Home » මතක වස්ත්‍ර විදෙස් සම්මානයට පාත්‍ර වේ

මතක වස්ත්‍ර විදෙස් සම්මානයට පාත්‍ර වේ

by Thanushika
September 18, 2025 10:28 am 0 comment

ප්‍රහර්ෂ ඉඳුනිල් සූරියබණ්ඩාරගේ අධ්‍යක්ෂණයක් වූ මතක වස්ත්‍ර කෙටි චිත්‍රපටය ඕස්ට්‍රේලියාවේ 7 වන සිඩ්නි අන්තර් ජාතික (SAFAL International Film Festival) සිනමා උළෙලේදී සම්මානයට පාත්‍ර විය.

එහිදී දකුණු ආසියානු සිනමාවේ බලාපොරොත්තු තබා ගත හැකි දක්ෂතා සහ විභවයන් පිළිබිඹු කරන නැඟී එන සිනමාකරුවෙකු වෙනුවෙන් පිරිනැමෙන’ New Horizon Jury Award’කෙටි චිත්‍රපටයට හිමිවිය.

මෙහි නෙතලි නානායක්කාර, රහල් බුලත්සිංහල, ධනුෂ්ක වන්නිනායක, චමින්ද බටුකොටුව රංගනයෙන් දායක වී ඇත.

මතක වස්ත්‍ර කැමරාකරණය ශිහාර ඔෂා ගෙනි. තිස්ස සුරේන්ද්‍ර සංස්කරණයෙන්ද, අසංක වික්‍රමසිරි වර්ණ සංයෝජනයෙන්ද, ආදිත්‍ය ප්‍රසන්න කලා අධ්‍යක්ෂණයෙන් දායක වී ඇත. අංග රචනය ජනිත ලක්ෂාන් විසිනි.

ඇමරිකාවේ Ceylon International film festival හි ගෞරවනීය තරඟකාරී අංශයට ( Honourable Mention )මතක වස්ත්‍ර තේරී ඇති අතර සම්මාන උලෙළ ලබන ඔක්තෝබර් මාසයේ පැවැත්වීමට නියමිතයි.

මතක වස්ත්‍ර කෙටි චිත්‍රපටයේ තිර රචනය, නිෂ්පාදනය, සංගීතය සහ ශබ්ද සැලසුම්කරණයද ප්‍රහර්ෂ ඉඳුනිල් සූරියබණ්ඩාර ගෙනි. මෙය ඔහුගේ පළමු කෙටි චිත්‍රපටය වන අතර ඔහු මේ වන විට University of west of England (UWE) හි සිනමාකරණය හදාරමින් සිටී.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT