සම්මානනිය කලා ශිල්පී ප්‍රියන්ත සිරිකුමාර ඇගැයීම පසුගියදා කැස්බියන්ස් – කැස්බෑව සෞන්දර්යයේ ශක්තිය සංවිධානය මඟින් කැස්බෑව නගරසභා ශ්‍රවණාගාරයේදී සිදුකෙරිණි.
1980 දශකයේ සිට වේදිකාව, ටෙලිනාට්‍ය හා සිනමාව යන ක්ෂේත්‍ර ත්‍රිත්වයේ රංගනය, අංග රචනය, අධ්‍යක්ෂණය යන අංශවලින් දැක්වු විශිෂ්ටත්වය හා ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්වය සංගමය මඟින් පිදෙන බුන්කා සම්මානය වැනි විදේශීය සම්මානවලින් පිදුම් ලැබීම, 2024 වසරේ රයිගම් හා සුමති සම්මාන උලෙළවල හොඳම නළුවාට හිමි සම්මානය හිමිකර ගැනීම මුල්කර ගනිමින්, මෙම උපහාර උලෙළ සංවිධානය කර තිබුණි. එහිදී මෙම සම්මානය ප්‍රියන්ත සිරිකුමාර හට පිරිනැමුණේ බුද්ධ ශාසන, ආගමික කටයුතු හා සංස්කෘත කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි අතිනි. මේ සඳහා කැස්බියන්ස් සංවිධානයේ සභාපති ප්‍රවීණ සංස්කරණ ශිල්පී රවීන්ද්‍ර ගුරුගේ, ප්‍රවීණ නාට්‍යවේදී නීතීඥ ඩග්ලස් සිරිවර්ධන, ප්‍රවීණ රංගනවේදී ශ්‍රියාණි අමරසේන, මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර ඇතුළු කලාකරුවන් ඇතුළු විශේෂ ආරාධිත අමුත්තන් රැසක් සහභාගි වූහ.