සිය දෙමව්පියන් අහිමිවීමෙන් අනතුරුව, තම සීයාගේ සෙනෙහස හා රැකවරණය යටතේ හැදී වැඩෙන, පාසැල් අවධියේ පසුවන පිරිමි දරුවකු වූ සිතුම්, යහපත් චර්යාවන්ගෙන් මෙන්ම උසස් පරිකල්පනයෙන් යුත් අධිෂ්ඨානශීලී උත්සහවන්ත ගුණ යහපත් දරුවෙකි. දිළිඳු බවින් හා සමාජයේ පීඩනයන්ගෙන් බැටකන ඔහුගේ එකම අරමුණ මෙම ත්ත්වයන්ගෙන් මිදී ජීවිතය දිනා ගැනීමයි. සිතුම් ඒ වෙනුවෙන් විවිධ කරදර බාධක මැද බොහෝ සේ කැපවීම් කළේ, තම සීයාගේද උපදෙස් ද පිළිපදිමිනි. එම අරමුණ ක්‍රියාත්මක කිරීමට සූදානම්ව සිටි සුවිශේෂී දිනදීම අනපේක්ෂිත ලෙස ඔහුව යම් මැර කන්ඩායමක් විසින් පැහැරගෙන ගොස් රහසිගත ස්ථානයක මුරකාවල් මැද රඳවා තබනු ලබයි. සිතුම්ව පැහැර ගෙන ගියේ ඇයි ද සහ ඔහු ඔවුන්ගෙන් මිදී, තම අරමුණ කරා පියවර නගන්නේද යනු, “සිහින සරුංගල්” තුලින් පෙන්වා දී ඇත.
“සිහින සරුංගල්” තාරක අධිකාරි සහ උපුල් වීරසිංහ ගේ සම අධ්‍යක්ෂණය යටතේ නිර්මාණය වී ඇත. වේදිකා නාට්‍ය ශිල්පියෙකු ලෙසින් කලා ලොවට පිවිසි තාරක අධිකාරි මේ වන විට අංග රචනා ශිල්පියෙකු, වේදිකා පරිපාලනය හා වේදිකා නාට්‍ය නිෂ්පාදක වරයෙකු, චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු, නිෂ්පාදනය කළමණාකරුවෙකු සහ නිෂ්පාදනය සැලසුම්කරණ ශිල්පියෙකු, ඇඳුම් නිර්මාණ ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකු ලෙසින් ද ක්ෂේත්‍රයේ දිගු ගමනක් පැමිණ සිටී. ටෙලි නාට්‍යය අසූවක පමණ සංඛාවකට සහ චිත්‍රපට හතළිහකට අධික ප්‍රමාණයක් සඳහා ඔහු අංග රචනා ශිල්පියෙකු ලෙස දායකව ඇත.
උපුල් වීරසිංහ පාසැල් අවධියේ දීම, “උපුල් මාමා” නමින් ළමා වැඩ සටහන් ඉදිරිපත් කරමින් කලා ක්ෂේත්‍රයට අවතීර්ණව ඇත. ඔහු වසර හතළිහක පමණ කාලයක් පුරා විවිධ රූපවාහිනී නාළිකා තුළින් හා ගුවන් විදුලි නාළිකා තුළින් ළමා වැඩ සටහන් රැසක් ඉදිරිපත් කර ඇති ප්‍රවීණ නිර්මාණවේදීයෙකි. එසේම ගීත දෙසීයක අධික ප්‍රමාණයක් ගයනා කර ඇති ගායන ශිල්පියෙකු සේම, චිත්‍රපට හා ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙකුද වෙයි.
රංගන දායකත්වය
හේමසිරි ලියනගේ, රොෂාන් රණවන , ක්ලීටස් මෙන්ඩිස්, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, මනෝහරී විමලතුංග, උපුල් වීරසිංහ, කුමාර තිරිමාදුර, අනුර ශ්‍රීනාත් හෙට්ටිආරච්චි, ආනන්ද අතුකෝරාළ , ශිරෝමිකා ප්‍රනාන්දු, චමීර සිල්වා, ජනක රණසිංහ, රෝහිත ඩයස්, ලක්ෂ්මන් අමරසේකර සහ ළමා ශිල්පීන් වන මෙතික සෙනරත්, බමාෂි චාතූර්යා, සස්නිත දෙව්මිතු වන්නිආරච්චි, ලඛිඳී සෙහන්යා වීරසිංහ, සිතුම්දි විහස්නා අධිකාරි, සඳීනි දිලස්නා අධිකාරි ඇතුළු ළමා හා ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් දායකව ඇත.
කාර්මික දායකත්වය
කතා සංකල්පය සහ සම අධ්‍යක්ෂණය – තාරක අධිකාරි, උපුල් වීරසිංහ
තිර රචනය – සනත් භාෂ්වර කරුණාරත්න
නිෂ්පාදනය – රෝහණ වන්නිආරච්චි, නවීන් රත්නායක
විධායක නිෂ්පාදනය – තාරක අධිකාරි
කැමරා අධ්‍යක්ෂණය – මංජුල පද්ම කුමාර
සහය අධ්‍යක්ෂණය සහ නිෂ්පාදන කළමණාකරණය – චන්දන එදිරිසිංහ
සංස්කරණය හා වර්ණ සංයෝජනය – ශාන් අල්විස්
5.1 ශබ්ද සංකලනය සහ සැලසුම්කරණය – තනුෂ්ක කහඳවල
දෙබස් පටිගතකිරිම – මලිත් සංජීව
අංග රචනය -ජනක රණසිංහ, සකුෂ් රාජපක්ෂ
කලා අධ්‍යක්ෂණය – චන්දන ප්‍රියංකර
ඇඳුම් නිර්මාණය – ලක්මාල් අතුකෝරාළ
සංගීත අධ්‍යක්ෂණය – කිත්සිළු වික්‍රමසිංහ
ගී පද රචනය – පූජ්‍ය පාතේගම ඤාණිස්සර හිමි
ගීත ගායනය – ගමිත් නිසංස, ලඛිඳී සෙහන්යා වීරසිංහ
පසුබිම් කථනය – අතුල ජයසිංහ
සංගීත සංයෝජනය – වජිර සුමින්ද
නිෂ්පාදනය සම්බන්ධීකරණය – චමිලා සෙනරත්
ඩ්‍රෝන කැමරාකරණය – මනිල්ක ශෙහාන්
නිශ්චල ඡායාරූපකරණය – ඉන්දික මල්ලවආරච්චි, සයුර වීරසිංහ, අනිල් නයනානන්ද
ඇන්ටන් ජේ.ප්‍රනාන්දු