මාලක දේවප්‍රිය තිර රචනය කොට අධ්‍යක්ෂණය කළ “බහුචිතවාදියා” චිත්‍රපටය එළඹෙන 29 වැනිදා සිට තිරගත වීමට නියමිතය. කලණ ගුණසේකර, වීණා ජයකොඩි, ලක්ෂ්මන් මෙන්ඩිස්, දමිතා අබේරත්න, සමනලී ෆොන්සේකා, රජිත හේවාතන්ත්‍රිගේ, ඩී.බී.ගංගොඩතැන්න, සුලෝචනා විතානාරච්චි, නිල්මිනී බුවනෙක, ප්‍රසාදිනී අතපත්තු, ගීතා අලහකෝන් සහ ඔමාලි රාධිකා රංගනයෙන් එක්වෙති. මාලක දේවප්‍රියගේ නිෂ්පාදනයක් වන අතර සම නිෂ්පාදනය දයානන්ද බෝඹුවලගෙනි. හිරන්ති ගුණවර්ධන, ප්‍රියන්ත කොළඹගේ, සුරේන් දෙව්මිත් රත්නායක සහ ඩබ්ලිව් එස්. විජේසිංහ සහය නිෂ්පාදනයෙන් දායක වී ඇත. “බහුචිතවාදියා” කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන් ගේ සංවිධානයේ ඉදිරිපත් කිරීමකි.
———————
ප්‍රකට අධ්‍යක්ෂ ලාල් ප්‍රියදේව අධ්‍යක්ෂණය කළ නවතම සිනමා පටය වන හවුස් ෆුල් චිත්‍රපටය 29 වැනිදා සිට MPI මණ්ඩලයේ ඇතුළු දිවයින පුරා සිනමා ශාලාවල තිරගත වීම ඇරඹේ.
තව්තිසා චිත්‍රපට වෙනුවෙන් මොහාන් පෙරේරා නිෂ්පාදනය කරන අතර එහි සම නිෂ්පාදනය ගිහානී ප්‍රනාන්දු ගෙනි. සුනිල් ටී ප්‍රනාන්දු 75 වැනි සිනමා නිර්මාණය වෙනුවෙන් මෙම සිනමාපටය මොහාන් පෙරේරාගේ විශේෂ නිෂ්පාදනයක් වනු ඇත.
චුලක්ෂි රණතුංග, ඉසුරු ලොකු හෙට්ටිආරච්චි, ජීවන් කුමාරතුංග, නිලන්තී ඩයස්, මිහිර සිරිතිලක, කුසුම් රේණු,සමන් හේමරත්න සාලිකා එදිරිසිංහ, ඈන් මිනොෂි, ටිනී ශේහාරා, තරුෂිකා ධනංජලී, හන්සි, ඉෂි පෙරේරා, ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් එක් වෙති.