ප්‍රේක්ෂකයන්ගෙන්ද ලැබෙන්නේ හොඳ ප්‍රතිචාරයක්. නළුවා හෝ නිළියගේ අවසන් තීන්දුව දෙනු ලබන්නේ ප්රේක්ෂකයායි. එනිසා ඔවුන් නැතුව නළුවෙකුට හෝ නිළියකුට ගමනක් ද නැහැ. අද වන විට මගේ විකාශනය වන නිර්මාණ දැකලා ප්‍රේක්ෂකයන් ඒ චරිතයට අදාළ රංගනයන් පවා කරන අවස්ථාද දක්නට ලැබෙනවා. බඪඬ බධඬ, ඪදඵබචඨපචථ, ඹඩචබඵචනන වගේ සමාජ මාධ්‍ය ජාලාවල හොඳ සහ නරක යන දෙකෙන්ම සමාජගත කිරීම් ඔවුන් කරනවා මගේ චරිත. ප්‍රේක්ෂකාගාරය බලාපොරොත්තු වන චරිතය චරිත පසුබිම හා රංග ශෛලිය ගැන හොඳ අවබෝධයකින් කටයුතු කළ යුතු වෙනවා. ඒ නිසා ප්‍රේක්ෂකයාගේ ඉල්ලීමට මුල් තැනදී කටයුතු කිරීම තුළින් හොඳ නිර්මාණ රැසක් සමාජගත වනු ඇත
ඉදිරි බලාපොරොත්තු මොනවාගේද?
ප්‍රේක්ෂකයන් හැමදාම වැලඳ ගන්න හොඳ පිටපත් රචනාවක එන චරිතයකට රංගනයෙන් දායක වෙන්න කැමතියි. හොඳ දක්ෂ නිළියක් කියන නාමය සමාජගත කිරීමට තමයි මගේ ඒකායන අරමුණ බවට පත්වෙන්නේ. ඉදිරියේදී හොඳ නිර්මාණ කිපයක්ම විකාශනය හා තිරගත විමට තිබෙනවා. අද සමාජයේ ඇවිත් තියෙන තැනට මට එන්නට උදව් උපකාර කළ සියලූම දෙනාට මෙය අවස්ථාවක් කර ගන්නවා ස්තුති කරන්න.
සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න