ප්‍රවීණ මාධ්‍යවේදි සුන්දර නිහතමානී ද මැල් විසින් රචිත මානිගේ තීරුව NOT OUT 36 සැප්තැම්බර් 29 දා ඕර්ධ්ඛ්ඩ් පරිශ්‍රයේ පැවැත්වෙන අන්තර් ජාතික පොත් ප්‍රදර්ශනයේදී ජනගත වේ. ජනගත කිරීමේ උලෙළ සවස 3.30 සිට 4.30 දක්වා පැවැත්වීමට නියමිතයි.
මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සහ මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මෙහිදී දේශන පවත්වනු ලබයි. උත්සව සභාව මෙහෙයවනු ලබන්නේ ප්‍රවීණ මාධ්‍යවේදි සමන් අතාවුදහෙට්ටි විසිනි.
සුන්දර නිහතමානී ද මැල් විසින් රචිත මානිගේ තීරුව ශ්‍රී ලංකාවේ වැඩිම කාලයක් ලියවී ඇති සිංහල පුවත්පත් තීරු ලිපියයි. වසර 2018 සිට 2025 දක්වා ලියවුණු තීරු ලිපි අසූවක් මෙහි ඇතුළත් කර ඇත. මානිගේ තීරුව NOT OUT 36 සරසවි ප්රකාශනයකි.