නිවස ලාංකිය සිනමාව පාතාල නීතියේ භීතිය ගිනි අවි සහ ගිනිකෙළි

පාතාල නීතියේ භීතිය ගිනි අවි සහ ගිනිකෙළි

by Mahesh
September 5, 2024 12:30 am 0 comment

අධ්‍යක්ෂකවරයා විසින් මෙයට ප්‍රථම මෙනමින් එළිදක්වන ලද චිත්‍රපටියේ දිගුවක් ලෙසින් මෙය නිර්මාණය වී ඇත. ඇඳුම් මසන්නියක ලෙස දිවි ගෙවන සීතා ඇගලුම් කම්හල්වලින් ඉවතලන රෙදි කැබලි ගෙනැවිත් ළමා ඇඳුම්, පාපිසි මසා විකුණා දිවි ගෙවන්නීය. ඇයගේ පුත්‍රයා වූ මංජු සිහින දකින්නේ කතෝලික පූජකවරයෙකු වීමටයි. ලකී යනු ඇඳුම් සොරකම් කර විකුණා ජීවත් වන මදාවියෙකි. පසු කලෙක සිය මිතුරෙකුගේ මාර්ගයෙන් සැම්සන් නමැති ප්‍රබල ඇමතිවරයෙකුගේ අනියම් ආරක්ෂක නිලධාරියකු ලෙස සේවයට එක්වෙයි. මංජුගේ බාප්පා වන පැටී මේ වන විට සිටින්නේ බන්ධනාගාර ගතවය. එහිම සිටින පාතාල නායක නිහාල්, කිසියම් දිනෙක තමාගේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට පැටී තර්ජනයක් වේ යැයි සිතා සැලසුම් සහගතව බන්ධනාගාරය තුළදීම පැටීව ඝාතනය කරයි. තම පියා මියගිය පසුව තමන්ව ආදරයෙන් රැකබලා ගත් තම බාප්පාගේ මරණය මංජුට දරා ගත නොහැකි වෙයි. මංජු තම සගයන් කීප දෙනෙකු හා එක්ව නිහාල්ගේ කඳවුරේ කිහිප දෙනෙකුම ඝාතනය කරයි. රටේ පවතින භීෂණකාරී තත්ත්වය තුළ සන්නද්ධ අරගලකරුවන්ගේ ප්‍රහාරවලින් සැම්සන් ඇමතිවරයා ආරක්ෂා කිරීමට ලකී සමත්වීමත් සමඟම ඔහු කෙරේ දැඩි පැහැදීමකට පත්වන ඇමතිවරයා විවිධ වරදානයන් ඔහුට ලබා දෙයි. මේ අතර මංජු පෝල් නමැති එම පක්ෂයේම තවත් ප්‍රබල ඇමතිවරයෙකුගේ සේවයට එක්වේ. නොයෙකුත් හේතූන් මත මංජු හා ලකී අතර ගැටුම් ඇති වෙයි. ජනාධිපතිවරණය ආසන්නයේ ලකී විරුද්ධ පක්ෂයේ ඇමතිවරුන් දෙදෙනකු ඝාතනය කිරීමත් සමඟම පාතාලය තුළ ගැටලු රැසක් මතුවෙයි. උණ්ඩයට උණ්ඩයෙන් පිළිතුරු දෙන ලෙයට ලෙයින් පළිගන්නා පාතාලයේ භීතිය කවුරුන් කවදා විසඳාවිද?

නිර්මාණශීලී චිත්‍ර ශිල්පියකු ලෙසින් කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වූ සම්මානනීය ප්‍රවීණ සිනමා නිර්මාණවේදී උදයකාන්ත වර්ණසූරිය විසින් 1998 වසරේදී තිරගත කළ “ගිනි අවි සහ ගිනි කෙළි” චිත්‍රපටය දිගුවක් ලෙසින් ”ගිනි අවි සහ ගිනි කෙළි – 2” තිරගත වීමට නියමිතව ඇත. ඔහු මෙයට ප්‍රථම මහමෙර උසට (1997), ගිනි අවි සහ ගිණිකෙලි (1998), බහු භාර්යා (1999), රාජ්‍ය සේවය පිණිසයි. (2000), රෝස වසන්තෙ (2001), බහුභූතයෝ (2002), ලේ කිරි කඳුළු (2003), යකඩ පිහාටු (2003), දිය යට ගින්දර (2004), රන්දිය දහර (2004) , හිරි පොද වැස්ස (2006), රං කෙවිට (2007), ආසයි මං පියාඹන්න (2007) , පායා එන්න හිරු සේ (2009), චැලේන්ජර්ස් (2011) , සෙනෙසුරු මාරුව (2012), රං කෙවිට -02 (2013), කොස්තාපල් පුඤා්ඤාසෝම (2014), බහු භූතයෝ – 02 (2015), බන්ධනය (2017), මධුර චාරිකා (2018), වස්සානේ සඳ (2018) , ප්‍රසිඩන්ට් සුපර්ස්ටාර් (2019) , ගිනිමල් පොකුරු (2021) ගින්දරී -03 (2022) සහ ”රිදී සීනු” (2024) යන චිත්‍රපට ප්‍රේක්ෂකයා වෙත ගෙන එන ලදී. ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද ”සාජන්ට් පුංචිසෝම” ඉදිරියේදී තිරගත කිරීමට නියමිතව ඇත. මැණික් කැටයම ඒකාංගික ටෙලි නාට්‍ය නිර්මාණය කරමින් පුංචි තිරයට පිවිසි ඔහු පසුව හුමාලය, එකගෙයි කුරුල්ලෝ, දිය සුළිය, සාගරය පරදා සහ සෙනෙහසේ ගීතය වැනි ප්‍රාසාංගික ටෙලි නිර්මාණ තුළින් පුංචි තිරය සරසන ලද ඔහු මේ දිනවල ”හිරිපොද වැස්ස – 02” නිර්මාණයේ මූලික වැඩකටයුතුවල නියැළී සිටී.

රංගන දායකත්වය
ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, ධනුක ඩිල්ශාන්, ලකී ඩයස්, රත්නා ලාලනී ජයකොඩි, පාලිත සිල්වා, රංගන ප්‍රේමරත්න, කුමාර වඳුරැස්ස, රොජර් සෙනෙවිරත්න, අනුර බණ්ඩාර රාජගුරු, ගිහාන් ප්‍රනාන්දු, ශ්‍රීමාල් වෙඩිසිංහ, අනුර හොරේෂස්, කුසල් මධුරංග, ජගත් බෙනරගම, සුනීතා විමලවීර, අසංග පෙරේරා, නිමල් පල්ලේවත්ත, මෙනුක ප්‍රේමරත්න, භානු කොඩිකාර, නන්දන හෙට්ටිආරච්චි, මදුශාන් නානායක්කාර, විරාජ් මාලිංග, රාජිත රොද්‍රිගු, මෙහාන් හෙට්ටිආරච්චි, කපිල සිගේරා, ප්‍රසාද් සූරියආරච්චි, දේශිත කාවින්ද, තාරා කළුආරච්චි, නවෝද් ලක්ෂාන්, අයේෂා මධුෂානි, රංජිත් රූබසිංහ, සඳුන් බණ්ඩාර, වසන්ත ගීතආරච්චි, සුරේන්ද්‍ර ප්‍රනාන්දු, අවන්ත පෙරේරා, ජානක හාල්පන්දෙනිය, ධම්මික ගුණවර්ධන, නුවන් කළුආරච්චි, ඔෂී විජේතුංග, මංජුල ෆොන්සේකා, මංජිත තෙන්නකෝන්, චමින්ද රුවන් කුමාර

කාර්මික තොරතුරු
තිර රචනය සහ අධ්‍යක්ෂණය – උදයකාන්ත වර්ණසූරිය
කතාව – අනුර හොරේෂස්
නිෂ්පාදනය – උදයකාන්ත වර්ණසූරිය, අනුර හොරේෂස්, කුමාර වදුරැස්ස, ඩන්ස්ටන් අතුල, ලතා වර්ණසූරිය, මධුරංගි වැලිවිට, අශෝක ජයලත්, රුවන් දිසානායක, සහන් වර්ණසූරිය.
කැමරා අධ්‍යක්ෂණය – අයේෂ්මන්ත හෙට්ටිආරච්චි
කැමරා සහය – හර්ෂණ කරුණාතිලක, කසුන් චාමර, තමිඳු දිල්ෂාන් අල්විස්, සහීෂ තෝමස්
සංස්කරණය සහ වර්ණ සංයෝජනය – රුවන් චාමර රණසිංහ
සහය අධ්‍යක්ෂණය – ඩොනල්ඩ් ජයන්ත
දෙවැනි, තෙවන සහය අධ්‍යක්ෂණය –
ප්‍රියන්ත පතිරගේ, චාපා බණ්ඩාර
ශබ්ද මිශ්‍රණය – ශසික රුවන් මාරසිංහ
කලා අධ්‍යක්ෂණය – ඇහැලියගොඩ සෝමතිලක
වේශ නිරූපණය – නලින් ප්‍රේමතිලක
නිෂ්පාදන කළමනාකරණය – අශෝක ආරියරත්න
නිශ්චල ඡායාරූප හා දර්ශන තල රූපගත කිරීම –
ධම්මික පතිරත්න
සංගීත අධ්‍යක්ෂණය සහ ගායනය – චිත්‍රාල් සෝමපාල
ගී පද රචනය – අනුර බණ්ඩාර රාජගුරු, චිත්‍රාල් සෝමපාල
ආලෝකකරණය – යාපා බණ්ඩාර, බුද්ධික කැළුම්, ගයාත්‍ර බ්‍රැන්ඩි ගම්පොල, අමිල සම්පත් ගුරුගේ
සහාය කලා අධ්‍යක්ෂණය – පාලිත මදනායක, චාමර හෙට්ටිආරච්චි

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT