ලංකාව පුරා විසිරි සිටින උසින් අඩු මිනිසුන්ගේ සුහද හමුවක් සහ රසවින්දනාත්මක වැඩසටහනක් පසුගිය දින කොළඹදී කලාකරුවන් පිරිවරාගෙන පැවැත්විණි. මේ සඳහා ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරමින් එදිනට විශාල පිරිසක් සහභාගී වූහ. ගැයුමෙන් හා නැටුමෙන් එදින පැමිණි පිරිස රසවින්දනාත්මක වැඩසටහන වර්ණවත් කළ. මේ සඳහා මෙරට සිටින 10000 පමණ කුඩා මිනිසුන් හා අවාසි සහගත ප්‍රජාව වෙනුවෙන් ඉදිරි වසර තුළ මෙම (Little people Association) ප්‍රසංගය පැවැත්වෙන බවයි එහි සභාපති දර්ශනී නානායක්කාර සඳහන් කළේ. මෙම සංවිධානය සඳහා තවමත් එකතු වී නොමැති මිහිමිත් මිනිසුන් සියලු දෙනාට එකතු වෙන ලෙස එහි ප්‍රධාන ලේකම් ජනේෂ් චන්දිමාල් සරසවියට පැවසීය.
188
previous post
ගායන ශිල්පි අජිත් ආරියරත්න දිවිසැරියට සමුදෙයි
next post