Home » මිනිස් ආත්මය හරහා විනිවිදින අසම්මත ප්‍රේමයක අසිරිය

මිනිස් ආත්මය හරහා විනිවිදින අසම්මත ප්‍රේමයක අසිරිය

by Thanushika
February 13, 2025 1:24 pm 0 comment

ප්‍රේමය විටෙක සරල ය. විටෙක සංකීර්ණ ය. විටෙක මානසික සුවයක් ද ගෙනෙති. ප්‍රේමයේ විවිධ ස්වරූප ද ඇත. අසම්මත ප්‍රේමය ද ප්‍රේමයේ එක් කලාපයකි. ප්‍රේමයෙන් පිරී ඉතිරි යන අසම්මත වූ සමරිසි ප්‍රේමයක් පිළිබඳ කතා පුවතක් 1950 දශකයේ මෙක්සිකෝ නුවරින් වාර්තා වෙයි. කතා පුවත සිනමා තිරය මත ඇඳෙන්නේ මෙයාකාරයෙනි. වේගයෙන් කාර්මිකරණය වූ මෙක්සිකෝ නගරයේ වෙසෙන විලියම් ලී ජේත්තුකාරයෙකි. තනිකඩව වෙසෙන මැදි වයස ඉක්ම වූ විලියම් අමරිකාවෙන් සංක්‍රමණය වී මෙක්සිකෝ නගරයේ කමින්, බොමින්, ඇවිදිමින් ප්‍රීති වෙමින් දිවි ගෙවයි. විලියම් පිළිවෙළට හැඳ පැලැඳ සිටින්නට කැමති පුද්ගලයෙකි. ඔහුගේ ⁣දෛනික ජීවිතය තුළ වැඩිවශයෙන් ආශා කරනුයේ ලිංගික සබඳතා පවත්වාගෙන යෑමටයි. ඔහු⁣⁣ගේ සහකරුවන් තේරීම තුළ ඇසුරු කිරීමට වඩාත් කැමති වන්නේ තරුණ පිරිමි අය වෙති. ඔවුන් සමඟ නිරතුරුවම ලිංගික ඇසුරුකම් පවත්වයි.

රාත්‍රී සමාජ ශාලාවල ගැවසෙමින් මත්පැන් පානය කරයි. දුම්බොමින් කතාබස් කරයි. මේ අතරතුර විලියම්ට අහම්බයෙන් මෙන්.තරුණයකු මුණ ගැසෙයි. ඔහු නමින් ‘ඉයුජින් ඇලර්ටන්’ වෙති. මෙතැන් සිට විලියම්ගේ ආත්මීය සහකරු බවට පත්වන්නේ ‘ඉයුජින්’ ය. විලියම් වඩාත් ප්‍රමෝදයට පත්වන්නේ ඉයුජින්ගේ සබඳතාව ඔස්සේය. ඔහුගේ ආශාව පවතින්නේ ද ඉයුජින් ලිංගික සබඳතා ආසන්නයේ ය. මොවුන් දෙපළ ඉක්වදෝරයේ ඝන වනාන්තර වෙත අපූරු සංචාරයක් සඳහා පිටත් වේ. ඒ විලියම්ගේ කාලාන්තරයක් තිස්සේ ආශාවක්ව පවතින ටෙලිපති කරන අපූරු ගසක් සොයා යෑමයි. විලියම්ගේ ප්‍රේමය ද, අසිරිමත් ගවේෂණාත්මක චාරිකාව ද ‘Queer’ චිත්‍රපටය පුරාවට සිතුවම් වෙයි. ‘Queer’ යන්නෙහි තේරුම වන්නේ අසම්මත ලිංගිකත්වය යන්නයි. එය LGBTQ+ නමැති සුළුතර ලිංගික ප්‍රජාවේ Qභඥඥප නම් වර්ගයට අයත් වෙයි. එනම් විෂමලිංගික නොවන සහ සාම්ප්‍රදායික ස්ත්‍රී පුරුෂ සමාජභාවයෙන් වෙනස් වූ ලිංගික ස්වරූපයකි. මෙම ‘Queer’ කාණ්ඩය තුළ සිටින ප්‍රජාව ඇතැමිවිට සමරිසියන් ලිංගිකව එකතු වීම දක්නට ලැබේ. ‘Queer’ කාණ්ඩයෙහි සමලිංගික, ද්විලිංගික සහ සංක්‍රාන්තික ලිංගික අය ද සිටීමට පිළිවන. චිත්‍රපටයෙහි එන ‘විලියම්’ ස්ථානගතවන්නේ සමලිංගිකයකු වශයෙනි. ඔහුට අසම්මත ලිංගික සබඳතා ගණනාවක් තිබේ.

‘Queer’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ ‘ලූකා ගුවාඩැග්නිනෝ’ නමැති සම්මානනීය ඉතාලි සිනමාකරුවා විසිනි. ලුකාගේ චිත්‍රපටවල ඇති බහුල ලක්ෂණ ලෙස කාමුකත්වය Eroticism),, ප්‍රේමයේ සෞන්දර්යාත්මකබව සමඟ බැඳුණු LGBTQ+ ප්‍රජාව⁣ ඇතුළත් ප්‍රේමනීය කතා පුවත් නිර්මාණය කිරීමට දැඩි රුචිකත්වයක් දක්වයි. 2017 වසරේ දී තිරගත වූ ලුකා විසින් අධ්‍යක්ෂණය කළ ‘Call Me by Your Name’ නමැති ප්‍රේමනීය චිත්‍රපටය ප්‍රේක්ෂකයන්ගේ දැඩි අවධානයක් දිනාගත්තකි. 1985 දී රචිත ඇමරිකානු නවකතාකරුවකු වන ‘විලියම් එස්. බරෝස්’ විසින් රචනා කරන ලද ‘Queer’ නවකතාව පාදක කරගෙන එනමින්ම මෙම සිනමාප⁣ටය නිර්මාණය කර ඇත. සුප්‍රකට කාන්ස් සිනමා උළෙලේ ‘Golden Lion’ ත්‍යාගය සඳහා නිර්දේශ වූ “Qභඥඥප” සිනමාපටය අතිශයින් ම අපූර්වත්වයක් සහිත වූවකි. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ‘විලියමි ලී’ වෙනුවෙන් පණ පොවන්නේ හොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළු ‘ඩැනියෙල් ක්‍රේග්’ විසිනි. ‘ඩැනියෙල් ක්‍රේග්’ වඩාත් ජනප්‍රියත්වයට පත් වූයේ සුප්‍රකට ‘ජේම්ස් බොන්ඩ්’ චරිතය රඟපෑමෙනි. එවැනි ආකාරයේ අධි පුරුෂයෙකුගේ චරිතයක් නිරූපණය කළ ‘ඩැනියෙල් ක්‍රේග්’ සමලිංගික චරිතයක් වෙනුවෙන් සිදුකළ මෙම රඟපෑම වෙනුවෙන් ඇතැම් ප්‍රේක්ෂකයන්ගේ දෝෂ දර්ශනයට පවා ලක් විය.

‘ඩැනියෙල් ක්‍රේග්’ මීට පෙර ලෝක නාට්‍ය ඉතිහාසයේ වඩාත්ම සුප්‍රසිද්ධ සමලිංගික චරිතයක් රඟදැක්වීය. ඒ 1993 දී ලන්ඩනයේ ජාතික රඟහලේ පැවැත් වූ ටෝනි කුෂ්නර් විසින් රචිත නාට්‍යයක් වූ ‘ඒන්ජල්ස් ඉන් ඇමරිකා’ හි ‘ජෝසප් පෝටර් පිට්’ ලෙස රඟපෑවේය. ‘Queer’ චිත්‍රපටය ජාතික සමාලෝචන මණ්ඩලය විසින් 2024 වසරේ හොඳම චිත්‍රපට දහයෙන් එකක් ලෙස නම් කරන ලද අතර එහිදී ඩැනියෙල්ට හොඳම නළුවාට හිමි සම්මානය පිරිනමන ලදී. ඩැනියෙල්ගේ රංගනය වෙනුවෙන් ‘ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උ⁣ළෙල’, ‘විචාරකයින්ගේ තේරීම් සම්මාන උළෙල’ ආදී බොහෝ සම්මාන උත්සවයන්හිදී හොඳම නළුවා යටතේ නිර්දේශ නාම ලබා ගැනීමට හැකි වීම ඔහුගේ රංගන දිවියේ සංධිස්ථානයකි.

චිත්‍රපටයේ ආඛ්‍යානය සැකසී ඇත්තේ පරිච්ඡේද හතරක් ඇසුරිනි. එනම් පළමු පරිච්ඡේදය වන ‘ඔබ ⁣කොතරම් මැක්සිකෝ නගරයට ප්‍රිය කරනවාද?, දෙවැනි පරිචය වන ‘සංචාරය කරන සහචරයන්’, තෙවැන්න වන ‘වනාන්තරයේ උද්භිද විද්‍යාඥයා’ සහ අවසන් පරිචය වන ‘වසර දෙකකට පසුව’ යන පරිචයන් සතර ඇසුරෙන් කතාවේ ආඛ්‍යානය සැක⁣සී ඇත. චිත්‍රපටයේ සිනමාත්මක වශයෙන් පොහොසත් කරන කැමරා අධ්‍යක්ෂණය වඩාත් කැපී පෙනෙන අංශයකි. රූප රාමු සැකැස්ම තුළ ඇති කැන්වස් සිතුවම් මෙන් ඇති රූප ගොනුව කලාත්මක බවින් පොහොසත්බවක් උසුලයි. වර්ණ සංයෝජනයෙහි ඇති ක්‍රීම් පැහැ වර්ණ ප්‍රභේදය හරහා රූපවලට ලැබෙන ආලංකාරිකය විසින් ප්‍රේක්ෂකයා කුල්මත් කරවයි. කෙසේවෙතත් ‘Queer’ වැනි නූතනවාදී මිනිස් සබඳතා පෙරබිමට කැන්දාගෙන එන චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීම තුර්කි රජය විසින් තහනම් කරන ලදි. ඒ චිත්‍රපටයේ ඇතුළත්වන සමලිංගික කතා පුවත සහ ලිංගිකමය දර්ශන හේතුවෙනි.

චිත්‍රපටයේ නාමාවලිය නිල් පැහැති අකුරින් රූපය මතය ලියවෙයි. නිල් පැහැය යනු චිත්‍ර කර්මයේදී ශීත වර්ණ ගණයට අයත් වුවත්, නිල් පැහැයට ඇති උණුසුම් ගතිය කුමක්ද? නිල් පැහැය සොඳුරු ය. මනස සුවපත් කරලයි. එහෙත් නීල වර්ණයේ සැඟවුණ අර්ථය එයට වඩා වෙනස් ය. කඩවසමි පිරිමියෙකු අවිඥානික ජීවිතය වටහා ගැන්මට ඔබට ඇති හැකියාව කුමක්ද? ඔවුන්ගේ මානව සම්බන්ධතාවන්ගේ යුක්ති අයුක්ති සහගත බව පිළිබඳ සහතික දෙන්නට තරම් ඔබත් මමත් කෙතරම් අවංක වන්නේ ද? මැදිවිය ඉක්මවූ විලියම්ගේ පියකරු ජීවිතය කවර අතට ගලා යන්නේ ද වටහා ගැන්මට අප සමත් වෙන්නේ කෙසේ ද? එහි සොඳුරු මානයන් පිළිබඳ පිටස්තරයන් ලෙස වටහා ගැන්මට අප සමත් ද? ආදරයක් හටගන්නට පිරිමියාට ගැහැනියක් ම විය යුතු ද? පිරිමියකුට ගැහැනියක් සමඟ පමණ ද සදාචාරාත්මකව ආදරයක් කළේ හැකි වන්නේ. නැත. ප්‍රේමයට ලිංග භේදයක් නැත. ‘Queer’ සිනමාපටය වඩාත් වැදගත් වන්නේ නූතනයේ පවතින සමරිසි ප්‍රජාව පිළිබඳ දෘෂ්ටිවාදී අදහස ඛණ්ඩනය කරන හෙයිනි. ‘Queer’ යනු සමරිසි ප්‍රජාව පිළිබඳ ඇති සාවද්‍ය දෘෂ්ටිවාදයට එරෙහිව කරන සියුමි කියවීමක් වැන්න.

[email protected]

ඉමල්ක විතානගේ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT