Home » මදර් ලංකා අගෝස්තු 14 වැනිදා සිට

මදර් ලංකා අගෝස්තු 14 වැනිදා සිට

by Thanushika
August 7, 2025 12:30 am 0 comment

අනූෂ සංජීව එදිරිමුනි ගේ කුලුඳුල් අධ්‍යක්ෂණය වන මදර් ලංකා එළැඹෙන 14 වැනිදා සිට දිවයින පුරා සිනමා ශාලාවල තිරගත විම ඇරැඹේ.

තරින්දි ප්‍රනාන්දු, ධනංජය සිරිවර්ධන, සෙනුකි දිසල්‍යා, බිමල් ජයකොඩි, හේෂානි ලියදිපිට, සනත් ගුණතිලක, දිල්හානි ඒකනායක, කලණ ගුණසේකර, චතුරංග කොඩිතුවක්කු, මාධනී මල්වත්තගේ ඇතුළු රංගන ශිල්පින් රංගනයෙන් එක්වෙති.

කැමරා අධ්‍යක්ෂණයෙන් සහ නිෂ්පාදන සැලසුම්කරණයෙන් රංග එස්. බණ්ඩාර, කතාව සහ තිරපිටපත ක්‍රිෂාන්ති කුලසුරිය, සහය අධ්‍යක්ෂණයෙන් නිරෝශන් එදිරිමාන්න, සංගීත අධ්‍යක්ෂණයෙන් එරංග ජයවර්ධන, වර්ණ සංයෝජනයෙන් ආනන්ද බණ්ඩාර, ශබ්ද සංකලනයෙන් ශසික රුවන් මාරසිංහ, අංග රචනයෙන් නයන උජිත්, කලා අධ්‍යක්ෂණයෙන් විහඟ දෙව්වින්, ගීත රචනයෙන් සහ ගායනයෙන් අභිෂේකා විමලවීර, සංස්කරණයෙන් ඉන්ෆිනිටි කට්ස්, නිෂ්පාදන කළමනාකරණයෙන් ලක් රුවන් ලොකුහපුආරච්චි, සහ අධ්‍යක්ෂණයෙන් ලසන්ත ප්‍රැන්සිස්, කොන්ඩා සැකසුමෙන් සන්තුෂ් නිමේෂ් ඇතුළු පිරිසක් එක්ව ඇති “මදර් ලංකා” ඉෂාන් පෙරේරා විසින් නිෂ්පාදනය කර ඇත. මෙය අයි.ඩබ්ලිව් හෝල්ඩින් සාඩම්බර ඉදිරිපත් කිරීමකි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT