නිවස ලාංකිය සිනමාව “යුගයක දෝංකාරය”

“යුගයක දෝංකාරය”

ශ්‍රී සිද්ධා

by Thanushika
September 12, 2024 12:30 am 0 comment

යුද සටන්, අංගම්පොර සටන්, ත්‍රාසය, ආදරය, හාස්‍ය සහ දෑ හැඟුමන් පිරි ”ශ්‍රී සිද්ධා” සිනමා සිත්තමට පාදකව ඇත්තේ, වසර දහසකට පෙර අපේ රට මුළුමනින්ම චෝල දේශයට යටත්ව තිබූ යුගය පිළිබඳවයි. එකල මෙරට රජවීමේ අපේක්ෂාවෙන් සිටි සිංහල කුමාරවරුන් සියල්ලන්වම චෝලයෝ විසින් ඝාතනය කළහ. එවකට 13 හැවිරිදි වියේ පසු වූ “කිත්ති” කුමරු පමණක් කැලෑ වැදී තම දිවිය ආරක්ෂා කරගත් අතර, ඔහුට ආරක්ෂාව සලසන ලද්දේ බූදලන් නම් ප්‍රාදේශීය දණ්ඩ නායකයෙකු විසිනි. ඔහුට වනයේ අල, කොළ, මුල් යානාදියෙන් සංග්‍රහ කොට පෝෂණය කරමින් හා ඔහු පසුපස හඹා ආ චෝලයන්ට වරින් වර පහර දෙමින් කිත්ති කුමරුගේ ජීවිතය බොහෝ අවස්ථාවලදී බූදලන් විසින් ආරක්ෂා කරන ලදී. වනයේ හැදී වැඩී තරුණ වියට පත් කුමරුවෝ වසර කිහිපයකට පසුව සේනා සංවිධානය කොට චෝලයන් හා යුද වැදී, ඔවුන් පරාජය කර රටින් පලවා හැරීමෙන් අනතුරුව මහා විජයබාහු නමින් සිංහලයේ සිහසුන දරමින් සිංහල දේශය යළිත් එක්සේසත් කිරීමට වෙහෙසුණහ. දේශය රැකගැනීමේ උදාර මෙහෙවර වෙනුවෙන් තම ළමා කාලයේ විඳී සියලු රජ සැප අතහැර වනයේ ජීවත් වූ විජයබාහු රජු අවසානයේ රට එක්සේසත් කිරීමේ අරමුණ පෙරදැරිව චෝලයන් සමග අවසාන මහා සටන වෙනුවෙන් තම එකම සැනසීම වූ කුලුඳුල් ප්‍රේමයද කැප කළේය.

මෙරට විවිධ සිනමා සම්මාන උළෙලයන් කිහිපයකදීම ඇගයුමට සහ සම්මානයට පාත්‍ර වූ 2011 වසරේ තිරගත වූ ”ගාමණි” සිනමා පටය සමඟින් ක්ෂේත්‍රයට පිවිසි රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකරයන් චිත්‍ර ශිල්පියෙකු, කවියෙකු, ගීත රචයෙකු, තිර පිටපත් රචකයෙකු මෙන්ම විවිධ විෂයන්ට අයත් කෘතීන් කිහිපයක්ම එළිදැක්වූ සාහිත්‍යධරයෙකු වෙයි. ”ශ්‍රී සිද්ධා” ඔහුගේ දෙවැනි සිනමා නිර්මාණයයි.

රංගනය දායකත්වය

රිටිගල සුමේධ, ජනිදු චමත් කුමාර, ජගත් චමිල, පබෝදා සංදීපනී, දිනෙත් ද සිල්වා, උදාරි වර්ණකුලසූරිය, බුද්ධික ජයරත්න, උදේනි අල්විස්, රජිත රොද්‍රිගු, සචිත්‍ර වීරසේකර, කුමාර කරුණානන්ද, රුවන් වික්‍රමසිංහ, ඕෂදී හේවාමදුමගේ, ගීතා කාන්ති ජයකොඩි, මෙලනි අශෝකා, චනුද් අධිකාරිවත්ත, කුමාර තිරිමාදුර, වසන්ත විට්ටච්චි, දමිතා අබේරත්න

කාර්මික දායකත්වය

අධ්‍යක්ෂණය, කතාව, දෙබස්, තිර රචනය සහ ගීත රචනය – අද්මිරාල් සරත් වීරසේකර

නිෂ්පාදනය – තුසිත විජයසේන, ආචාර්ය ගුණපාල රත්නසේකර, ආචාර්ය මාලිකා ජයසූරිය

කැමරා අධ්‍යක්ෂණය – චන්දන ජයසිංහ

සහය අධ්‍යක්ෂණය – විමල් දේශප්‍රිය

සංස්කරණය, ශබ්ද සැලසුම්කරණය සහ වර්ණ සංයෝජනය – ප්‍රවීන් ජයරත්න

5.1 ශබ්ද මිශ්‍රණය – සශින් ගිම්හාන් පෙරේරා

කලා අධ්‍යක්ෂණය – පැට්‍රික් ඩේවිඩ්, සුනිල් විජේරත්න

අංග රචනය – ප්‍රියන්ත දිසානායක

සටන් අධ්‍යක්ෂණය – රිටිගල සුමේධ

ඇඳුම් නිර්මාණ ශිල්පී – කුමාර කරව්දෙනිය

නැටුම් අධ්‍යක්ෂණය – ජයනන්ද ජයසිරි

නිෂ්පාදන කළමනාකරණය – නිමල් විජේසිරි සේනාධීර

විධායක නිෂ්පාදනය – ප්‍රවීන් ජයරත්න

නිශ්චල ඡායාරූප ශිල්පී – ධම්මික පතිරත්න

සංගීත අධ්‍යක්ෂණය – දිනේෂ් සුබසිංහ

ගායනය – මීනා ප්‍රසාදිනී, සමන් ලෙනින්

දෙවන සහය අධ්‍යක්ෂණය – ආනන්ද එස්. කපුගේ, සුභානි හර්ෂිකා

අධ්‍යක්ෂ සහයක – මිහිපති මධුරංග

නිෂ්පාදන සහයක – කනිශ්ක වික්‍රමතිලක

සහය අංග රචනය – ඉන්දික සේනාධීර, ශාලිත ගුණවර්ධන, මෙශාන් හේවාපන්න, තිලාන් බාලසූරිය, අවිශ්ක චතුරංග

සහය කලා අධ්‍යක්ෂණය – සුනිල් කොඩිතුවක්කු, ජනක ජයසුන්දර, සම්පත් ප්‍රියදර්ශන, ආර්.එස්. නිශාන් ඉන්දික

ඇඳුම් නිර්මාණ සහය – මනෝජ් වික්‍රමසිංහ, වජිර දයානන්ද, ප්‍රදීප් ජයසිංහ, දිමුතු ප්‍රියජනක

මූර්ති ශිල්පී – උදයසිරි උපතිස්ස

පසුතල ඉදිකිරීම් – සෝමදාස මලවිආරච්චි

අතිරේක ඉදිකිරීම් – ආරියරත්න පෙරේරා, පියල් ඉලේපෙරුම

දෙවන කැමරා ක්‍රියාකරු – සුමිත් කුමාරගේ

කැමරා සහය – ඩබ්.වී. නුවන් නිරෝශන, ගයාන් ගීතප්‍රිය, අසංක නයන ශ්‍රී

 

[email protected]

 

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT