Home » මනෝරාණි සිනමාවෙන් දුටුදා

මනෝරාණි සිනමාවෙන් දුටුදා

by Thanushika
February 6, 2025 11:38 am 0 comment

සම්මානිත සිනමා අධ්‍යක්ෂ අශෝක හඳගම විසින් තිර රචනය ලියා අධ්‍යක්ෂණය කරන ලද ලයිකා නිෂ්පාදන සමාගමේ නිෂ්පාදනයක් ලෙස පසුගිය දින සිට ඡ්ඒර්‍ථ මණ්ඩලයේ සිනමා ශාලා ඇතුළු දිවයින පුරා තිරගතවීම ඇරැඹි රාණි අශෝක හඳගමගේ එකොළොස් වැනි වෘත්තාන්ත සිනමා පටයයි. සම්මානනීය නිළී ස්වර්ණා මල්ලවාරච්චි වෛද්‍ය මනෝරාණි සරවනමුත්තු චරිතයට පණ පොවන අතර රිචඩ් ද සොයිසාගේ චරිතයට ඉංග්‍රීසි වේදිකා නාට්‍ය කලාවේ යොවුන් රංගන ශිල්පී රෙහාන් අමරතුංග රංගනයෙන් එක්ව සිටි. ලලිත් ඇතුලත් මුදලී ලෙස ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලක එක්වන අතර සෙසු චරිත වෙනුවෙන් සෞම්‍ය ලියනගේ, බිමල් ජයකොඩි, අශාන් ඩයස්, සම්පත් ජයවීර, ගිහාන් ප්‍රනාන්දු, සජිත අනුත්තර, අනුරාධ මල්ලවාරච්චි, මයුර කාංචන, රිතිකා කොඩිතුවක්කු,අනුසුයා සුභසිංහ, කිංග් රත්නම්, නලින් ලුසේනා ඇතුළු නළු නිළියෝ රැසක් රංගනයෙන් එක්වෙති.

කැමරා අධ්‍යක්ෂණය චන්න දේශප්‍රිය සංස්කරණය රවින්ද්‍ර ගුරුගේ, සංගීත අධ්‍යක්ෂණය රෝහණ වීරසිංහ, අංගරචනය සහ කේෂා අලංකාර, ප්‍රියන්ත දිසානායක, වස්ත්‍රාභරණ පියතිස්ස අකුරම්බොඩ, වර්ණ සංයෝජනය දිනිඳු ජාගොඩ, දෘශ්‍ය ප්‍රයෝග චත්‍ර වීරමන්, නිෂ්පාදන සැලසුම්කරණය බිමල් දුෂ්මන්ත, රේඛීය නිෂ්පාදනය ලලන්තී අබේසිංහ, නිෂ්පාදන කළමනාකරණය මංජුල පෙරේරාගෙනි.

[email protected]

සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT