ප්‍රකට සිනමා සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ගාමිණී හේවාවිතාරණගේ ‘බැඳගත් බෙරේ’ ප්‍රහසන ටෙලි නාට්‍යයේ සංස්කරණ කටයුතු මේ දිනවල සිදු කෙරේ.
එරික් අබේවර්ධන, රුක්ෂාණා දිසානායක, රුක්මන් තිලකරත්න, ධනංජි තාරුකා, උදය කුමාරි, කාංචනා කාන් ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙති.
‘බැඳගත් බෙරේ’ රචනය නිල්මිණී වහින්ද්‍රාසිංහ විසිනි. සහය අධ්‍යක්ෂණය නොයෙල් ජයමහ සහ පූජා ශලෙනිගෙනි. කලා අධ්‍යක්ෂණය බන්දුල වීරසේකර වන අතර වේශ නිරූපණය ගාමිණී කෝස්තා විසිනි. කැමරාකරණය ප්‍රදිප් කුමාර ගෙනි. නිෂ්පාදන කළමනාකරණයෙන් මෙත්තානන්ද විතානගේ දායක වී ඇත.
‘බැඳගත් බෙරේ’ නිෂ්පාදනය කර ඇත්තේ ජයන්ත රාජපක්ෂ සහ කුමාරි දිසානායක වන අතර ප්‍රදීප් පෙරේරා සහය නිෂ්පාදනයෙන් දායක වී ඇත.