නිවස ලාංකිය සිනමාව බෙදුම්වාදී අරගලයේ දෝංකාරය

බෙදුම්වාදී අරගලයේ දෝංකාරය

by Mahesh
August 22, 2024 12:30 am 0 comment

සිංහල චිත්‍රපට රැසකටම සංගීතයෙන් ජීවය දුන් ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂවරයකු වන රෙක්ස් පෙරියසාමි දමිළ සම්භවයක් සහිත සංගීතවේදියෙකි. ඔහු සිය වෘත්තියේ ඉහළම තලයේ සිටින අවස්ථාවක සිංහල යුවතියක් වන කාන්තිව ජීවන මගේ සහකාරිය කරගන්නා අතර, එය රටේ සිනමා කර්මාන්තයේ බහු සංස්කෘතික පසුබිම තුළ එතරම් අමුතු දෙයක් නොවීය. නව විවාහක යුවල ධනය හා සිහින පොදි බැඳගත් ජීවිතයක් ආරම්භ කරනුයේ, කාලයත් සමඟින් කැදැල්ලට එකතු වූ පුතු ලකී සහ දියණිය මාලා ද සමඟිනි. දේශපාලන කැළඹීම්, උතුරේ බෙදුම්වාදී යුද්ධය සහ රට තුළ නිරන්තරයෙන් වැඩිවන දමිළ විරෝධී ආකල්පවලට මැදි වූ පරම්පරා දෙකක සංගීතඥයින්ගේ සුන්දර නොවූ කතාවක් තුළින් ලාංකික සිනමා කර්මාන්තයේ උස් පහත්වීම් සහිත ඉතිහාසය, “පුත්තු සහ පියවරු” තුළින් විවාදයට ලක් කෙරේ.

සිවමෝහන් සුමති මහත්මිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මහාචාර්යවරියක් වන අතර සම්මානලාභී කෙටි, වෘත්තාන්ත හා වාර්තා චිත්‍රපට නිෂ්පාදක අධ්‍යක්ෂවරියක්, නාට්‍යකාරිනියක, කිවිඳීයක මෙන්ම ශාස්ත්‍රාචාර්යවරියකද වේ. ඇය විසින් එළිදැක්වූ බොහෝ නිර්මාණ යුද්ධය හා ගැටුම්, කාන්තාවන් සහ ආන්තික ප්‍රජාවන් පිළිබඳ වන අතර, ජාතිය පිළිබඳව ප්‍රශ්නය නිවැරදිව ගෙන 2012 වසරේදී ඇයගේ ප්‍රථම සිනමා නිර්මාණය ලෙසින් “ඉඟිරුන්තු” (INGIRUNTHU) එළිදැක්වීය. ඒ මගෙන් ඇය සිනමා ව්‍යවහාරය, සිනමාව නම් සංවාදය නිර්මාණය කළාය. ඇය විසින් නිර්මාණය කරන ලද කෙටි, වෘත්තාන්ත සහ වාර්තා චිත්‍රපට අතර, ‘SHYDHA ZAARA’ ‘AMID THE VILLUS’, ‘THE SINGLE TUMBLER’, ‘SING MOTHER SING’, ‘ORANGES’,‘PIRALAYAM IN SEARCH OF A ROAD’ යන නිර්මාණද වෙයි. මෙම නිර්මාණ බොහොමයක්ම දේශීය හා අන්තර්ජාතික සම්මාන උළෙල නියෝජනය කරමින් විවිධ සම්මානයනට සහ ඇගයීමට පාත්‍රව තිබීමද විශේෂිත වේ. ජාතික මට්ටමේ සහ අන්තර්ජාතික මට්ටමේ උලෙළ රැසකම විනිශ්චය මණ්ඩලය නියෝජනය කිරීමේ අවස්ථාවන් රැසක් හිමිකරගත් ඇය අතිදක්ෂ තිර පිටපත් හා ගීත රචිකාවියක්ද වෙයි.

රංගන දායකත්වය
එස්.ඒ. විනෝජ් (රෙක්ස් පෙරියසාමි), බිම්සරා ප්‍රේමරත්න (කාන්ති), රනිල් ජිතේන්ද්‍ර (ලකී), නිරංජනී ශන්මුගරාජා (අබිසරුලිය), මෛත්‍රී රාජේස් කුමාර් (නැට්ටුවා), අමාශ්‍යා සිරිසේන (චම්පා), චේතනා විතානගේ (ගායිකාව), පණ්ඩුක ප්‍රේමවර්ධන, දනු කල්හාර, උපුල් ශාන්ත සන්නස්ගල, එස්. මෝහන් රාජ්, නිකෝලා පෙරේරා, එම්.සී. බාලන්, එම්. අලිමාන්, කුසුම් මල්දෙනිය, දයානන්ද හේවගේ, සමන් වීරසිංහ, තිළිණි නටාලියා පෙරේරා, නටාෂා කාවින්දි පෙරේරා, ගාමිණී කොස්තා, ආනන්ද එස්. කපුගේ, සුමිත් සුරංග, කේ.ඩී. චන්ද්‍රරත්න, රමේෂ් ප්‍රදීප්, ගයාන් බුද්ධික, අසංක මෙන්ඩිස්, පී. රාජපක්ෂ, එන්.ඒ.ඒ.පී. නිශ්ශංක, එච්.එන්. අක්ෂරා, ටී.ඩී.ආර්.එස්. තලකොටුන්න, බුද්ධික මංගල, මුදිත උදාර, සී ජය ශ්‍රී නායක, ඉන්දිරා ගුණසේකර, ගාමින්ද සම්පත්, චම්පික, ඒ.ඒ.සී. ජයනාත්, ධනංජය උහංඕවිට, සසිනි දිල්ෂානි, කීර්ති දිසානායක, තිලකසිරි නිශ්ශංක, අකිල සිරිවර්ධන, සුනිල් ඩී. සිල්වා, රංජිත් සෝලංග, රුවන් පුෂ්පකුමාර, සිසිර සන්දනායක, සම්පත්, ඩබ්ලිව්. පෙරේරා, එල්.අයි.සී. සිරිල්, සනත් රත්යාල එස්. මෝහන් රාජ්, නිකෝලා පෙරේරා, එම්.සී. බාලන්, එම්. අලිමාන්, කුසුම් මල්දෙනිය, දයානන්ද හේවගේ, සමන් වීරසිංහ, තිළිණි නටාලියා පෙරේරා, නටාෂා කාවින්දි පෙරේරා, ගාමිණී කොස්තා, ආනන්ද එස්. කපුගේ, සුමිත් සුරංග

කාර්මික දායකත්වය
තිර රචනය, අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය – සුමති සිවමෝහන්
සහය අධ්‍යක්ෂණය – එල්මෝ හැලිඩේ, ආනන්ද කපුගේ
කැමරා අධ්‍යක්ෂණය – සුනිල් පෙරේරා
සංස්කරණය, ශබ්ද සැකසුම සහ විධායක නිෂ්පාදනය – එල්මෝ හැලිඩේ
සහය සංස්කරණය – අනුර බණ්ඩාර
ශබ්ද පටිගත කිරීම – සසික රුවන් මාරසිංහ, ස්ටයිනර් ඇඩැම්ස්, මහින්ද මඩවල
ඩී.අයි. වර්ණ සංයෝජනය – ආනන්ද බණ්ඩාර
කලා අධ්‍යක්ෂණය – ලාල් හරීන්ද්‍රනාත්
අංග රචනය – ගාමිණී කොස්තා
ඇඳුම් සැකසුම – සංජීව කරුණාරත්න
ත්‍රිමාණ සජීවීකරණය – තිසර ධනංජය
කැමරා සහය – ආනන්ද බණ්ඩාර, නලින් ධම්මික
නිෂ්පාදන කළමනාකරණය – සුමිත් සුරංග, සහය – හස්නිම් හමීඩ්
ආලෝකකරණය – ප්‍රියන්ත, චමින්ද, මහේෂ්, ශෂෝන්
සංගීත අධ්‍යක්ෂණය – ඇන්තනී සුරේන්ද්‍ර
ගීත රචනය – සුමති සිවමෝහන්, ඇන්තනී සුරේන්ද්‍ර
ගීත පරිවර්තනය – ලියනගේ අමරකීර්ති
ගීත ගායනය – ඇන්තනී සුරේන්ද්‍ර, චන්ද්‍ර රාජසූරිය, අමාශ්‍ය සිරිසේන
විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාකරු – දයානන්ද
කැමරා උපකරණ සැපයීම – ස්ටුඩියෝ ඡ් රාගම
පසු නිෂ්පාදන කටයුතු – සරසවි චිත්‍රාගාරය, කැලණිය
මන්තරා ඩිජිටල් ඕඩියෝ ලැබ්, චෙන්නායි

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT