හර්ෂ උඩකන්දගේ අධ්‍යක්ෂණය කරන ‘මං ආදරෙයි’ ටෙලි නාට්‍යය එළඹෙන 27 වැනිදා සිට සතියේ සෑම දිනකම රාත්‍රී 9.30ට ටී.වී දෙරණ ඔස්සේ විකාශය වේ. සාවින්දි සෙනායා, උත්පලා පීරිස්, දේශිත පීරිස්, සඳනි වක්කුඹුර, තුසිත එස් බණ්ඩාර, පබුදි කවීෂා, දෙව්මි පෙරේරා, චන්දීප වීරසිංහ, කවිඳු යසස්, බිවාන් ෂයිමිනු රාජපක්ෂ, ශශිකා මධුෂානි, සංකල්ප පෙරේරා වැනි යෞවන යෞවනියන් රැසක් පුංචි තිරයට හඳුන්වා දෙනු ලබන අතර, මහේන්ද්‍ර වීරරත්න, අශිකා මතසිංහ, ලාල් වීරසිංහ, එස්.අයි. සමරක්කොඩි, නිරන්ජලා ජයසිංහ, පැතුම් රුක්ෂාන්, අනුරාධා උදයංගනී, නිර්මලා නිශාන්ති, තිළිණි පෙරේරා, කුමුදිනී අධිකාරි, ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් එක්වෙති..
තිර රචනය හර්ෂ උඩකන්ද සමඟින් අහිංසා නිල්මිණි ගෙනි. කැමරා හා ආලෝකකරණයෙන් නිසාන් හසිත සමගින් ජනිත් ගුණසේකර, සංස්කරණය හා වර්ණ සංයෝජනයෙන් මධුර ප්‍රසාද්, සහය අධ්‍යක්ෂණයෙන් අනුරුද්ධ ගුණසේකර, කලා අධ්‍යක්ෂණයෙන් ඉන්දික බී.වික්‍රමසිංහ, අංග රචනයෙන් ළහිරු නිශාන් බුලත්සිංහල, පසුබිම් සංගීතයෙන් නිමේෂ් කුලසිංහ, පද රචනයෙන් සම්පත් ප්‍රනාන්දු පුල්ලේ සමගින් හර්ෂ උඩකන්ද, ගීත ගායනයෙන් සාවින්දි සෙනායා, හිමාෂ මනුප්‍රිය හා සශ්‍රීකා නිල්මිණි ද නිෂ්පාදන කළමනාකරණයෙන් නන්දලාල් ජයසිරි, විධායක නිෂ්පාදනයෙන් ශලිනි ප්‍රනාන්දු එක්වේ. ලාල් වීරසිංහ සහ හර්ෂ උඩකන්ද ගේ සමනිෂ්පාදනයක් වන අතර මෙය හර්ෂ උඩකන්දගේ හයවැනි ටෙලි නිර්මාණයයි.
