මේ වනවිට ගායිකාවක ලෙස රටම හඳුනන පුංචි දියණියක් වූ ඇය එක් රැයකින් තම කට හඬින්ම රසිකයින් අතර ජනපි‍්‍රය වූයේ කිසිවකුත් නොසිතූ ලෙසින්ය. දෙරණ ලිටල් ස්ටාර් තරඟාවලියේ 2020 වසරේ දක්ෂතම තරුව ලෙසින් කිරුළ පැලදියේ ඇයයි. එමෙන්ම එම තරඟාවලියේ ජනතා මනාපයෙන්. ජනපි‍්‍රය රියැලිටි තරුව වූයේ ද ඇයයි. අද වනවිට ඇය ගායිකාවක සේම රංගන ශිල්පිනියක ද වී හමාරය. මේ වනවිට ප්‍රසංග වේදිකාවේ ජනපි‍්‍රය ගායන තරුවක් වී සිටින ඈ මේ දිනවල දිවයිනපුරා තිරගත කෙරෙන ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ කපුටු කොහෝ චිත්‍රපටයට රංගනයෙන් දායකවෙයි. ඈ නමින් සිහෙලි තූර්යා හා පුරා කියා චිත්‍රපට රංගනයට එක්ව සිටින සිහෙලි සරසවිය හා කතාබහට එක්වෙමින්.
ප්‍රසංග වේදිකාවේ ජනපි‍්‍රය තරුවක් වී සිටින සිනෙලි දුව රංගනයට ඇවිත් කියල ආරංචියි?
ඔව්. මම සෝමරත්න දිසානායක මහත්තයාගේ කපුටුකොහෝ චිත්‍රපටයේ රඟපෑවා මේ දවස්වල චිත්‍රපටය තිරගත වෙනවා.
මීට කලිනුත් දුව රඟපාලා තිබුණ ද?
චිත්‍රපටයක රඟපාල තිබුණේ නෑ. කපුටු කොහෝ මගේ පළමු චිත්‍රපට රංගනය නමුත් මම කලින් විශ්ව ලංකා පණ්ඩිතරත්න අධ්‍යක්ෂණය කළ අම්මාගේ ඩයරිය කියල පෝය ටෙලි නාට්‍යයක රඟපෑමක් කරල තිබුණා.
දුව දැන් අධ්‍යාපනය ලබන්නේ?
ගා / ගෝනගල මහා විද්‍යාලයේ හයවෙනි ශ්‍රේණියේ
කපුටු කොහෝ චිත්‍රපටයේ රඟපාන කොට දුවගේ වයස?
මට අවුරුදු දහයයි. එතකොට මම පාසලේ පස්වෙනි ශ්‍රේණියේ ඉගෙන ගන්නවා.
වයස අවුරුදු දහයේදී චිත්‍රපට රංගනයට එක්වන දුව මුලින්ම ටෙලි නාට්‍ය රංගනයට එක්වුණේ කොහොමද?
එතකොට මම පස්වෙනි ශ්‍රේණියේ 2020 දෙරණ ලිටල් ස්ටාර් තරඟාවලියේ දක්ෂතම තරුව වුණේ මම. ඒ වගේම ජනතා මනාපයෙන් තේරුණු ජනපි‍්‍රයම තරුවත් වුණේ මම. තරඟාවලියේ නිවේදන කටයුතු කළේ විශ්ව ලංකා මහතා එතුමා මම ගයන්න විතරක් නොවෙයි. රඟපාන්නත් පුළුවන් කියල දෙරණ ආයතනයෙන් නිෂ්පාදනය කළ පෝය ටෙලි නාට්‍යයේ රඟපාන්න මාව තෝරගත්තා.
සිහෙලි දුවට ආචාර්ය සෝමරත්නයන්ව හම්බවෙන්නෙ කොහොමද?
මේ කතාව මට කිව්වෙ මගේ අප්පච්චි මම දෙරණ ලිටල් ස්ටාර් දක්ෂතම තරුව ලෙස කිරුළ පැලඳි දවස්වල අප්පච්චිට ආශාවක් ඇති වුණාලු. සෝමරත්න දිසානායක සර්ට කියල මට සිංදුවක් ලියව ගන්න දවසක් අප්පච්චි සෝමරත්න සර්ගේ ටෙලි ෆෝන් නම්බර් එක හොයාගෙන කතා කරල කිව්වලු සර් මේ වගේ ජයග්‍රහණයක් ලබපු පුංචි දරුවෙක් ඉන්නවා සර් ලස්සන ළමා ගීත ගොඩක් දරුවන්ට ලියල තියනවා ඒ ගීතත් ගොඩක් ජනපි‍්‍රයවෙලත් තියනවා. සර්ට පුළුවන් නම් මේ දරුව වෙනුවෙන් ගීතයක් ලියල දෙන්න කියල ඒ පාර කිසිම ඇයි හොඳයිකමක්වත් නැතුව අප්පච්චි කළ මේ ඉල්ලීමට සෝමරත්න සර් මට එක සින්දුවක් නෙමෙයි සින්දු තුනක්ම ලියල දුන්නා කිසිදු මුදලක් නොගෙන.
සෝමරත්න සර් ලියල දුන්න ගීත කීපය මතක් කළොත්?
සීනි බෝල රසවුණාට…
මන්ත්‍රී දේවි මං….
මෙයින් සීනි බෝල… මන්ත්‍රී දේවි…. සින්දු දෙකම පටිගත කරල ඉවරයි මගේ නම ගහල යුටියුබ් එක සර්ච් කළොත් මේ ගීත දෙකම ඕනෙම කෙනෙකුට අහන්න පුළුවන්. හර්ෂණ දිසානායක මහත්තයා තමයි. ගීතයට තනුව දැම්මේ සෝමරත්න සර් මන්ත්‍රි දේවි මං ගීතය. එතුමන්ගේම වියදමින් විෂුවල් පවා රූගත කරල දුන්නා අපෙන් සතපහක මුදලක් අරගන්නේ නැතුව එතුමාට ලොකු ඕනෙකමක් තිබුණා ළමා ගායක ගායිකාවන්ගේ හිඩැස පිරවීමට.
මන්ත්‍රීදේවි ගීතයට නර්තනයෙන් දායකවීමත් දුවට කපුටුකොහෝ රංගනයට හොඳ මාවතක් වෙන්න ඇති?
මගේ ගායන හැකියාව වගේම නර්තන හැකියාවත් සෝමරත්න සර් හොඳින්ම දැක්කේ. මන්ත්‍රී දේවි ගීතය තුළින් මට ගායන හැකියාව තිබිල නර්තන හැකියාව නැතුව තිබුණ නම් සමහර විට මට කපුටුකොහෝ චිත්‍රපටය නොලැබෙන්න තිබුණා. ගයන්න පුළුවන්කම තිබිල නර්තනය බැරි කීප දෙනෙක්ටම චිත්‍රපටයට දායකවෙන්න නොලැබුණු අවස්ථාත් තිබුණා. මගේ නර්තන හැකියාව වගේම. ගායන හැකියාවත් හොඳින්ම දැක්ක කෙනෙක් තමයි සෝමරත්න සර්.
කපුටු කොහෝ චිත්‍රපටයේ දුවගේ චරිතය?
පැටියො දෙන්නගෙන් කොහා නංගි මම කොහා රඟපෑවේ රුසිරු විදුනිත කපුටු පැටව් දෙන්නටත් කොහා පැටව් දෙන්නටත් රඟ පෑ අපි හතරදෙනාගෙන්ම වයසින් බාලයත් මම.
ප්‍රවීණ සිනමාවේදියකු වූ සෝමරත්නයන් දුවව කොයි ආකාරයෙන් ද දර්ශනයන් සඳහා හැසිරවීම සිද්ධ කළේ?
සර් හරිම හොඳයි සමහර වෙලාවට සර් අපි එක්ක සෙල්ලම් කරන්නත් ආවා. අපිට හරිම ආදරෙන් කතා කළා සර් අපෙන් චරිතෙට ඕනෙ කරන මුමන්ට් එක කියල දුන්නා. අඬන්න ඕනෙ තැන් කලන්තෙදාල ඉන්න ඕනෙ තැන් අපිට ඉස්සෙල්ල කියල දුන්නා. සමහර දෙබස් කලින් කියල අපිට හුරු කළා.
සිහෙලි දුවගේ අනාගත බලාපොරොත්තුව ගායිකාවක් වෙන්නද? රංග ශිල්පිනියක් වෙන්නද?
මම ගායිකාවක් වෙන්න තමයි කැමති. හැබැයි විශ්ව විද්‍යාලයක සංගීතය විෂයෙන් කථිකාචාර්යවරියක් වෙන්න තමයි මගේ එකම බලාපොරොත්තුව.
ගායනයට දුව අත්පොත් තැබුවේ කොයි වගේ වයසක සිටියදී ද?
අවුරුදු දෙක හමාරෙන් වගේ මම සින්දු කියන්න මුල පිරුවා කියල තමයි අප්පචිත් අම්මත් මට කියල තියෙන්නේ.
ඒ කොහොමද මුලාරම්භය පටන් ගත්තේ?
තාත්තා තමයි මේ කතාව මට කිව්වේ බොරු මෙලඩිවලට වචන කියන්න තමයි මම මුලින්ම පටන් අරන් තියෙන්නේ මගේ තාත්තා සංගීත ගුරුවරයෙක් දක්ෂ තබ්ලා වාදකයෙක් මාව කාර් එකේ එක්ක යනකොට තාත්තා කැසට් එකක් හරි රේඩියෝව හරි දානවලු. සමහරදාට තාත්තාට තබ්ලාව ගහන්න හම්බවෙන ෂෝ වල ගායනා කරන ගීත කාර් එකේ දාගෙන යනවලු ඔය අතරේ දවසක් තාත්තා කාර් එකේ දාගෙන යන සින්දු තැටියකට මම ඒ ගීතය ළඟින් යන වචන කියමින් සින්දුවක් කියන්න උත්සාහ කරන හැටි දැකල තාත්තා සෙට් එකේ හඬ ටිකක් වැඩි කරල මට ඕනෙ විදිහට වචන ගොතන්න ඉඩහැරල තියනවා. ඊට පස්සේ තාත්තා ගෙදර ඇවිත් අම්මටත් මේ ගැන කියල සතුට වැඩිකමට වෙන ගමනක් යන හැටියට අම්මවත් කාර් එකේ නංවාගෙන වට රවුමක් ගියාලු මගේ මේ ඇහෙන තනුවට වචන දාන හැටි පෙන්වමින් කොහොම හරි මගේ උනන්දුව මේ වෙනුවෙන් වැඩිවෙනකොට තාත්තත් සංගීත ගුරුවරයෙක් නිසාවෙන් මගේ දැක්ක දක්ෂතාවයට ඉඩක් හදල දීල තියනවා. අම්මා කිව්වා මම අම්මාගේ බඩේ ඉපදෙන්න ඉන්න කොට අම්මා ආශාවෙන් ඇහුවෙත් සින්දු කියලා.
දුවට සහෝදර සහෝදරියොත් තව ඉන්නවද?
මට මල්ලි කෙනෙකුයි නංගි කෙනෙකුයි ඉන්නවා. මල්ලි අභිෂූ ක්‍රිකට්වලට හරි දක්ෂයි. නංගි සදිනි නැටුම් වලට එයා දක්ෂයි. මම පවුලේ වැඩිමලා.
දුවගේ අම්මා වගේම තාත්තා ගැනත් කිව්වොත්?
මගේ අම්මා දමයන්ති බණ්ඩාර පෙර පාසල් ගුරුවරියක් වගේම පෞද්ගලික කලායතනයක නර්තන ආචාර්යවරියක්. තාත්තා අරුණ සමරවික්‍රම සංගීත ගුරුවරයෙක් මම ඉගෙන ගන්න ගා / ගෝනගල මහාවිද්‍යාලයේ සේවය කරනවා. මේ දිනවල ජාතික රූපවාහිනියේ යන සීසෝ සංගීත වැඩසටහනේ සංගීත අධ්‍යක්ෂවරයා ලෙසත් තාත්තා කටයුතු කරනවා.
දුවට කපුටුකොහෝ බලපු තවත් අධ්‍යක්ෂවරයෙක් චිත්‍රපටයකට කතා කළොත් රඟපාන්න යනවද?
ඔව්. හැබැයි තාත්තා අම්මා මොනව කියයිද දන්නෑ. සෝමරත්න සර්ගේ ළමා චිත්‍රපටවල නම් රඟපෑමට මට ඉදිරියට තාත්තාගෙන් නම් විරුද්ධත්වයක් කෙහෙත්ම එන්නෑ. ඒත් අනික් අයගේ දේවල් වලට යන එක තාත්තා අම්මා තීරණය කරයි. ගායිකාවක විධියට මම ඉදිරිගමනක් යනවට තමයි තාත්තා වැඩිය කැමැති.
මීට කලින් කපුටු පැටව් කොහා පැටව් එකට යාළුවෙලා නිර්මාණ කාර්යක යෙදිල හිිටියද?
අපි හතර දෙනාගෙන් වැඩිමල් කෙනා වුණේ රදීන් එයත් මමත් මීට කලින් දෙරණ වැඩසටහන් වලදී හමුවෙලා තිබුණා. රදීන් දෙරණ ඩාන්සින් ස්ටාර් රදීන් තමයි මගේ නැටුම් වල හැඩ හැදුවේ. එයාට නැටුම් පුළුවන් නටන හැටි මට තේරුණේ නැතිවුණාම මම රන්දිගෙන් මම අහගත්තා.
සිනමා කැමරාවට මුල්වරට පෙනී සිටින කොට දුවට බයක් එහෙම ඇතිවුණේ නැද්ද?
නෑ. මම මිට කලින් ටෙලි නාට්‍යයක රඟපාල තිබුණ නිසා මට බයක් දැනුණේ නෑ. පිටපතේ තිබුණු දෙබස් මම ගෙදරදී හොඳට බලාගත්තා. කපුටු කොහෝ චිත්‍රපටයේ අපිට දෙබස් කියන්න තිබුණේ අඩුවෙන්. අභිනයට තමයි මුලිකත්වය දෙන්න වුණේ.
කොහෝ පැටව් කපුටු පැටව් දඟයෝ හතරදෙනා හරි හරියට දඟවැඩ කළා කියලත් ආරංචියි?
අපි යාළුවෝ වුණේ රඟපාන්න ගිිහින්. අපි රුසිරුගෙන් ගොඩක් දේ අහගත්තා එයා පිටසක්වළ ජීවීන් ගැන ගොඩක් දේ අපිට කිව්වා. එයා සංචාරක මඟපෙන්වන්නෙක් වෙන්න තමයි කැමති. මගේ කැමැත්ත මියුසික් පැත්තට රුසිරුට අපි නමක් දාල තිබුණා පිටසක්වළ ජීවියා කියලා රදීන්ට අපි කිව්වේ දඟයා කියලා එයා තමයි අපි හතර දෙනාගෙන් දඟම මට කිව්වේ සිහෙලි කියල සනුලිට කිව්වේ දුල් කියලා.
දැන් යාළුවෝ එහෙම දන්නවද දුව චිත්‍රපටයක රඟපෑවා කියලා?
ඔව්. චිත්‍රපටයේ ඇඩ් එහෙම දැන් ගොඩක් අය නරඹලා මගේ යාළුවෝ කිව්වා ඔයාගේ හඬ හරිම ලස්සනයි ලස්සනට රඟපාල තිබුණා කියලා.
දුව කපුටු කොහෝ කතාව මීට කලින් අහල තිබුණද?
නෑ. මම රඟපාන්න ගිහින් තමයි දැනගත්තේ. ඇත්තම කතාවක් කියල දැනගත්තෙත් රඟපානකොට.
දෙරණ තරඟාවලියේ ශූරයන් අතරත් තරඟාවලියක් තිබුණ නේද?
ඔව්. දෙරණ ලිටල් ටයිටස් ඒ තරඟයෙන් මම ජනපි‍්‍රයම තරුව වුණා.
කොහොමද දුව රේණු නැන්දා?
අනේ හරිම හොඳයි. වැඩකරන වෙලාවට සැරයි. අපි වෙලාවට ආවේ නැත්නම් නැන්දාට කේන්ති යනවා.
වේශ නිරූපණයේ දාපු කොණ්ඩ මෝස්තරය ගැන මොකද හිතෙන්නේ?
සති දෙකක් විතර කොන්ඩෙ එක දිගට දාගෙන හිටියා. ඊට පස්සේ ආයෙත් දාන්න වුණා. කොහොම හරි රීෂුට් දෙකක් වෙනුවෙනුත් ආයෙත් දාන්න වුණා. හතර වතාවක් චිත්‍රපටයට මම කොණ්ඩෙ දැම්මා. ස්කාෆ් එකකින් කොණ්ඩෙ බැදන් තමයි අපි ගොඩක් දවස්වලට නිදාගත්තෙත්. ඒක නම් එක වෙලාවකට වේදනාකාරිත් වුණා. දුල්නම් ඇඩුවත් එක්ක.
සිහෙලි දුව මේ දවස්වල ප්‍රසංග වේදිකාවේ ජනපි‍්‍රය තරුවක්?
එළිමහන් ප්‍රසංගවල ගීත ගායනයට යනවා අප්පච්චි එක්ක. ඇවිත් ඉන්න මාමල නැන්දල අක්කල අයියලා ඉල්ලන ඕනෙම සින්දුවක් මම කියනවා. එයාලගෙන් ලැබෙන ප්‍රතිචාරත් ඉහළයි. ඉල්ලන ඕනෙ තරමක් සින්දු කියන්න මම ලෑස්තියි. එක එක පැතිවල අය මට ආදරේට නම් එහෙමත් දාල තියනවා. රත්නපුරේ අය මට කියන්නේ චුටි අප්පු කියලා. නුවර අය මට කියනවා සුදුඅම්මා කියලත් සුදුමැණිකේ කියලත්. දෙරණ කාර්යමණ්ඩලය මට කියන්නේ ස්වීට් හාට් කියලා.
දුවගෙම ගීත කියන්න අදහසක් නැද්ද?
මම කියන්නේ ළමා ගිීතනේ. ඒවට ප්‍රසංග වේදිකාවේ ප්‍රතිචාරයක් නෑ. නටන ගීත තමයි ඕනේ මම ගීත ටිකක් දෙනවා සංවිධායකයන්ට ඒ අය තෝරලා දෙන ගීත මම කියනවා. ඕනෙම කෙනෙක්ගේ ගීත මම ගායනා කරනවා කවුරුවත් ෆලෝ කරන්නෑ.
දුවට මේ ගමන තුළ අමතක නොවන පිරිසකුත් ඇති?
ඔව් මම ලිටල් ස්ටාර් තරඟයට ඉදිරිපත් වෙලා ඉන්න කොට මගේ ගමෙනුත් ගම අවට ගම්වල හැමෝමත් ගොඩක් උදවු කළා. සමහරු මුදල් පවා මටගෙනත් දුන්නා. මම ගෙදර මිදුලේ ගීත ගායනා පුරුදුවෙනකොට මට මොනවා හරි කෑමක් අරන් හැමදාම ආපු මැණිකේ ආච්චි මට මේ වෙලාවේ ඒ හැමෝම වෙනුවෙන් මතක් වෙනවා. අදටත් මම මගේ ගමෙත් ගම අවට ගම්වලත් සංගීත ප්‍රසංගයක් තිබුණොත් කිසිදු මුදලකින් තොරව ගී ගයන්න සතුටින් එක් වෙනවා මට කළ උපකාරයට කෘතගුණ දැක්වීමක් වශයෙන්.
දුවගේ ලිපිනය මතක් කළොත්?
ගුරුහේන් ගොඩ, රංතොටුවිල
සේයාරූ – නිශ්ශංක විජේරත්න
චන්දන දයාසිරිවර්ධන