නිවස කළා පුවත් මුල්ලේරියා සටනේ සමාරම්භය

මුල්ලේරියා සටනේ සමාරම්භය

by Thanushika
July 4, 2024 12:30 am 0 comment

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ලේකම් අනුර සිරිවර්ධනගේ නිෂ්පාදන සංකල්පයක් වන කලා කීර්ති සනත් අබේසේකරගේ නවතම සිනමා නිර්මාණය මුල්ලේරියා සටන සමාරම්භක උත්සවය මහා සංඝරත්නය ආශිර්වාදය මැද පසුගිය දින කොටිකාවත්ත සණස ශ්‍රවණාගාරයේදී පැවැත්වුහ.

මේ සඳහා විශේෂ ආරාධිතයන් ලෙස සිනමා අධ්‍යක්ෂ රියර් අද්මිරාල් සරත් වීරසේකර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව, ඇතුළු විශේෂ ආරාධිත අමුත්තන් රැසක් සහ රංගනයෙන් දායක වන නළු නිළියන් කලා කරුවන්, ප්‍රාදේශීය සභාවේ කාර්ය මණ්ඩලය මේ සඳහා සහාභාගි වූහ.

තිර රචනය සහ අධ්‍යක්ෂණය කලාකීර්ති සනත් අබේසේකර, නිෂ්පාදන සංකල්පය කොටිකාවත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ලේකම් අනුර සිරිවර්ධන, කැමරා අධ්‍යක්ෂණය සුජිත් නිශාන්, සංස්කරණය අජිත් රාමනායක, කලා අධ්‍යක්ෂණය ධම්මික හේවාදුවත්ත, අංගරචනය මනනුවන් රූපසිංහ, සංගීත අධ්‍යක්ෂණය දිනේෂ් සුභසිංහ, ගායනය විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස්, සහාය අධ්‍යක්ෂණය චන්දන එදිරිසිංහ, ඇඳුම් නිර්මාණය රමේසා ඕෂනි, කොණ්ඩා නිර්මාණය හරුන් ෂෙයිඩ්න්, සටන් අධ්‍යක්ෂණය සුමුදු අමල්ක හා සඳුන් පෙරේරා,නිශ්චල ඡායාරූප අමල් රෝස්ගෙනි.

සනත් ගුණතිලක, ලකී ඩයස්, රන්ජන් රාමනායක, උද්දික ප්‍රේමරත්න, ඉසුරු ලොකු හෙට්ටිආරච්ච්, නිමල් පල්ලේවත්ත, පබෝදා සංදීපනී, උදාරි වර්ණකුල සූරිය, නදීෂා හේමමාලි, චුලක්ෂි රණතුංග, ශ්‍රීමාල් වෙඩිසිංහ, දිනෙත් ද සිල්වා, රොෂාන් පිලපිටිය, විශ්ව ලංකා, නිරෝෂන් ඉලේපෙරුම, කැලුන් ශ්‍රී, රිතු ආකර්ෂා, දෙනෙත් ආකර්ෂ ඇතුළු රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් රංගනයෙන් දායක වීමට නියමිතය.

සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT