ශ්‍රී ලාංකේය සිනමාවේ නිළි රැජිනිය ලෙස විරුදාවලිය ලත් මාලිනි සෙනෙහෙලතා ෆොන්සේකා ජීවන රඟමඩලට සමුදී පසුගිය 24 වැනිදාට තෙමසක් සම්පූර්ණ විය.
ඒ වෙනුවෙන් එතුමියගේ මාදිවෙල පිහිටි නිවසේදි පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් විසින් සුමධුර ධර්ම දේශනාවක් සිදුකළ අතර පසුදින මහා සංඝරත්නය උදෙසා සංඝගත දක්ෂිණාවක් සිදු කෙරිණ. ඇය මිය යන විට 77 වැනි වියේ පසු වූවාය. චිත්‍රපට 150කට ආසන්න ප්‍රමාණයකට ඇය රංගනයෙන් දායක වූ අතර චිත්‍රපට නිෂ්පාදකවක සහ අධ්යක්ෂවරියක ලෙසින්ද දේශීය සිනමාව වෙනුවෙන් ඇගේ දායකත්වය පිරිනැමිණි. පවුලේ ඥාතීන් හා කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් ඇගේ තෙමස් පූර්ණ පින්කම සිදුකෙරිණි.