Home » ප්‍රවීණයන්ගේ ආභාසය මට ඉතා වැදගත්

ප්‍රවීණයන්ගේ ආභාසය මට ඉතා වැදගත්

නවක නළු හේෂාන් ප්‍රනාන්දු

by Thanushika
December 26, 2024 12:30 am 0 comment

සංගීතයට වඩාත් ඇලුම් කරනවා නම් හොඳ හඬකුත් ඔහුට හෝ ඇයට තිබිය යුතුයි.ඒත් ඉගෙන ගත්ත පලියට ගායකයෙක් වෙන්නවත් වාදකයෙක් වෙන්නටවත් බැහැ. විශේෂ දක්ෂතාවයක් පෙන්නුම් කරන්නම ඕන මේ ක්ෂේත්‍රය තුළ. එයට අවශ්‍ය වටපිටාව සකසාගෙන ඔහු ඒ සම්බන්ධව දක්ෂයෙක් බවට පත්වෙනවා. කොළඹ දලාශාල් මධ්‍ය මහා විදුහලෙන් ප්‍රාථමික හා ද්විතීක අධ්‍යාපනය හැදැරිය. උසස් පෙළ වාණිජ අංශයෙන් අධ්‍යාපනය හැදෑරුවත් ඔහු කලා ක්ෂේත්‍රටයට පාර කපාගන්නේ පාසලේ වෙස්ටන් බෑන්ඩ් කණ්ඩායම ( අපරදිග තූර්ය වාදක කණ්ඩායමට) සම්බන්ධ වීමෙන් හා පාසලේ සියළුම සෞන්දර්ය කටයුතුවලට සම්බන්ධ වෙමින්. ඔහුගේ මේ ගමනේ පිටුපස ඔහුගේ පවුලේ සියලු දෙනාම සිටි.එය ඔහුට මහත් රුකුලක් බවට පත්වේ.ඒ ආපු ගමනෙන් වොයිස් ශ්‍රී ලංකා මෙන්ම බෑන්ඩ් දෙකක නිත්‍ය ගායන ශිල්පියා ලෙසටද කටයුතු කිරීමට අවස්ථාව ලැබුණි. දැනට සංගීත ක්ෂේත්‍රයේ සිටින දක්ෂ සංගීතයකු වන චතුරංගන ද සිල්වාගේ solo town නමින් නිර්මාණය වන boy bandඑකේ නිත්‍ය ශිල්පියෙක් බවට පත්වීමට අවස්ථාව ලැබුණි. චතුරංගන ද සිල්වා⁣ගේ නවතම සිනමා නිර්මාණය වන solo town cinema හි හේෂාන් ප්‍රනාන්දු නමින් සිනමා ක්ෂේත්‍රයට පිවිසීමට ඔහුට හැකි විය. ඔහු ඒ පිළිබඳව සරසවිය සමග කළ කතාබහයි.

සමාජ මාධ්‍ය ජාලයේ පෙරළිකාරයෙක් වුණ නිසා මොකද උණේ?

පෙරළිකාරයා උණ නිසාම මට හොඳ මාර්ගයකට අවතීරණ වෙන්නට අවස්ථාව ලැබුණා. Facebook, Instagram, WhatsApp, X, Tik To සමාජ මාධ්‍ය ජාලාවල මගේ ගීත සහ විවිධ කලා වැඩ කටයුතු සමාජගත වීම තුළින් චතුරංගන අයියා සහ උදිත කුරේ මාව හඳුනාගත්තා. ඵධතධ බධඹද ඡචදඤ එකට සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණා. ඒ හරහා තමයි සිනමා පටයටත් අපි එකතු වෙන්නේ.

ඔබේ වෘත්තිය කුමක්ද?

මගේ පවුල් පසුබිමත් සමඟ මම කුඩා කල සිටම කලාවටලැදි පුද්ගලයෙක්, මේ වන විට වසර හතක් වැනි කාලයක් බැංකු නිලධාරියෙක් ලෙස කටයුතු කරනවා. මගේ වෘත්තිමය ස්වභාවය කෙසේ වෙතත් මම කලාව සහ රැකියාව කියන දෙක සමබරව කරගෙන යාමටයි අදහස් කරන්නේ.

ඔබ දැන් වඩාත් ප්‍රිය කරන්නේ ගායනයටද රංගනයටද?

මගේ වැඩි නැඹුරුතාවයක් තියෙන්නේ ගායනයටයි. කලාවේ නිරත වන ඕනෑම ශිල්පියකුට තම දක්ෂතාවයන් ඉදිරියට ගෙනයන්නට නම් අද පවතින අලුත් තාක්ෂණයත් සමඟ ෆයිට් කරන්න වෙනවා. අලුත් පරම්පරාව ඒ මාවතේ ගමන් කරන නිසා පැරැණි සහ අලුත් කියන දෙකම සම්මීක්ෂණය කරගෙන අපේ ගමන අපි යන්න තීරණය කරලා තියෙන්නේ.

කවදා හරි සිනමාපටයේ වගේ ඔබේ බැදීම් කැඩිලා ගියොත් මොකද වෙන්නේ?

මේ සිනමාපටයක් බව ගොඩක් දෙනෙක් අවබෝධ කරගෙනයි තියෙන්නේ. සමාජ පසුබිම් තුළ විවිධ ප්‍රශ්න ගැටලු මතුවෙනවා ඕනෑම කණ්ඩායමක් තුළ.අපි අතර හොඳ අවබෝධයකින් කටයුතු කරන නිසා එහෙම දේවල් වෙන්න අපි කවදාවත් ඉඩ තියාගන්නේ නැහැ. විවිධ තලවල අපි හතර දෙනා හිටියත් අපේ අරමුණ එකයි. පනහක් හැටක් වගේ පිරිසක් මේ සෝලෝ ටවුන් බෑන්ඩ් එකේ පෆෝම් කරන්න ඕඩිෂන් එකකට සහභාගි වුණා. ඒ අතරින් අපි හතර දෙනා පමණක් තේරීම පමණක් මේ බැඳීමට හොඳම සාධකයයි. අපි හතර දෙනා හරියට සහෝදරයන් අතර දෙනෙක් වගේ කටයුතු කරන්නේ.

ජීවිතයේ හීන හැබෑ වෙනකොට මොකද හිතෙන්නේ?

ඒත් තේරෙන වයස වෙනකොට අපි යන්න ඕන මාවත අපි තීරණය කළා. මගේ ජීවිතයට කවදාවත් බලපෑම් එල්ල වුණේ නැති නිසා. මගේ ගමන මම මයි තීරණය කරන්නේ. මගේ ජීවිතයේ මුලින්ම ඒ හීනය සැබෑ වුණේ මේ සිනමා පටය හරහායි. අපි ජීවත්වන පරිසරය හා අපි ආසා කරන දේවල් ඒ තුළ තියෙනවා නම් අපි එතන හැමදාම රඳා පවතිනවා. ඒ කියන්නේ අපේ හීනත් එක්ක අපේ ගමන යන්න අපිට පුළුවන් කියන එකයි.

සිනමාපටයත් සමග තරුණියන්ගේ ආකර්ෂණය වැඩිවෙලානේද? පෙම්වතෙක් වෙලා නේද?

මේ කාලවකවානුවේ මම පෙම්වතෙක් නෙවෙයි. මේ ගෙවන තත්පරයක් පාසා මගේ හීන වෙනුවෙන්ය මම වෙහෙසෙන්නේ. මේ යන ගමනේදී වෙනත් මාර්ගයක ගමන් කරන්න දැඟලුවොත් අපේ ගමන අඩාල වෙනවා. එසේ වුණොත් මේ ආපු ගමන පසු කලක පසුතැවෙන්න වෙයි. ඒ නිසා මගේ ස්ථාවරත්වය මා හදා ගත්තොත් ඕනම දෙයක් ලබා ගැනීමට පහසු වෙනවා.

වේදිකාව ටෙලිනාට්‍ය සිනමාව යන ත්‍රිත්වයම නියැළීමට අදහස් කරනවද?

මේ දවස්වල මගේ වැඩි කාලයක් යොදවලා තියෙන්නේ ගායනය වෙනුවෙන්. ඒත් මේ ත්‍රිත්වයම නියැළෙන්නට මම අදහස් කරනවා. සිනමාව ටෙලි නාට්‍ය වේදිකාව කියන්නේ අපේ ජීවිතයේ අරමුණු කරා ගෙන යන තැනක්.රංගන ශිල්පියෙක් වෙනවා නම් වේදිකාව ස්පර්ශ කළ යුතුමයි. ඒත් රාජකාරීයත් බෑන්ඩ් එකේ පුහුණුවීම් කටයුතු සහ ඉදිරි වැඩකටයුතු සමබරව කරගෙන යන්න තමයි අදහස් කරන්නේ.

ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

මේ වනවිට ඇත්තටම හොඳ සහයෝගයක් ලැබෙනවා.අපි ක්ෂේත්‍රයට එන්න ඉස්සෙල්ලා ප්‍රවීණයන්ගෙන් ආභාසය ලබාගත යුතුයි. ඔවුන් තමයි අපේ ගුරුවරු ලෙස මම නම් සලකන්නේ හැමදාම. මේ සිනමා නිර්මාණය තුළදීත් ඔවුන්ගෙන් ලැබුණු සහයෝගය අපරිමිතයි. ජීවිතයේ මුල්ම වතාවට කැමරාවක් ඉදිරියේ රූපගත කිරීමකට මුහුණ දෙන විට ඇතිවෙන චකිතය බය කවදාවත් අමතක නොවෙන සිදුවීම්න්ය.

මේ සිනමා පටය ඇරුණාම තවත් නිර්මාණ ඉදිරියේ ඉන්න තියෙනවද ?

සිනමා පටනම් ඉදිරියේදී එන්න නැහැ. ඒත් අලුතෙන් කරපු ගීත කිහිපයක් එළි දකින්න තියෙනවා. අලුත් නිර්මාණ කිහිපයකට දායක වෙන්න කතා කරලා තියෙනවා.

වර්තමානයට ගෙන එන්න ඕනේ මොනවාගේ නිර්මාණ කියලද ඔබ හිතන්නේ?

ප්‍රේක්ෂකයන්ගේ රුචිකත්වය දනවන නිර්මාණ කලා ක්ෂේත්‍රය තුළට ගෙන ආ යුතු වෙනවා. අද සමාජ මාධ්‍ය ජාලාවත් සමඟ තරගකාරීත්වයක් තිබෙන නිසා සිනමාව ටෙලිනාට්‍ය වේදිකාව තුල ඉන්න නිර්මාණකරුවා එයට නොදෙවෙනි විය යුතුයි. ගතවන තත්පරයක් තප්පරයක් පාසා ඡ්-ථධඡඪතඥ කේතයන් ඔස්සේ අද පරම්පරාව රැඳී සිටින නිසා අපි එතනට නිර්මාණ ගෙනයා යුතු කාලය උදා වෙලා තියෙන්නේ. එතනට අපට යන්න බැරි උනොත් අපි තරඟයෙන් පැරදෙනවා.

 

[email protected]

සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT