Home » නෙලුම් කුලුන Tentigo රිදී තිරයට ආ දා

නෙලුම් කුලුන Tentigo රිදී තිරයට ආ දා

by Thanushika
March 20, 2025 11:50 am 0 comment

ඉලංගෝ රාම් තිර රචනය කරමින් අධ්‍යක්ෂණය හා කැමරා අධ්‍යක්ෂණයෙන් නිර්මාණය කළ නෙලුම් කුලුන සිනමාපටය මංගල දර්ශනය පසුගිය දින වන් ගෝල් ෆේස් PVR සිනමා සංකීර්ණයේදී රංගනයෙන් දායක වු රංගන ශිල්පීන් හා ඉන්දීය නිෂ්පාදකවරු, අධ්‍යක්ෂකවරු සහ විශේෂ ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු අතර, එහි මංගල දර්ශනයත් සමඟ දිවයින පුරා සිනමා ශාලාවල තිරගතවීම ඇරඹිණි. ඉලංගෝ රාම්ගේ ප්‍රථම දිගු සිනමාපටය වන නෙලුම් කුලුන (Tentigo) 2023 වසරේ තලින් බ්ලැක් නයිට්ස් චිත්‍රපට උලෙළේ (FIAPF අනුමත ඒ, ශ්‍රේණියේ උලෙළක්) ජූරියේ විශේෂ සම්මානය දිනාගෙන ඇත. එය දෙමළ භාෂාවෙන් (පෙරුසු) සහ තෙළිඟු භාෂාවෙන් (පෙධා) නැවත නිර්මාණය කර ඇති අතර විදේශයකදී නැවත නිර්මාණය (Remake) කරන ලද ප්‍රථම ශ්‍රී ලාංකේය චිත්‍රපටය ද වේ. මේ වන විට එය භාෂා කීපයකින්ම පිටපත් නිෂ්පාදනය වී ඇත. ඉන්දියාවේ (හින්දි) ස්පාඤ්ඤය, ඉතාලිය හා ඇමරිකාව නැවත නිර්මාණය සඳහා එකඟතාවයකට පැමිණි ඇති අතර ප්‍රංශය සහ බෙල්ජියම යන රටවල් නැවත නිර්මාණය සඳහා සාකච්ඡා සිදුකරමින් පවතී. නෙලුම් කුලුන හිරන්‍යා පෙරේරාගේ නිෂ්පාදනයකි.

කෞශල්‍යා ප්‍රනාන්දු, ප්‍රියන්ත සිරි කුමාර, තුසිත ලක්නාත්, රංජිත් පනාගොඩ, චමිලා පීරිස්, චාන්දනි සෙනෙවිරත්න, දිල්හානි ඒකනායක, සමන් කෝරලගේ, ආලෝකා ගයත්‍රී, සුලෝචනා වීරසිංහ, මධුර ප්‍රභාස්වර, රාජා ගනේෂන්, සරත් මොරොන්තුඩුව, සංජීව උපේන්ද්‍ර ඇතුළු ශිල්පීහු රැසක් රංගනයෙන් එක්වෙති.


[email protected]

 

සටහන සහ සේයාරූ -නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT