තැපැල් දෙපාර්තමේන්තුව විසින් 2025 වර්ෂය සඳහා නිකුත් කරන ලද මුද්දර හතර අතරට සංගීත් නිපුන් සනත් නන්දසිරි වෙනුවෙන් නිකුත් වූ මුද්දරය පසුගිය දා දොරට වැඩියේය. මෙම මුද්දරය ලක්ෂ තුනක ප්‍රමාණයක් මුද්‍රණය වී ඇත.
මෙරට සංගීත ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ගාන්ධර්වරයකු වූ ද කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ හිටපු කුලපතිවරයාද වූද සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි සූරීන්ගේ 83 වැනි ජන්ම දිනය පසුගිය 15 වැනිදාට යෙදි තිබිණ. එය නිමිති කොටගෙන ප්‍රථම තැපැල් මුද්දරය ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් උඩහමුල්ල සිරි ජිනරතනාරාම විහාරස්ථාන ශ්‍රවණාගාරයේදී එදින ජනගත කිරීම සිදු කෙරිණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, වෙත තැපැල්පති රුවන් සත්කුමාර විසින් මෙම මුද්දරය පිරිනැමූ අතර ඉන් අනතුරුව සිදුවූයේ අමාත්‍ය නලින්ද ජයතිස්ස, සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසීරි මහතාගේ බිරිඳ වන ප්‍රවීණ සංගීතවේදිනි මල්කාන්ති නන්දසිරිට සහ දියණිය අනුරාධා නන්දසිරිට එහි මුල් පිටපත පිළිගැන්වීමයි. මේ සඳහා මහා සංඝරත්නය ඇතුළු කලාකරුවන් සහ විශේෂ ආරාධිත අමුත්තන් රැසක් සහභාගි වූහ.
සේයාරූ – ශාන් රඹුක්වැල්ල
[email protected]
නිශ්ශංක විජේරත්න