නිවස කළා පුවත් ‘මාස්ටර් සර්’ ඔහුගේ චරිතාපදානයයි

‘මාස්ටර් සර්’ ඔහුගේ චරිතාපදානයයි

-ප්‍රවීණ සිනමා විචාරක ගාමිණි වේරගම

by Thanushika
May 30, 2024 1:49 pm 0 comment

රවී .. අඩසියවසක ආත්මභාෂණය , ප්‍රවීණ රූපණවේදී ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය වෙනුවෙන් පවත්වනු ලබන උපහාර උත්සවය ජුනි 5 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. පුරා අඩසියවසක් ඔහු මෙරට දේශීය සිනමාව වෙනුවෙන් සිදුකළ මෙහෙය එහිදී ඇගයීමට ලක්වන අතර, ඒ වෙනුවෙන් පවත්වනු ලබන අති ආකර්ෂණීය ප්‍රසංගයකින්ද මෙම උළෙල හැඩවෙයි. මෙදින සිදුවෙන තවත් සුවිශේෂි කර්තව්‍යයක් වනුයේ ඔහු පිළිබඳ ලියවුණු ග්‍රන්ථ ද්විත්වයක් ද්වි භාෂාවෙන් එදින දොරට වැඩීමයි. මින් එක් ග්‍රන්ථයක් ප්‍රවීණ සිනමා විචාරක ගාමිණි වේරගම විසින් රචනා කරන ලද අතර , අනෙක් ග්‍රන්ථය සිනමා විචාරයකු සහ ලේඛකයකු වන උදිත දේවප්‍රිය විසින් රචනා කර ඇත. අපේ සිනමා සාහිත්‍යයට එකතු වන මෙම නවතම ග්‍රන්ථ ද්විත්වය පිළිබඳ කරන ලද සුවිශේෂි විමසුමක් වෙනුවෙන් මෙවර අපේ අවධානය යොමු කරන ලද අතර, මෙම ග්‍රන්ථ ද්විත්වයේ ස්වරූපය පිළිබඳ එහි කතුවරුන් සමඟ කරන ලද විමසුමක් මෙහි අඩංගු වේ.

ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය පිළිබඳ සිංහල භාෂාවෙන් රචිත ‘ මාස්ටර් සර්‘ ග්‍රන්ථය පිළිබඳ එහි කතුවරයා වන ප්‍රවීණ සිනමා විචාරක ගාමිණී වේරගමයන් පළකළ අදහස් මෙසේය.

‘‘ මා විසින් රචනා කරන ලද රවී පිළිබඳ වන ග්‍රන්ථය මම නම්කළේ ‘ මාස්ටර් සර්” යනුවෙන්. රවීම කියන විදියට මේ ග්‍රන්ථය රවීන්ද්‍ර රන්දෙණිය ගේ චරිතාපදානයයි. මෙහි අන්තර්ගත වෙන්නේ රවිගේ ජීවිත කතාවේ විවිධ සන්ධිස්ථානයන්. ඔහුගේ කුඩා කාලය, ඔහුගේ පාසල් අවදිය, රවීන්ද්‍ර ලයනල් වෙන්ඩ්ට් රංග ශිල්ප ශාලිකාවේ නාට්‍ය පුහුණුව ලබන අවධිය, ඉන්පසු ඔහු සිනමාවට පිවිසීම, සිනමාවේදි, ඔහුට මුණ ගැසුණු චරිත, ඔහු අධ්‍යක්ෂණය කරන ලද විවිධ අධ්‍යක්ෂවරුන්, ඔහුගේ මිත්‍රයන් පිළිබඳ මේ ග්‍රන්ථයෙන් විස්තර වෙනවා.

නළුවෙකු වශයෙන් ඔහු සිනමාවේ නිරූපණය කරන ලද විවිධ චරිත සේම, සිනමාව වෙනුවෙන්, කර්මාන්තය වෙනුවෙන් ඔහු විසින් කරන ලද විවිධ ක්‍රියාකාරකම්, විශේෂයෙන් නළුනිළි සංගමය පිහිටුවීම වැනි කාරණා සේම, පසු කාලීනව ඔහු දේශපාලනයට යොමුවීම මෙන්ම ඔහුගේ පෞද්ගලික දිවියේ ප්‍රේමය, ආදරය, විවාහය, දරුවෝ පිළිබඳවද මෙහි අන්තර්ගත වෙනවා. ඔහුගේ සිනමා දිවි ගමන් මාවතේ සේම පෞද්ගලික දිවියේ විවිධ අවස්ථාවන් වල වැදගත්වන සුවිශේෂ ඡායාරුප එකතුවකින් ද මේ ග්‍රන්ථය සමන්විතයි. කොටින්ම කිවහොත් රවීන්ද්‍ර ගේ ජීවිතය දෙස ආපසු හැරී බලන සිනමාවලෝකනයක් .මේ ග්‍රන්ථය සරසවි ප්‍රකාශනයක් ලෙසින් දොරට වඩින අතර එය සරසවි ප්‍රකාශන අධිපති එච්. ඩී. ප්‍රේමසිරි මහතා විසින් රවීන්ද්‍ර රන්දෙණිය පනස් වසරක සිනමා ජීවිතයේ ‘රවි සම්භාෂණය‘ වෙනුවෙන් පිරිනමන ත්‍යාගයකි.

 

[email protected]

හේමාලි විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT