නිවස කළා පුවත් මේජර් වෙරෝනිකා දසනායකගෙන් ශාස්ත්‍රීය කථක් නර්තන ප්‍රසංගයක්

මේජර් වෙරෝනිකා දසනායකගෙන් ශාස්ත්‍රීය කථක් නර්තන ප්‍රසංගයක්

by Thanushika
September 19, 2024 12:30 am 0 comment

ඉන්දියාවේ පැටිනා නුවර ජාත්‍යන්තර ක්‍රිෂ්ණා විඥාන සංගමය විසින් ශී‍්‍ර ක්‍රිෂ්ණ ජන්මාශ්ටමි දිනය සැමරිම වෙනුවෙන් සංස්කෘතික උළෙලක් පසුගිය දින සංවිධානය කෙරිණි. එය වර්ණවත් කිරිමට ශී‍්‍ර ලංකාවත් ශී‍්‍ර ලංකා යුද්ධ හමුදාවත් නියෝජනය කරමින් කථක් නර්තන ශිලපිනී ශාස්්ත්‍රපති නෘත්‍ය නිපුන් මේජර් වෙරෝනිකා දසනායක සහභාගී විය. එයට සමගාමිව පැටිනා විශ්වවිද්‍යලයේ දි අගොස්තු මස 24 දින ශාස්ත්‍රිය කථක් නර්තන ප්‍රසංගයක් පැවැත් වූ අතර, 25 දින පැටිනා ක්‍රිෂ්ණ සංගමයේ ඇයගේ දෙවන කථක් නර්තන ප්‍රසංගය පැවැත්විණි. මෙහිදී ශාස්ත්‍රිය කථක් නර්තන අංග, ක්‍රිෂ්ණ භජන්, තුම්රි, තරාණා සමඟ ක්‍රිෂ්ණ ලීලා ඉදිරිපත් කෙරිණි.

වෙරෝනිකා, මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යලයේ සහ නුගේගොඩ අනුලා විද්‍යාලයේ ආදි සිසුවියක් වන අතර, ලක්නව් භාත්ඛණ්ඩ විශ්වවිද්‍යලයෙන් ප්‍රථම පෙළ ගෞරව උපාධියෙන්ද, සෞන්දර්ය කලා විශ්වවිද්‍යලයෙන් පශ්චාද් උපාධියද සමත් වූවාය. ඇයගේ මුල්ම කථක් නර්තන ගුරුවරිය වන්නේ මහාචාර්‍ය වෛද්‍යවති රාජපක්ෂ සහ අයිරාංගනී රාජපක්ෂ ගුරුවරියන් සහ පණ්ඩිත් අර්ජුන් මිශ්‍ර ගුරුතුමන් වේ.

ඇය ශී‍්‍ර ලංකා යුද්ධ හමුදා නර්තන කන්ඩායමේ ඉන්දියානු නර්තන අධ්‍යක්ෂිකාව වශයෙන් කටයුතු කරන අතර මෙම ඉන්දියානු සංචාරය මඟින් ශී‍්‍ර ලංකාවත් ඉන්දියාවත් අතර සංස්කෘතික මිත්‍රත්වය වැඩිදියුණු කර ගැනිමට ඇයට අවස්ථාව උදා විය.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT