නිවස ලාංකිය සිනමාව පිපුණු මල් සුවඳයි

පිපුණු මල් සුවඳයි

රෝස කළේ අපි යං

by Thanushika
September 26, 2024 11:55 am 0 comment

ළමා ලෝකේ හරිම සුන්දරයි කීවාට හැම දරුවෙකුටම ඒ සුන්දරත්වය විඳීමට වාසනාව ලැබෙන්නේ නෑ. නමුත් හැම දරුවාම සොයන්නේ සතුට මේ කතාවේදී ඔයාලට හමුවන අයියයි මල්ලියි දෙන්නත් ඒ වගේ. අග නගරයේ වුවද දැඩි ආර්ථික අපහසුතා මැද දිවි ගෙවන මේ දරු දෙන්නගේ තාත්තා යම් කරුණක් හේතුවෙන් නීතියට යටත්ව දඬුවම් විඳීන්නෙක්. එදාවේල හොයාගන්න නොවිඳීනා දුක් විඳීන අම්මාට මේ පොඩ්ඩො දෙන්නත් පිටුවහලක් වෙනවා. සම වයසේ මිතුරන් සතුටින් පසු වෙනවා දකිද්දී,මේ පුංචි හිත් අසරණවුණ වාර අනන්තයි. නමුත් ඔවුන් දන්නවා තම පවුලේ පවතින අග හිඟතා මැද ඔවුන් දකින දකින හීන හැබෑ නොවන බව. නමුත් එයාලා උත්සාහ කරනවා එයාලගේ හිත් වලටත් සතුට ළඟා කර ගැනීමට. ඒ සඳහා ඔවුන් දෙදෙනා විවිධ උපක්‍රමයන් යොදනවා. ඒ උත්සාහයන් විටෙක අතිශය සංවේදී වගේම, තව විටෙක හරිම හාස්‍යජනකයි. කුතුහලය මැද ආදරය සතුට සෙනෙහස සොයා යන ඔවුන්ගේ ගමනයි “රෝස කළේ අපි යං” තුළින් කියැවෙන්නේ. දරුවන් සෙවු සතුට ඔවුන්ට හිමිවේද? පියා නීතියට කොටුවූයේ ඇයි යන පැනයටත් පිළිතුරු නොපමාව ප්‍රේක්ෂකයාට ලැබෙනු ඇත.

“රෝස කැලේ අපි යං” අධ්‍යක්ෂ තරිඳු විමලවීරගේ කුලුඳුල් සිනමා වෘත්තාන්තයයි. නිර්මාණකරණයට නවකයෙකු නොවූ ඔහු, දිගු කලෙක පටන් ගීත රූප රචනා සහ වෙළෙඳ දැන්වීම් නිර්මාණකරණයේ නියැළී සිටින්නෙක්. ජනප්‍රිය ගීත රූප රචනා නිර්මාණකරණය වෙනුවෙන් අවස්ථා රැසකදීම සම්මානයට පාත්‍රව ඇති ඔහු, විශාල ගීත ප්‍රමාණයක් සඳහා තම නිර්මාණශීලී දායකත්වය එක්කර ඇත. පසුගිය කාලයේ ප්‍රචාරය වූ කුමාර ධර්මසේනගේ “උනන්දුවා” සුවඳ විලවුන් වෙළඳ දැන්වීමේ නිර්මාණකරුවාද ඔහු විය. කැමරා අධ්‍යක්ෂවරයෙකු මෙන්ම ප්‍රතිභාපූර්ණ සංස්කරණ ශිල්පියෙකදු වන තරිඳු, ඔහුගේ දෙවන සිනමා නිර්මාණය සඳහා මේ දිනවල මූලික කටයුතු සූදානම් කරමින් සිටී.

රංගන දායකත්වය

දමිතා අබේරත්න, රොෂාන් පිලපිටිය, නෙතලී නානායක්කාර, සරත් චන්ද්‍රසිරි, ගාමිණී හෙට්ටිආරච්චි, සමන්ත කුමාර, ධනංජනා ජයසුන්දර, මල්ෂා සෙව්වන්දි, සෙනෙත්, නිලන්ත ප්‍රදීප්, නුවන් කළු ආරච්චි, ප්‍රදීප් මානවඩුගේ, චාමර බණ්ඩාරනායක, හියාර සරණපාල, නතාෂා පෙරේරා, රෝහිත අබේගුණවර්ධන සමඟින් තිරයට හඳුන්වා දෙන ළමා නළු රවිදු හේෂාන්ද සහ දිනුත් රන්සිත් පෙරේරා

කාර්මික දායකත්වය

අධ්‍යක්ෂණය – තරිඳු විමලවීර

නිෂ්පාදනය – එන්. කේ. චිත්‍රපට

තිර රචනය – මලින්ද මධුෂාන්

කැමරාකරණය – තරිඳු වීමලවීර / නිශාන් බුද්ධික

සහය අධ්‍යක්ෂණය – මලින්ද මදුශාන් / උමේන්ද්‍ර ශෙහාන්

සංස්කරණය – නිශාන් බුද්ධික

සංස්කරණ සහය – තරිඳු විමලවීර

වර්ණ සංයෝජනය – හසිත් ජයසංඛ

කලා අධ්‍යක්ෂණය – ධනුෂ්ක හේමන්ත

අංග රචනය – සමීර විජේසිංහ සහ ෂේන් සිල්වා

ශබ්ද පටිගත කිරීම – සංජය ගොඩකවෙල

ශබ්ද පටිගත කිරීමේ සහාය – ජගත් පුෂ්පකුමාර

කැමරා සහාය – චමින්ද ලක්මාල්

ශබ්ද සැලසුම්කරණය සහ සංගීත අධ්‍යක්ෂණය – රදීශ් වැන්දබෝනා

ගී පද රචනය – රේ රූ

ගීත ගායනය – ආක්ෂා චමුදි / රදීශ් වැන්දබෝනා

නිෂ්පාදන කළමනාකරණය – නිලන්ත ප්‍රදීප්

නිෂ්පාදනය මූල්‍ය කළමනාකරු – සචිරු ෆර්නෑන්ඩු

අලෝකකරණ ශිල්පීන් – උදය වසන්ත, මංජුල පද්ම කුමාර, නිරෝෂන් ක්‍රිෂාන්ත, සම්පත් වසන්ත, චන්න කුමාර

ඇඳුම් නිර්මාණය – ධනුෂ්ක හේමන්ත / සමීර විජේසිංහ

නිශ්චල ජායාරූප – කවීත් මිලින්ද

ආහාර පාන සැපයීම – සඳුන් තුෂාර

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT