නිවස කළා පුවත් ‘පතිනියක් වී’ ජාත්‍යන්තරයට

‘පතිනියක් වී’ ජාත්‍යන්තරයට

by Thanushika
August 8, 2024 12:30 am 0 comment

2024 intercontinental music Awars තරගයේ සම්භාව්‍ය අංශයෙන් මුළු මහත් ආසියාවම නියෝජනය කිරීමට වෛද්‍ය කාංචනමාලා රණසිංහ ගායනා කරන නාලක අංජන කුමාර තනු නිර්මාණය කර සංගීතවත් කළ ‘පතිනියක් වී’ ගීතය තේරී ඇත. මෙහි ගී පද නිර්මාණය නව පරපුරේ ගීත රචිකා ජයමාලි චරිතා බණ්ඩාරය.

12 වැනි වතාවට පැවැත්වෙන මේ ජාත්‍යන්තර තරගය සඳහා ශ්‍රී ලාංකේය කලාකරුවකු තෝරා ගැනෙන්නේ පළමු වතාවටය. මේ තරගය සඳහා Contemporary, blues, jazz, pop, latin music, classical, pop යනාදී විවිධාකාර සංගීත අංශයන් නියෝජනය වන අතර කාංචනමාලා ආසියානු මහද්වීපයේ සම්භාව්‍ය ගීත අංශයෙන් ලෝක තරගාවලියට ඉදිරිපත් කිරීමට එහි විනිශ්චය මණ්ඩලය ‍තෝරාගෙන ඇත.

විශ්ව භාෂාවක් වූ සංගීතය සහ එහි භාවමය ඉදිරිපත් කිරීම මෙම තරගාවලියේදී සම්මානයට ලක්වන අතර Hollywood හි ලෝපතළ සංගීත මහාචාර්යවරුන්, Grammy සම්මානලාභීන් Grammy Award දිනූ ගායක ගායිකාවන් සඳහා සංගීතය සහ පදරචනය කළ කලාකරුවන්, Warner brothers, cinemax යනාදියේ ලෝ පතළ ආයතනවල කලාකරුවන් රැසක් මෙම තරගාවලියේ විනිශ්චය මණ්ඩලයේ කටයුතු කරයි. ඇය සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාට්‍යයේ සුප්පාදේවියගේ චරිතයට ද පණපොවා ඇත.

Harmony Across Continents යන තේමාව යටතේ ලොව සංගීතවේදීන් ජගත් තලයට ගෙනයන මෙම තරගාවලියේ අවසාන දිනුම්ලාභීන් අගෝස්තු මස 25 වැනි දින අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී ප්‍රකාශ කිරීමට නියමිතය.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT