Home » මාලිනියටත් සෙත්පතා සුදම් සෑ රජු සම්බුදු සසුනට පූජා කළ දා

මාලිනියටත් සෙත්පතා සුදම් සෑ රජු සම්බුදු සසුනට පූජා කළ දා

ලංකාවේ කලා ශිල්පිනියකට මෙබඳු පින්කමක් සිදුකළ ප්‍රථම වතාව

by Thanushika
March 13, 2025 10:03 am 0 comment

වසර 200කට වැඩි ඉපැරණි ඉතිහාසයක් තිබෙන මොරටුව කටුකුරුන්ද මහනුග සෙවණ සමාධි අරණ විහාරයේ මහෝත්සවයක් පසුගිය දින පැවැත්විණි.

විහාරාධිපති පුජ්‍ය ඉංගිරියේ සුධම්ම හිමිපාණන්ගේ 42 වැනි ජන්ම දිනය සමරමින් සුදම් සෑ රජු සම්බුදු සසුනට පූජා කිරීම පසුගිය දා සමාධි අරණ විහාරස්ථානයේද

ශ්‍රී ලංකා අමරපුර සිරිසුමන පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය කොලොන්නාවේ සිරි සුමංගල මහනාහිමි

ශ්‍රී ලංකා අමරපුර කල්‍යාණ වංශික ශ්‍රී ධම්මාරාම සද්ධම්මයුක්තික පාර්ස්ගවයේ මහානායක අතිපූජ්‍ය මාගාල්ලේ නාගිත මහානාහිමි

ශ්‍රී ලංකා අමරපුර සිරිසුමන පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය කතලුවේ රතනසීහ අනුනාහිමි

ශ්‍රී ලංකා අමරපුර සද්ධම්ම වංශ පාර්ශවයේ වැඩබලන මහානායක අතිපූජ්‍ය රත්මලානේ සුනීත මහනාහිමි

අතිපූජ්‍ය වැල්ලවත්තේ පඥාසිරි අධිකරණ සංඝනායක මාහිමි

අතිපූජ්‍ය කරාපිටියේ සුමිත්ත බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක මාහිමි

අතිපූජ්‍ය තල්පිටියේ කෝලිත වංශ අලුත්කුරුපරණකුරු දෙකෝරලයේ ප්‍රධාන සංඝනායක මාහිමි හිමිපාණන්

ඇතුළු මහසංඝරත්නයේ වැඩම කිරීමෙන් සිදු කෙරිණ. සෑරදුන් විශාල ධන පරිත්‍යාගයෙන් ඉදි කොට සසුනට පූජා කරන ලද්දේ හිමාලි රේණුකා පීරිස් විසිනි. ඇය ලාංකේය නිළි රැජන, ආචාර්ය මාලිනි ෆොන්සේකාගේ රසිකාවකි. මේ මොහොතේ දැඩි ලෙස ගිලන් වී පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින මාලිනියට සෙත් පැතීම උදෙසාද මේ මහාර්ඝ පින්කම පැවැත්වීම සුවිශේෂී සිදුවීමකි. දක්ෂිණ භාරතීය සිනමාවේ රැජ්නි කාන්ත්, කුෂ්බූ වැනි නළු, නිළියන්ට ආශීර්වාද පිණිස එරට දේවාල ඉදි කර ඇත.

ඉන්පසු හිමාලි රේණුකා විසින් විශාල ධන පරිත්‍යාගයකින් සිදු කළ මේ සුදම් සෑ රජු සසුනට පූජා කිරීමේ පුණ්‍යීත්සවයෙහි සෙසු උතුම් අරමුණු අතර මාලිනියට සෙත් පැතීමද එක් අරමුණක් විය. හිමාලි වැනි රසිකාවන් මෙරට සිටීම ශ්‍රේෂ්ඨ කලාකරුවන්ට ආදරය, ගෞරවය දැක්වීම ඉමහත් සතුටට කරුණකි. මේ කාර්යාවලිය පිටුපස නිහඬව සිටිමින් දැවැන්ත ශක්තියක් ලබා දුන්, මාධ්‍ය සම්බන්ධීකරණ ක්ෂේත්‍රයෙහි ඉහළ පෙළේ සිටින උපුල් නිශාන්තද මාලනියට බෙහෙවින් ආදරය කරන, ගරු කරන සහෘදයෙකි. ලාංකේය කලා ශිල්පිනියක වෙනුවෙන් මෙබඳු පුණ්‍ය කර්මයක් සිදු කෙරුණු ප්‍රථම අවස්ථාව මෙයයි.

මේ සඳහා මොරටු ප්‍රාදේශිය ලේකම් සමන් ප්‍රසන්න කිරිවන්තුඩුව ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ විශේෂ ආරාධිත අමුත්තන් දායකයන් විශාල පිරිසක් සහභාගී වූහ.

[email protected]

සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT