මයුරි ලියනගේ ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ස්ථානගත වන්නේ ගුවන් විදුලි නිවේදිකාවක් ලෙසිනි. ඇය ගුවන්විදුලි තිර පිටපත් රචනයට ද සමත්කමි දක්වයි. ලක්හඬ ගුවන් විදුලියේ අවුරුදු 29ක දිගු මාධ්‍ය දිවියකට හිමිකමි කියූ ඇය විසින් රචනා කළ කුලුඳුල් කෘතිය වන ‘වින්ටේජ් ජර්නල්’ කෘතිය මේ දිනවල පාඨකයන් අතර බොහෝ සේ ජනප්‍රිය කෘතියක්. මෙවර සරසවිය හරහා ඉඩ වෙන් වන්නේ මයුරි ලියනගේ සමඟ සිදු කළ සාහිත්‍යයමය කතා බහටය.
අපි මුලින්ම වින්ටේජ් කෘතිය නිර්මාණය වුණේ කොහොමද? කියන එක ගැන කතා කරමු….
මම හා පුරා කියලා පොත් ලියන්න ආව කෙනෙක්ම නෙමයි. ඊට කලින් මම විවිධ පුවත්පත්වලට, සඟරාවලට ලියලා තියෙනවා. ඒ සෑම එකක්ම වෙනස් විදියේ ආකෘති සහ වෙනස් විදියේ වැඩ. මීට අවුරුදු ගණනාවකට පෙර බිරිඳ පුවත්පතට “මයික්‍රෆෝනයෙන් එහා” කියලා තීරු ලිපි වගේ කෙටි කතා ලිපි පෙළක් ලිව්වා. වසන්ත දුක්ගන්නාරාල කර්තෘ වෙලා හිටපු ‘සරේ’ කියන ලංකාවේ ශාස්ත්‍රීය පොප්, රෙගේ, හිප්පොප් සංගීතය සහ ගීත පිළිබඳ කතා කරන සංගීතමය සඟරාවට ලංකාවේ රේඩියෝ නිවේදකයෝ ඩී.ජේලා තෝරන ප්‍රචාරය කරන ගීත ගැන ලිපි පෙළක් ලිව්වා. ඒ යුගයේ හිට් වුණ ගීත රස විදීම් ගැන ලිව්වා. සරේ සංස්කාරක මණ්ඩලයේ පවා හිටියා.
මම ගුවන්විදුලි මාධ්‍යවේදිනියෙක් වෙලා සිටිය ‘ලක්හඬ’ ගුවන්විදුලියේ වාර්ෂික සංවත්සර කලාපවලට ලිව්වා. මේ විදියට ලිවීම කියන එක මගේ ආත්ම ප්‍රකාශනයක් විදියට විද්‍යුත් මාධ්‍යවේදියෙක් වෙලා ඉන්නකොටත් නොනැසී තිබුණා. ගුවන්විදුලි මාධ්‍යවේදියෙක් විදියට චිත්‍රපට නාට්‍ය පූර්ව නිවේදන පිටපත් පවා ලිව්වා. 2023 වසරේ ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සුදත් රෝහණ තිර පිටපත ලියු ‘මාණික්කාවත’ ටෙලි නාට්‍යයේ ගුවන්විදුලි පිටපත ‘ලක්හඬ’ ගුවන් විදුලියට ලියලා ‘pinacal brand award’ සන්නාම සම්මාන උළෙලේ හොඳම ගුවන්විදුලි විචිත්‍රංග වැඩසටහනට හිමි සම්මානය පවා ලබාගත්තා.
හැබැයි ‘වින්ටේජ්’ නොසිතු මොහොතක එළියට එන මගේ ආත්ම විදාරණයක්. කෘතියේ විශේෂත්වය තමයි අර ඉහත කියූ සියලුම තැන්වලට වඩා මම මගේ ආත්මයට අවංකව ලිව්ව ආත්මීය කතා මේ මඪදබචඨඥ ණධභපදචතවල ඇතුළත් වෙලා තිබිම. මේ කතා ආව ගිය කතා විදියට මගේ මිත්‍රයෝ තැන් තැන්වල කතා කළා. මොකද? ඒවා බොහෝමයක් මම ලිව්වෙ සමාජ මාධ්‍ය ජාලවල. එයින් ඉතාම සමීප මිත්‍රයෙක් වූ ජනප්‍රිය රංගවේදී නිරෝෂන් ඉලේපෙරුම මිත්‍රයා දිනක් කතා කරලා මට කිව්ව අහස් ප්‍රකාශන ආයතනය ආදරවන්තයන්ගේ දිනයට අලුත් වැඩක් කරනවා එහි වෙනස් ප්‍රකාශනයක් විදියට මේ කතා ටික එකතු කරලා පොතක් කරමු කියලා.
ඒ අනුව අහස් ප්‍රකාශන ආයතනයේ චේතනා ද සිල්වා මට කතා කරලා මේ පොත කරමු කිව්ව. මම ඇයට කිව්ව මට කථා විතරක් බෑ මේ ලියපු හැම කතාවකම තියෙන පින්තුරත් එහෙම්ම ඕනේ කියලා. අනික ඒවා වර්ණ පින්තුර. හැබැයි අභියෝගාත්මකයි. වියදමක් යන වෙනස් වැඩක්. නමුත් මගේ ප්‍රකාශකයා, චේතනා ඒ අවදානම භාරගත්තා. ඍඪදබචඨඥ ණධභදචත එහෙම බිහි වුණේ චේතනා බය නැතුව ගත්ත ඒ තීරණය නිසා. චේතනා ඔයාට ස්තුතියි! ඒ වගකීම ගත්තට. මොකද? වර්ණිතව ඉහළම මුද්‍රණ වියදමක් දරලා පොත් කරලා ලොකු ගණන්වලට ලංකාවේ පොත් විකුනන්න බෑ කියලා අපි කවුරුත් දන්නවා. අපේ ආශාව තිබුණට අපි ආස විදියට පාඨකයෝ ආස විදියට පොත් ලියලා ඒවා විකුණගන්න පුළුවන් ආර්ථික සමාජිය විදියක් මේ මොහොතේ ලංකාවේ නැති නිසා Vintage journal කියන්නේ ඒවගේ පසුබිමක බය නැතුව අභියෝගය අරන් ලිව්ව ලස්සන වැඩක්.
‘වින්ටේජ්’ කෘතිය ශානරගත වන්නේ කොෆි ටේබල් බුක්ස් කියන ශානරයට. මේ ශානරය ලංකාවේ පාඨකයාට අලුත් අත්දැකීමක් රැගෙන එනවා. කොෆි ටේබල් බුක්ස් ගැන ඔබේ අදහස මොකක්ද?
ලංකාවේ පාඨකයා වෙනස් වෙන්න නම් ලේඛකයත් වෙනස් වෙන්න ඕනේ. vintage journal වල මම සිදු කළේ පර්යේෂණයක්. Coffe table book කියන එක ලංකාව ඇතුළේ විවිධ විදියට සිදු වෙලා තියෙනවා. නමුත් හරි coffe table book එකක් වර්ණ පින්තුර එක්ක එන්න ඕනේ එකක් ඒවගේම එක මහා දීර්ඝ එකක් නෙමෙයි. ඒක ලස්සන පොඩි වැඩක්. පිටු ගාණ අඩු, පාඨකයා වෙහෙසට පත් නොකරන පොතක්. ඒ වගේම ඕනේ තැනක අරන් යන්න පුළුවන් ඕනේ තැනක ඉඳලා කියවන්න පුළුවන් දිගු වෙලාවක් නොයන කියන සංකල්පයට මම මේ පොතේ ලොකු ඉඩක් දුන්නා. මහා දිර්ඝ පොතක් කියවන හැගීමක් මේකේ නෑ. නමුත් පුංචි වෙලාවකින් ගැඹුරු ජීවිත පරිකල්පනයක් දෙන්නත් මට ඕනේ වුණා.
පොතේ තියෙන සෑම වර්ණ පින්තුරයක්ම කතා තේමාවට අදාළව ඒධ් තාක්ෂණයෙන් නිර්මාණය කරපු ඒවා. චිත්‍ර පිටකවරය ඇතුළත සැලසුම් සියල්ල කළේ ප්‍රවීණ පිටු සැකසුම් ශිල්පී ප්‍රදීප් ප්‍රේමලාල්. ඔහු මගේ සිහිනය හරියටම කියෙව්වා. මේ වගේ වැඩකදී චිත්‍ර සහ ඩිසයිනින්ග් කියන වැඩේ හරියටම වෙන්න ඕනේ වැඩක්. නැත්නම් මගේ සංකල්පය අසාර්ථක වෙනවා. සාමාන්‍යයෙන් අපෙ රටේ බොහෝ නිර්මාණවල වෙන වැඩේ තමයි ආකෘතියට ඩිසයිසින්ස් දානව කේක් එකේ ඇතුළ රහ නෑ. මේක ගීත, සිනමා, නාට්‍ය, පොත් ඔය හැම එකටම පොදු වැඩක්. අන්න එකෙන් මිදිලා ආකෘතිය වගේම අන්තර්ගතය අසාර්ථක නොකර ගැනීමේ අභියෝගය තමයි මේකේ මගේ අරමුණ වුණේ.
එකම විදියට මිනිස්සු පොත් කියවන්න ඕනේ නෑ කියන තැන මම ඉන්නේ. Vintage coffe කියලා කෝපි එකක්, සින්දුවක්, Vintage coffe එකක්, vintage brand ඇදුමක්, vintage මලක්, vintage cake කෑල්ලක්, වුණත් මේකේ දිගුවක් විදියට එන්න පුළුවන්. කලාව යන්න ඕනේ එහෙම වෙනස් ශානර ඔස්සේ වර්ධනය වේවි නෙමෙයිද? ඇයි අපේ අම්මා තාත්තා කියුව විදියටම ගෙදර පුස්තකාලේ නිස්කලංක තැනක ඉදගෙනම අපි පොත් කියවන්න ඕනේ? කෝපි අවන්හල්වල, බස්වල, මිනිස්සු මැද්දේ පොත වර්ධනය වෙන්න ඕනේ ඒක මීළඟ ජෙනරේෂන් ල හෝ අල්ට්‍රා හෝ මොකේ හරි චින්තන පරම්පරාවේ විදියට සමපාත වෙන්න ඔින.
කෘතියේ එන බොහෝමයක් කතා තුළ යුරෝපීය ලක්ෂණ ගැබිව පවතිනවා. ඒ ඇයි?
මම හිතන්නේ මගේ පොතේ තියෙන බොහෝමයක් කතා මට ලියන්න පහසු යුරෝපීය ශානරයෙන්. චින්තනය නිදහස්. ආකල්ප නිදහස්. ඇත්තම කිව්වොත් ඒ යුරෝපීය චින්තනමය නිදහස අගය කරන කෙනෙක් මම. එහි තේරුම පෙරදිග චින්තනය පිටු දකිනවා කියන එක නෙමයි. සමහර වෙලාවට පෙරදිග චින්තනයන් එක්ක හැරෙන්නවත් යුරෝපීයන්ට බෑ. පෙරදිග මිනිස්සු ගැඹුරු මිනිස්සු. හැබැයි ඒ නිසාම ඔවුන්ට හදවතින්ම ජීවත් වෙන්න බෑ.
ඒ ගැඹුරු සම්ප්‍රදායික නැමියාව ඔවුන්ගේ ආශාව තීරණය කරනවා. අපරදිග මිනිස්සු විශේෂයෙන්ම යුරෝපියන් ඔවුන්ගේ ආශාව පිළිබද ඔවුන්ම තීරණය කරන අය. මම මේ පොත තුළ මේ පෙර අපරදිග දෙවර්ගයේම මිනිසුන්ගේ ආශාවන් ගැන ලියලා තියෙනවා.
නමුත් මනුස්සයෝ හැටියට අපි හැමෝම පොදු වෙන තැනක් එනවා. ඒ ආශාව සමපාත වෙන තැන ආදරය. ඒවාට ටඥඥඤඡචජඬ නැත්නම් ප්‍රතිචාර දැක්වීම් විතරයි වෙනස් වෙන්නේ රට සහ සංස්කෘතිය අනුව.
කෘතියේ මතුපිට වර්ණ මාලාව, ආකෘතිය, හැඩය, අන්තර්ගතය දෙස නිරීක්ෂණය කළාම පෙනුණේ රොමාන්තිකරණය සෑම කලාපයකම තැවරී තිබෙන බව. මෙි පිළිබඳ යමක් කියන්න පුළුවන්ද?
මිනිස්සුන්ට ජීවිතේ නැත්තේම රොමැන්ස්. සියලුම පවුල් සහ ආදර ප්‍රශ්නවලට හේතුව මිනිස්සු රොමැන්ට්ක් වෙන්න දන්නේ නැතිකම. නැත්නම් එහෙම වෙන එක හෙන මෝඩ උසස් නැති තත්වෙට හරියන්නේ නැති වැඩක් කියලා හිතන එක. නමුත් මම හිතන්නේ ආදරයක් හෝ සම්බන්ධතා පවතින්නේ හෝ නැති වෙන්නේ මිනිස්සු එකිනෙකාට දෙන රොමැන්තිකකරණයේ අඩු වැඩ් වීම මත. ආදරේ කරන්න මිනිස්සු දන්නවා. රොමැන්ට්ක් වෙන්න දන්නේ නෑ. ඇහුවොත් කියයි අනේ ඉතින් ආදරයනේ ගෞරවෙනේ මට වෙන කවුරුවත් නැනේ ඒ මදිද? කියලා. මම කියන්නේ මදි කියලා. මිනිස්සු ලංකාවේ සමාජයේ රොමැන්තික වෙනවා සෑහෙන අඩුයි.
මගේ මිත්‍රයෙක් හිටියා මිනිහා රෑ 12න් පස්සේ ළමයි නිදාගත්තම බිරිද එක්ක කෝපි එකක් තේ එකක් හදාගෙන බිලා නොයෙකුත් රොමැන්තික දේ බිරිද එක්ක කතා කරන! දැන් මේක ප්‍රයෝගික නෑ කියලා ඔබට හිතයි ඇත්ත නිදිමතයි බිරිදට ගෙදර වැඩ කරලා මහන්සියි නමුත් ඔවුන් දෙන්නම හැමදාම හඳ එළියේ මේ විදියට අවුරුදු ගාණක් තිස්සේ මේ සංවාදය කරනවා. සොබාදහම නිසල රෑ උණු කෝපි ඔවුන්ගේ මේ හෘද සංවාදය තව තියුණු කරනවා. ඒ වගේ මොහොතක් ජීවිතේ හිමි ගැනියෙක් මිනිහෙක් වාසනාවන්ත නැද්ද?
ඍඪදබචඨඥ ණධභපදචත වලින් මම කරන්න හැදුවෙත් එකමයි අපිට මඟහැරී ගිය, අහිමී වුණු මේ කොටස මේ පොතෙන් හදලා එළියට දෙන එක. කෘතියේ පළමු කතාවම එකට හොඳ උදාහරණයක්. ඒ තමා සිංගප්පුරුවේ හෝටලයක තේ එකක් එක්ක පිරිනමන “සීනී වලාකුළ”. මේක සීනිවලින් හදපු ජචදඤර එකක් බඥච එකේ රස්නෙට අර සීනී වලාකුළ දියවෙලා වැටෙනවා ආපහු තේ එකටම! දැන් මේක බොන්න හදිසිකාරයෙක් හරියන්නේ නෑ. එකට ඕනේ එක විඳීන්න පුළුවන් කෙනෙක්. මිනිහෙක් ගැනියෙක් එක්ක බඥච එකක් බොන එකේ ඉඳලා එකේ චපබ එකක් තියෙනවා.
ටෝල්ස්ටෝයි වරක් කිව්වා සියලුම ලෝකේ දුක් විඳීන පවුල් එක හා සමාන බව වෙනස් වෙන්නේ දුක් විඳින හේතුව විතරයි විදින විදි එක හා සමානයි. මගේ ලෝයර් කෙනෙක් උනු මිත්‍රයෙක්ගේ බිරිඳ කලක් කඳුකර පෙදෙසක රෝහලක වැඩ කරපු ඩොක්ටර් කෙනෙක්. ඇය ඔහු බලන්න කලකට පසුව එන හැමදාකම එන්නේ ඉහළ කදුකරේ බෑවුම්වල හැදෙන පුංචි තෘණ මල් මිටියක් කඩාගෙනලු. අවාසනාවන්ත ලෙස ඇය අකාලයේ මිය යනවා. ඔහු තාම තරුණ සැමියෙක්. ඔහු කියන්නේ ඔහුට නැවත විවාහ වෙන්න හැකි වුණත් ඔහුට කුඩා කඳුකර තණකොළ මල් ගේන ගෑනියෙක් යළි කිසිදු භවයක හමු නොවෙන බව.
ඔබගේ ලිවීමට සහ සිතීමට වඩාත් බලපෑ සාහිත්‍යධරයන් හෝ කෘතී මොනවද?
සරලවම කිව්වොත්. මට රිදුණු තැන. හැබැයි ඕක ලොකුවට ඕනේ නම් කියන්න පුළුවන් ශේක්ස්පියර්, ටෝල්ස් ටෝයි, මැක්සිම් ගෝර්කි, අරවින්ද් අදිගා, සරෝජිනි නායිදු, කමලා දාස් චේතන් බගත්, හරුකි මුරකාමි වගේ ලේඛකයන්ගේ බලපෑම් කියලා. ඒවා යම් පමණකට බලපෑවා. නමුත් ඔය කිව්ව ඔක්කොමත් ලියන්නේ මම කිව්ව තැනින් තමයි. ඒ තමුන්ට දැනුණු තැන. තමුන් කම්පනය ඇති වුණු තැන. රිදුණු දැවුණු තැනින් තමයි ආයේ ආයේ දෙයක් හට ගන්නේ.
කෘතියේ එක තැනක ඔබ ප්‍රකාශ කරනවා ” ආදරය කියන්නේ වෙන මුකුත් නෙමෙයි. මනුස්සකමට කියන තවත් නමක්” ආදරය සම්බන්ධයෙන් මයුරිගේ කියවීම මොකක්ද?
ආදරය කියන්නේ අමුතු දෙයක් නෙමයි එක මනුෂ්‍යත්වයේම දිගුවක්. ආදරේ නෑ කියන්නේ මනුස්සකම නෑ කියන එක. ආදරේ තියෙනවා කියන්නේ මනුස්සකම තියෙනවා කියන එක. ඔබ තුළ වන දයාබරබව ඔබේ දෙමාපියන්ගේ ගුරුවරුන්ගේ හිත මිත්‍රාදින්ගේ දයාබරබවේ ප්‍රතිඵලයක්. ඔබේ ධභබ නභබ එක ඇතුළේ ආදරේ නැත්නම් එකට වගකියන්න ඕනේ ඔබට ආදරය නොදීපු ඔබේ දෙමාපියෝ. වැඩිහිටියෝ. දැන් ඔබට ඒක එහෙම ලැබිල නැත්නම් ඔබ කරන්න ඕනේ ඔබට නොලැබුණු ආදරය දෙන එක. නැතුව ඔබේ ආදරණියන්ටත් මට ලැබුණේ නෑ මමත් දෙන්නෙ නෑ කියන එක නෙමයි. පංගු පෙරුවට බෙදලා කරන්න පුළුවන් දෙයක් නෙමයි ආදරය. මට මතකයි ලංකාවේ ඉතාම ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙක් තමුන්ගේ අතීත මතක ලියන පොතක කියනවා ඔහු පුංචි කාලේ ඉතා දුෂ්කර කඳුකරයක ඉදලා ඔහු පයින්ම පාසලට කටුක රළු කඳුකර පාරක එන හැටි.
දවසක් ගමේ මිනිහෙක් ලෑන්ඩ්මාස්ටර් එකක් පැදගෙන ඇවිත් අපෙ කතා නායකයා ඇර අනික් ළමයින් ඔක්කෝම නග්ගගෙන ගමට එක්ක යනවා. මේකෙන් ඔහුගෙ ළමා වියේ මකන්න බැරි කැළැලක් ඔහුගෙ හදේ ඉතිරි වෙනවා. ලොකු වෙලා ඔහු ධනවත් බලවත් උගත් මිනිහෙක් වෙනවා. දවසක් ඔහු ඔහුගෙ අති නවීන ජීප් රියකින් ගමට යද්දී කඳු පාමුල අර ඔහුව දාල ගිය මනුස්සය ඇතුළු ගමේ මිනිස්සු ටිකක් ඉන්නවා බස් එකක් එනකම්. මොකද මේ ජනප්‍රිය ගුරුතුමා කරන්නේ අර මනුස්සය ඇර අනික් ඔක්කෝම තමුන්ගේ ජීප් එකේ දාගෙන ගමට එක්ක යනවා විතරක් නෙමෙයි ඒක හෙන පම්පෝරි හෑල්ලක් කරලා තමුන්ගේ පොතේ ලියනවා.
මට ඔහු සැබෑ මිනිහෙක් වෙන්නේ ඔහුට ළමාවියේ නොලැබුණු ඒ ආදරය ඔහු අර මනුස්සයව ජීප් එකේ දාගෙන ගිහින් නැවත දුන්නා නම් පමණයි. මෙච්චර මේ ආදරේ ඇරියස් කතා අපි අද අහන්නේ මේකයි. ආදරේ කියන්නේ ඔබට නොලැබුනත් ඔබ දෙන මනුස්සක්ම ඒක නැවත පෙරලා ඔබට ලැබෙනවාමයි. ඒක තමයි ලෝකේ සනාතන ධර්මතාවය.
මයුරිගේ මාධ්‍ය ජීවිතය ඔස්සේ ලබපු අත්දැකීමි කෘතිය රචනා කිරීමට ඇති කරපු බලපෑම මොන වගේද?
ඒක විශාල එකක්. මොකද? ලංකාවේ සෑම තරා තිරමකම කලාකරුවෝ, දේශපාලකයෝ, මාධ්‍ය වේදියෝ, රජයේ සේවකයෝ, ගොවියෝ, ව්‍යාපාරිකයෝ, ගුරුවරු, ආයතන ප්‍රධානියෝ, ආගමික නායකයෝ, සිනමා තරු, ගී තරු මම interview කරලා තියෙනවා මගේ රැකියාවට. ඉතින් ඔවුන්ගේ හදවත් කතා මම දන්නවා. සමහරු කැමැත්තෙම මට ඒවා කියලා තියෙනවා. ඒ හැම කතාවක්ම ගෞරවනීයයි. ඒ නිසා මම මිය යන තෙක් ඒවා තියෙන්නේ මගේ හදවතේ. පොතේ ඔවුන් ඉන්නේ අනන්‍යතාවය සඟවලා. ඔවුන් සියල්ලම මා තුල ඇති කළ අති මහත් කම්පනයේ නම වෙන්නේ ‘vintage journal’
‘වින්ටේජ්’ කෘතියෙන් පසුව මයුරිගේ ඊළග කෘතිය ගැන පාඨකයන්ට කියන්නේ තියෙන්නේ මොනවද?
මම ලියමින් හිටියේ නවකතාවක්. ඒත් දෛවයේ මොකක් හෝ සැලසුමක් වෙනස් වෙලා මේ පොත ඊට ඉස්සර වුණා. නමුත් මගේ නවකතාව මීට සම්පුර්ණයෙන්ම වෙනස් නිර්මාණයක්. ඒක බටහිරින් යුරෝපාකරණයෙන් සම්පූර්ණයෙන්ම වියුක්ත සදා හරිත වනය ලංකාවේ ගැමි දිවිය පදනම් කරගත්ත නමුත් මධ්‍යම පන්තිය හා ධනවත් උසස් ප්‍රභූ පන්තියේත් කතාවක්. ඉතින් අන්න ඒ නැවතුමේදී අපි ආයේ හමුවෙමු. එතෙක් ඔබට නොලැබුණු ප්‍රේමය වන්න!
සේයාරූ – නිශ්ශංක විජේරත්න
imalkamalintha@gmail.com
ඉමල්ක විතානගේ