298
සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නගේ නවතම කෘති යුගල ගේය කාව්‍ය කතෘවරු එළැඹෙන 16 වැනිදා ප.ව. 03.30ට කොළඹ මහජන පුස්තකාලයේ ශ්‍රවණාගාරයේදී එළිදකී.
ප්‍රකට ගීත ලියූ අප්‍රකට ගීත රචකයන් 12 දෙනෙකුගේ තොරතුරු ඇතුළත් මෙම ග්‍රන්ථය ඉමාෂි ප්‍රකාශනයකි. එදින පූර්විකා සටහන සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් සිදු කරන අතර සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය රෝහණ විරසිංහ සිදු කරනු ලබයි. නිදර්ශන ගායනා උරේෂා රවිහාරි සමඟ ක්‍රිෂාන්ත එරන්දක ඇතුළු පිරිසගෙනි.
