වේදිකා, ටෙලි නාට්‍ය සහ සිනමා රංගන ශිල්පී ධර්මප්‍රිය ඩයස්ගේ අධ්‍යක්ෂණයෙන්, ‘මම නෙවෙයි වෙන කෙනෙක්’ වේදිකා නාට්‍යය ජනවාරි 31 දා සවස පිළියන්දල මධ්‍ය විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. මෙය ‘මම නෙවෙයි වෙන කෙනෙක්’ නාට්‍යයේ සියවන දර්ශනවාරය වීම විශේෂත්වයකි.
ධර්මප්‍රිය ඩයස්, ජයනි සේනානායක, සම්පත් ජයවීර, අනුරාධා පෙරේරා, කුසල් මදුරංග, කෝරළගේ සමන්, පසන් රණවීර, බෙත්මින් ගම්සික සහ ජෙනට් ඇන්තනී රංගනයෙන් දායක වෙති.
‘මම නෙවෙයි වෙන කෙනෙක්’ නිෂ්පාදනය ලක්මාල් ප්‍රශාන් ගුණවර්ධන ගෙනි. රංග සමරකෝන් රේඛීය නිෂ්පාදනයෙන් දායකවේ. ‘මම නෙවෙයි වෙන කෙනෙක්’ සියවැනි දර්ශනය සංවිධානය කරනු ලබන්නේ පිළියන්දල මධ්‍ය විද්‍යාලයීය 93 – 96 ආදි ශිෂ්‍ය සංගමය විසිනි.
-නයනාංජලී දෙහිපිටිය