නිවස ලාංකිය සිනමාව “යුවතියකගේ සුසුම් විලාපය” මොණරවිල

“යුවතියකගේ සුසුම් විලාපය” මොණරවිල

by Mahesh
May 16, 2024 12:30 am 0 comment

භානුක නම් ඔහු, සොර කණ්ඩායමකට නායකත්වය ලබාදෙන, රාජ්‍ය නීතියෙන් වසන්ව සිටින්නා වූ අනුකම්පා විරිහිත තරුණයෙකි. දිනක් තම වන රාජධානිය කරා වේගයෙන් අසුපිට නැඟී යන ඔහු වනමැද අම්බලමක් දැක නවතින්නේ ගිමන් නිවාලන චේතනාවෙනි. එහිදී ඔහු දකින්නේ ලේ දහරාවක් මත සිහිසුන්ව වැටී සිටිනා යුවතියකි.
නොපමාව ඇයව තම නිවහනට ගෙන ගොස් ප්‍රතිකාර ලබා දී පියවි සිහියට පත් කරගනී. නමින් වන්දනා වූ ඇය පවසන්නේ තමා එම අම්බලමේදී පුතෙකු බිහිකළ බවයි. භානුකගේ කණ්ඩායම බිළිඳා සොයා ගියද හමු නොවේ.
ඇය කල්ගතවීමේදී භානුක හා පෙමින් වෙළී ඔහුට දාව දියණියක බිහිකරයි. වන්දනාගේ සොහොයුරකු වූ හමුදා නිලධාරියෙකුව භානුක විසින් ඝාතනය කළ බැව් අසා ඇය මහත් කම්පනයට පත්වේ. දෙදෙනා අතර ගැටුම් ඇතිවීමත් සමඟ වන්දනා දියණියද අතැර පලායයි. දුර ඈත ප්‍රදේශයක මල්මාලා ගොතන්නියක් ළඟ නතර වන ඇය කලකට පසුව ඇමතිවරයකු හඳුනා ගනී. ඔහු සමඟින් අනියම් ඇසුරකට යොමු වෙයි. ඇමතිගේ පුත් ධනුක හා ඇමැති බිරිය මේ පිළිබඳව වන්දනා හා වෛරයෙන් පසුවෙයි. ඒ අතරතුර පැවැති මැතිවරණයකදී ඇමතිවරයා පරාද වී, පුත් ධනුක ජයග්‍රහණය කරයි. ඇමතිවරයාට සිරගත වීමට සිදුවෙයි. ධනුකගෙන් බේරීම සඳහා වන්දනා නැවතත් පලායයි. එවිට ඇයට උදව් කරන්නේ වෛද්‍යවරයෙකි. වෛද්‍යවරයාගේ නිවසට යන එන තරුණ හමුදා සෙබළෙකු වූ ඔෂධ, ඔහුට වඩා බෙහෙවින්ම වැඩිමහල් වන්දනා කෙරේ සෙනෙහසක් පහළව ඇයට විවාහ යෝජනාවක් ඉදිරිපත් කරයි. තම කුසින් වැදූ පුතු හා දියණිය වන්දනාට මුණගැසේද? භානුක වන්දනාව සොයා ගනීද? යන පැනයන්ට පිළිතුරු ඇත්තේද මොණරවිල තුළමය.

දීර්ඝ කාලයක් පුරා කලා ක්ෂේත්‍රය තුළ රැඳී සිටිමින් හා ක්ෂේත්‍රයේ සියලු කටයුතු නිරීක්ෂණය කරමින්, එම කටයුතු සඳහා සම්බන්ධ වෙමින් ලද පන්නරය තුළින් නිර්මාණය කරන ලද රසික ලියනගේ ප්‍රථම වෘතාන්ත සිනමා වියමනයි, ” මොණරවිල”. තිර පිටපත් රචකයකු මෙන්ම ගීත රචකයෙකුද වන ඔහු, මේ දිනවල සිය දෙවන සිනමා නිර්මාණය ආරම්භ කිරීම පිණිස එහි මූලික කටයුතු සැලසුම් කරමින් සිටී.

” මොණරවිල” චිත්‍රපටයේ රංගන දායකත්වය

මාලිනී ෆොන්සේකා, සනත් ගුණතිලක, රොෂාන් රණවන, උමයංගනා වික්‍රමසිංහ, විණා ජයකොඩි, දර්ශන් ධර්මරාජ්, වසන්ත කුමාරවිල, දයාන් විතාරණ, ගයනා සුදර්ශනී, ජීව්‍යා හංසනී (හඳුන්වාදීම), සෝමපාල ලීලානන්ද, චන්දන එදිරිසිංහ, සරත් බණ්ඩාර, ස්වර්ණලතා රණසිංහ, අජිත් බණ්ඩාර, ජනනි මධුශිකා, අනූශා වික්‍රමගේ, රුවන් විරාජ් කොස්තා ඇතුළු රංගන ශිල්පීන් රැසක් දායකව ඇත.

” මොණරවිල” චිත්‍රපටයේ කාර්මික දායකත්වය

කතාව, තිර රචනය සහ අධ්‍යක්ෂණය –
රසික ලියනගේ
නිෂ්පාදනය – ලලන්ත ගුණවර්ධන,
හර්ෂණ ජයතිලක
කැමරා අධ්‍යක්ෂණය – ජනක චමින්ද අත්තනායක
කැමරා සහය – පණ්ඩු බණ්ඩාර
සහය අධ්‍යක්ෂණය – චන්දන එදිරිසිංහ
සංස්කරණය සහ වර්ණ සංකලනය –
මේඝ කොළඹගේ
ශබ්ද සැලසුම්කරණය – ඩිරාන් විජේසිංහ
අංග රචනය සහ කොණ්ඩා මෝස්තර – සෑම් පෙරේරා, මනෝජ් ලක්සිරි
කලා අධ්‍යක්ෂණය සහ ඇඳුම් නිර්මාණය – බන්දුල වීරසේකර
සටන් අධ්‍යක්ෂණය – වසන්ත කුමාරවිල
නිෂ්පාදන කළමනාකරණය – මහේෂ් නිමන්ත
කලා අධ්‍යක්ෂණය – ඩොනල්ඩ් මාපිටිගම
අංග රචනා සහය – රුවන් විරාජ් කොස්තා
පසුබිම් සංගීතය – සරත් වික්‍රම, ඩිරාන් විජේසිංහ
සංගීත අධ්‍යක්ෂණය – ආචාර්ය වික්ටර් රත්නායක
ගී පද රචනය – රසික ලියනගේ
ගී තනු නිර්මාණය -ආචාර්ය වික්ටර් රත්නායක, සරත් වික්‍රම
ගීත ගායනය – කලාශූරී ලතා වල්පොල, ආචාර්ය වික්ටර් රත්නායක, ඉෂාක් බෙග්, චමින්ද වල්පොල, ප්‍රීතිශා වල්පොල, සහන් ගුණවර්ධන

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT