වේදිකාවේ, ටෙලි කලාවේ සහ සිනමාවේදී කාන්තාවන්, තරුණියන් අපට හමුවන්නේ රංගන ශිලිපිනියන් ලෙසය. එහෙත් ඇතැම් රංගන ශිල්පිනියන් කලා ක්ෂේත්‍රයේ විවිධ වූ අංශයන්ගෙන් දස්කම් දක්වති. ප්‍රවීණ රංගන ශිල්පිනී රත්නශීලා පෙරේරාද එවැනි කුසලතා රාශියකින් පිරිපුන් දක්ෂ රංගන වේදිනියකි. ඇය රංගන ශිල්පිනියකට අමතරව වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරියකි. තිර පිටපත් රචිකාවකි, ගායන ශිල්පිනියකි, ගත් කතුවරියකි. ඇය මෙවර සරසවියට ගොඩවූයේ ඇය විසින් රචනා කරන ලද නවතම ග්‍රන්ථ ද්විත්වය එළිදැක්වීම සහ එදින වේදිකා ගතවූ නවතම වේදිකා නාට්‍ය වන දුවපාං මචාං ප්‍රහසන නාට්‍ය පිළිබඳ සරසවිය හමුවේ අදහස් දැක්වීමටයි.
මම රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කළත් නාට්‍ය අධ්‍යක්ෂණයටද යොමු වූ කෙනෙක්. වේදිකා නාට්‍ය කිහිපයක්ම මම අධ්‍යක්ෂකණය කරල තියෙනවා. ඒ අතර මගේ නාට්‍ය පිටපත් මෙන්ම අන් අයගේ නාට්‍ය පිටපත්ද අයත් වෙනවා. ජොසී බබා, සුරඹා, ජීවන විල (පර්යේෂණාත්මක පිටපතක්), සිරි රඟ සොබනා සහ සංජය ලීලාරත්න සමඟ කළ කරපිංචා ඕනේ වේදිකා නාට්‍යයත් ඉන් කිහිපයක්. ඒ වගේම ශශ්‍රී වික්‍රම නූර්තියද විශේෂයෙන් සඳහන් කළ යුතුයි. එය නූර්ති ශෛලියට අයත් වූවක්. මා වැඩිපුර නූර්ති ශෛලියෙන් වේදිකාවේ රඟපෑවත් මම එයටම සීමා වී නැහැ. විවිධ ගණයේ වේදිකා නාට්‍යවල මා රඟපාල තියෙනවා. නාට්‍යවේදී දයානන්ද ගුණවර්ධනයන්ගේ වේදිකා නිර්මාණ සියල්ලේම පාහේ මම රංගනයේ යෙදුණා. ජසයා සහ ලෙන්චිනා, නරිබෑනා , මධුර ජවනිකා, ගජමන් පුවත, බක්මහ අකුණු සහ දෙන්නා දෙපොළේ නාට්‍යවල මම දස දහස් වාරයක් පණපොවා තිබෙනවා. ඒ වගේම ආර්.ආර්. සමරකෝන්ගේ කකුල් හතරේ ඉලංදාරියා, චන්ද්‍රසේන දසනායකගේ ‘ රන්කඳ ‘ වගේම රයිගම් බණ්ඩා නාට්‍යවල රංගනයෙන් දායක වුණා.
ඉහතින් මම සඳහන් කළේ රංගනයෙන් දායක වූ නාට්‍ය සහ මම අධ්‍යක්ෂණය කළ නාට්‍ය. ඒ හේතුවෙන් මම කල්පනා කළා දැන් නිර්මාණකරණයේ යෙදෙන්න. මගේ මව කාන්ති කුමාරි. ඇය නූර්ති නාට්‍ය ශිල්පිනියක්. ඇයගේ ආභාසය කුඩාකළ සිටම මට ලැබුණා. අපේ නිවසට නිතර කලාකරුවන් ආගිය නිසා ඔවුන් සමඟ සමීපව කටයුතු කරන්න මට අවස්ථාව ලැබුණා. මවගේ ආභාසය නිසා මට කලා ක්ෂේත්‍රයේ බොහෝ දුර යන්න හැකිවීම ආඩම්බරයට කරුණක්.
විශේෂයෙන් මෙවර සරසවියට පැමිණියේ පසුගියදා එළි දැක්වූ මගේ ග්‍රන්ථ පිළිබද කතා කරන්න. මම මින් පෙර ග්‍රන්ථ කිහිපයක් එළිදැක්වූවා. ටවර් හෝල් සුපිරි තරු සහ ටවර්හෝල් සියවස් පුරාණය යන ග්‍රන්ථ දෙක. මෙවර එළිදැක්වූයේ ” කරළියේ ප්‍රහසනය සහ ජනමතය නැමති ග්‍රන්ථයත් ” ටවර් හෝල් සියවස් පුරාණය ‘ ග්‍රන්ථයේ ඉංග්‍රීසි පරිවර්තනය වන Chronicle of the Century old Tower Hall. එය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමට දායක වුණේ නිමල් ජයසිංහ මහතා.
මගේ දර්ශනපති උපාධිය සඳහා මා පර්යේෂණයක් සිදුකළා. නිබන්ධනයක් සැකසීමට මා ඒ සඳහා යොදා ගත්තේ ‘ වේදිකාවේ ප්‍රහසන කාර්යය කුමක්ද යනවග. වේදිකා නාට්‍ය දෙස බැලුවහොත් බහුතරය ප්‍රහසනය පාදක කරගත් නිර්මාණ. දේශ්පාලන සහ ගෘහස්ථ ඇතුළු තවත් විවිධ මාතෘකා ඔස්සේ ප්‍රහසන නාට්‍ය බිහිවෙනවා. ප්‍රේක්ෂකයා වැඩි වශයෙන් රොක් වන්නේ විනෝදකාමී නිර්මාණ වටා. අපි හැමදෙනාම කැමති සතුටින්, විනෝදයෙන් හිනාවෙලා ජීවත් වෙන්න. අද ජන සමාජය ඉතා කාර්ය බහුලයි. ලංකාවේ පමණක් ලෝකයේ ජීවත් වන සියලු දෙනා කැමති සතුටින් ඉන්න. එනිසා ඔවුන් ප්‍රහසන නිර්මාණ වටා ඒකරාශී වෙනවා. ශශ්‍රී ලංකාව තුළ විවිධ මාතෘකා යටතේ හාස්‍ය මුසු නිර්මාණ බිහිවී තිබෙනවා. පසුගිය කාලයේ හාස්‍ය මුසු නාට්‍ය රැල්ලක් බිහිවුණා. මම ඒ නිර්මාණ විවේචනය කරන එක සුදුසු නැහැ. එහෙත් ඇතැම් නිර්මාණ සාර්ථක වූ නමුත් ඇතැම් නිර්මාණ අසාර්ථක වුණා. විශේෂයෙන් ටෙනිසන් කුරේගේ නාට්‍ය නිර්මාණ සහ නිහාල් සිල්වාගේ ප්‍රහසන නාට්‍ය වටා ජනතාව රොක්වුණා. නිහාල් සිල්වාගේ ‘ සාජන්ට් නල්ලතම්බි නස්ට්‍යයෙන් ජනතාව තුළ ප්‍රබෝධයක් ඇතිවුණා.
ලෝකයේ නාට්‍ය කලාවේ මූලාරම්භය ඇතිවුණේ ග්‍රීසියේන් සහ භාරතයෙන්. බටහිර රටවල ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් වැනි පඬිවරයන් ප්‍රහසනය පිළිබද විවිධ වූ මත පළකර තිබෙනවා. ඒ වගේම ජපානය, රෝමය වැනි රටවලත් විවිධ රසයන්ගෙන් යුත් ප්‍රහසන නාට්‍ය නිර්මාණ බිහිවී තිබෙනවා. මා එළිදැක්වූ ග්‍රන්ථයේ බොහෝම අපූරුවට ඒ පිළිබද විග්‍රහ කර තිබෙනවා.
නාට්‍ය නිර්මාණයක් බිහි කිරීමේදී මුල සිට අඟ දක්වා ප්‍රහසනය ඇතුළත් විය යුතුයි කියා නීතියක් නැහැ. බටහිර රටවල මෙන්ම පෙරදිග නාට්‍ය නිර්මාණවල ප්‍රහසනය ඇතුළත් වුණා. ඉන්දියාවේ භරතමුනි නාට්‍ය ශාස්ත්‍රය තුළ ඔහු කෙසේ ප්‍රහසනය භාවිතා කළාද යන්න පිළිබද සවිස්තරාත්මකව කරුණු දක්වා තිබෙනවා මගේ ග්‍රන්ථයෙන්. එසේ විකාශය වෙමින් ආ ප්‍රහසන නාට්‍ය කලාව ලංකාව තුළ පැතිර ගියේ කෙසේද කියා ඊළඟ පියවරෙන් විග්‍රහ කරන්න පුළුවන්.
අපේ රටේ නාට්‍ය කලාවේ මූලාරම්භය සිදුවන්නේ කෝලම්, දහ අට සන්නිය වැනි නර්තනාංග ඔස්සේය. එසේ බිහිවූ නාට්‍ය, නූර්ති, ටීටර් යුගය පසු කරමින් 1956 වකවානුවේ නව නාට්‍ය යුගය ආරම්භ වුණා. ඒ අනුව මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, දයානන්ද ගුණවර්ධන, සුගතපාල ද සිල්වා, ගුණසේන ගලප්පත්ති, ධර්මසිරි බණ්ඩාරනායක, ජයන්ත චන්ද්‍රසිරි, වේදිකා නාට්‍යවල සෘජුවම ගැබ් වී නොතිබුණත් එහි සාමාන්‍ය පරිදි කිසියම් ප්‍රහසනයක් ගැබ්වී තිබුණා. හාස්‍ය , නාට්‍ය කලාවේ භාවිත වන නමුත් බහුලව කතාබහට ලක් නොවූ මාතෘකාවක්. එහෙත් බොහෝ නාට්‍යවල මූලික ආයුධය හාස්‍යය. ඒ නිසාමයි මට සිතුණේ ප්‍රහසනය පිළිබද ග්‍රන්ථයක් පළ කරන්න. නාට්‍ය කරුවන් ප්‍රහසනය කුමක්ද යන්න දැන හෝ නොදැන නිර්මාණ කරනවා. මම මගේ ග්‍රන්ථයෙන් පෙන්වා දෙන්නේ වේදිකාවේ නිසියාකාරව ප්‍රහසනය භාවිතා කරන අන්දම.
හාස්‍ය රසය පිළිබද භරතමුනි පඬිවරයා නාට්‍ය ශාස්ත්‍ර ග්‍රන්ථයේ මෙසේ සඳහන් කර තිබෙනවා.
” තිත්ත බෙහෙතක් පැණි රස දවටනයක ඔතා කන්න දෙනවා වගේ”.
ආනන්දයෙන් ප්‍රඥාවට යන වටිනා තේමාව යටතේ අපි නිර්මාණ කළ යුතුයි. ආනන්දයට පමණක් සීමා කර නිර්මාණ කළයුතු නැහැ. නිර්මාණයකින් විනෝදය පමණක් ලබාදී ප්‍රේක්ෂකයාව නාට්‍ය ශාලාවෙන් පිටකළ යුතු නැහැ. ඔවුන්ව එම නිර්මාණය මතකයේ රැදෙන පරිදි පණිවුඩයක් දියයුතුයි.
ප්‍රහසන කලාව දෙවර්ගයකට බෙදෙනවා. සමාජීය ප්‍රහසනය සහ ගෘහස්ථ ප්‍රහසනය ලෙසින්. මේ වටා තමයි හාස්‍ය නිර්මාණ බිහිවන්නේ. ප්‍රහසනය ස්මිත, හසිත, මද සිනාව, කොක් හඬලා සිනාව, හදවතින් කරන සිනාව, අවබෝධයෙන් වන සිනාව වැනි ප්‍රභේද වලට බෙදිය හැකියි.
මා ඉහත කී සියලු කරුණු සහ ඊටත් වඩා වැඩි යමක් මගේ “කරළියේ ප්‍රහසනය සහ ජනමතය “නැමති ග්‍රන්ථයේ අඩංගු වෙනවා. එය ගොඩගේ ප්‍රකාශනයක්. මාගේ කෘති එළිදැක්වීමට සමගාමීව දුවපාං මචාං ප්‍රහසන නාට්‍ය ජූනි 13 වැනිදා පළමුවරට වේදිකා ගත වුණා. දුවපාං මචාං වේදිකා නාට්‍යයට මම නවක මුහුණු කිහිපයක් සම්බන්ධ කර ගත්තා. කවිදු බණඩාර සහ මලීෂ් මැදගෙදර. ඔවුන්ගේ රංගනය ඉතාමත් හොඳ මට්ටමක තිබුණා. ඔවුන් දෙදෙනාට කරළිය පමණක් නොව කවදා හෝ සිනමාවද ජයගත හැකියි. ඒ වගේම රංගන ශිල්පිනියන් ගැනද සඳහන් කිරීම වැදගත්. ඉසුරි සත්‍යා, නිම්මි මනෝහාරී සහ දුලන්‍යා දුවපාං මචාං සඳහා දායක වුණා. ඔවුන්ගේ හැකියාවන් ඉතා ඉහළයි. ඉසුරි සත්‍යා මගේ දියණිය. ඇය සිරස නාලිකාවේ විකාශය වූ ඉම්ලි කතා මාලාවේ ඉම්ලිට හඬ මුසුකළා. ඇය රංගනයට , ගායනයට, වාදනයට හැමදේටම දක්ෂයි. මෙහි සංගීත අධ්‍යක්ෂකණය සමීර සුභසිංහ. නිෂ්පාදනය කළේ මගේ ආදරණීය ස්වාමිපුරුෂයා වන කාංචන ගමගේ. පසුතල නිර්මාණයත් ඔහුගේමයි. මම මෙය අවස්ථාවක් කරගන්නවා ඔවුන්ට ස්තූතියි කියන්න.
මගේ ග්‍රන්ථ එළිදැක්වීමට සමගාමීව වේදිකා ගත වූ දුවපාං මචාං වේදිකා නාට්‍යයට ඉහළ ප්‍රතිචාර ලැබුණා. මෙම වේදිකා නාට්‍යයෙන් සමාජයට පණිවිඩයක් දෙනවා. එයින් කතා කෙරෙන්නේ තරුණ පරපුර පිළිබද. අපි බලාපොරොත්තු වෙනවා රටවටා දුවපාං මචාං වේදිකා ගත කරන්න. වගේම විදේශ රටවල වේදිකා ගත කරන්නත් උත්සාහ ගන්නවා.
මම බලාපොරොත්තු වෙනවා අනාගතයේදී වේදිකාවට සම්බන්ධ තවත් ග්‍රන්ථ කිහිපය රචනා කරන්න.
නයනාංජලි දෙහිපිටිය