අභප්‍රාප්ත චිත්‍රපට පසුබිම් ගායකයෙකු වූ ග්‍රේෂන් ආනන්දගේ පුත්‍රයා වූ යොවුන් ගායක මාරියෝ ආනන්ද ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයට පිවිස ඇත. ඔහු විසින් තිරරචනය සහ දෙබස් ලියා අධ්‍යක්ෂණය කරන ‘අපි මිරිස්සේ’ ටෙලි නාට්‍යය නුදුරේදීම පුංචි තිරයේ විකාශය වීමට නියමිතයි.
මෙහි මාරියෝ ආනන්ද, නෙතලි නානයක්කාර, ඩයස්, සරත් කුලාංග, බුද්ධික ජයරත්න, තුෂිනි ප්‍රනාන්දු, හර්ෂ තෙන්නකෝන්, රයන් වැන්රෝවන්, අනුරාධා එදිරිසිංහ, අනුරාධ මල්ලවාරච්චි, මධුෂාන් නානයක්කාර, රජීව් මධුමාධව, දුලංජලී චතුර්යා, සවිදි තිලකරත්න සහ තුමිර මාසිංහ රංගනයෙන් දායක වෙති. ‘අපි මිරිස්සේ’ ටෙලි නාට්‍යයේ සංස්කරණය සහ සංගීත අධ්‍යක්ෂණය ද මාරියෝ ආන්න්දගෙනි.
මෙම ටෙලිනාට්‍යය නිෂ්පාදනය කර ඇත්තේ ‘මරියෝ ආනන්ද ප්‍රඩක්ෂන්ස්’ වෙනුවෙන් දුලාංජලී චතුර්යා විසිනි.
