නිවස කළා පුවත් මොනරා ටී.වී. දීපව්‍යාප්ත සම්ප්‍රාප්තිය ඇරැඹේ

මොනරා ටී.වී. දීපව්‍යාප්ත සම්ප්‍රාප්තිය ඇරැඹේ

by Thanushika
July 4, 2024 12:30 am 0 comment

ලාංකික ටෙලිවිෂන් වංශකථාවේ නූතන පරපුරේ නැවුම් රූපවාහිනී අත්දැකීම මොනරා ටී.වී. දීපව්‍යාප්ත සම්ප්‍රාප්තිය පසුගිය දින බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී විචිත්‍රවත් අයුරින් විකාශය ඇරඹිණි.

ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හා ජනමාධ්‍ය අමාත්‍යංශ‍යේ ලේකම් අනූෂ පැල්පිට මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් මෙම විචිත්‍රවත් රාත්‍රිය පැවැත්විණි.

ලයිකා සමූහයේ සභාපති අල්ලිරාජා සුභාෂ්කරන් මහතාගේ සංකල්පයක් මත ආරම්භ වූ මෙම නවතම රූපවාහිනී නාලිකාව U.H.F. සංඛ්‍යාත 14 ක්, Dialog, පියෝ T.V., Freesat, , හා සියලු සමාජ මාධ්‍යයන් මෙන්ම www.monara tv.lk වෙබ් අඩවියෙන් නැරැඹිය හැකිය.

‘සතුටින් ජීවත්වීමේ කලාව’ යන තේමාවෙන් පසුගිය අප්‍රේල් 03 දා පර්යේෂණ විකාශය ආරම්භ වූ මොනරා T.V. මෙරට අති දැවැන්තම මාධ්‍ය ජාලය වන භාෂා ත්‍රිත්වයෙන්ම සමන්විත නාලිකා 13 න් යුත් ස්වර්ණවාහිනී E.A.P. මාධ්‍ය ජාලය මෙන්ම VIS Broadcasting මාධ්‍ය ජාලයේ නවතම සාමාජිකයකු ලෙස සුවහසක් ප්‍රේක්ෂක ජනයාට එක් කර තිබේ.

ප්‍රේක්ෂක රසවින්දනය උදෙසා නවතම නිර්මාණාත්මක වැඩසටහන් රැසක් ගෙන එන මෙම නාලිකාව උදෑසන කතා කරන පත්තර සමඟින් බස් Halt, තාරකා සක්වල, වර්ණෝදය, Peacock Lane, දෙමටගොඩ හවස, Chat and tune, Check Mate වැනි වැඩසටහන් මෙන්ම නවතම දමිළ හා ඉංග්‍රීසි චිත්‍රපට උපසිරැසි සහිතව ප්‍රේක්ෂකයන්ට නැරඹීමේ හැකියාව උදාවන අතර කාලීන හා නවතම ටෙලිනාට්‍ය මෙන්ම Monara Today @9නමින් සමබර අපක්ෂපාතී ප්‍රවෘත්ති විකාශයක් සෑම දිනකම රාත්‍රී 9.00 ට එහි විකාශයට එක් කරේ.

මෙම සමස්ත මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී ධම්මික තෙන්නකෝන්ගේ මඟ පෙන්වීම මත බුද්ධික වික්‍රමාදර නාලිකා ප්‍රධානී ලෙස කටයුතු කරනු ඇත.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT