මායා දැල සංගීතමය උද්වේගකර ශානරයේ (Musical Melodrama) නාට්‍යයෙන් පසුව නීතිඥ කපිල ගාමිණී ජයසිංහ නිර්මාණය කරන නවතම සංගීතමය ත්‍රාසජනක ශානරයේ (Musical Suspence Thriller) නාට්‍යයේ මුහුරත් උළෙල පසුගිය දින කොළඹ 7 නිදහස් මාවතේ පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
ගාමිණී ජයලත්, උදිත ගුණරත්න, මොනිකා සේරසිංහ, කසුන් කාරියවසම්, අචිනි අබේරත්න, තරංග රුක්මල්වල, චන්න ජයනෙත්ති, බන්දුල අතාවුදහෙට්ටි රංගනයෙන් එක්වෙති. සංගීත අධ්‍යක්ෂණය නවරත්න ගමගේ ගෙනි. මෙහි මංගල දර්ශනය අගෝස්තු මස 1 වැනිදා එල්ෆින්ස්ටන් රඟහලේ දී සවස වේදිකා ගතවීමට නියමිතයි.