නිවස කළා පුවත් නුවන් දිලීප් රැගෙන එන අරවින්ද මල්යාය අගෝස්තු 26 වැනිදා සවස 7.00ට මාදිවෙල සංස්කෘතික මධ්‍යස්ථානයේදී

නුවන් දිලීප් රැගෙන එන අරවින්ද මල්යාය අගෝස්තු 26 වැනිදා සවස 7.00ට මාදිවෙල සංස්කෘතික මධ්‍යස්ථානයේදී

by Thanushika
August 22, 2024 10:54 am 0 comment

නව පරපුරේ ඉදිරියට එන නිර්මාණශීලි ගීත රචකයකු ලෙස ගී පද රචක එච්.නුවන් දිලීප් හඳුනාගත හැකිය. මේ වන විට ප්‍රවීණ ගායන ශිල්පීන් රැසක් වෙනුවෙන් සිය නිර්මාණශීලි ගී පද සංකල්පනා ඉදිරිපත් කර ඇති ඔහු සිය නිර්මාණ ඇතුළත් සංයුත්ත තැටිය නොබෝ දිනකින් එළිදැක්වීමට සූදානමින් සිටී. ඒ පිළිබඳ ඔහු දැක් වූ අදහස් බලමු.

ගීත ක්ෂේත්‍රයට ඔබේ පිවිසීම මුලින්ම සිදුවන්නේ මොන කාලයේදීද?

දෙදාහ වසරේ විතර ඉඳන් තමයි මම ගීත ලියන්න පටන් ගන්නේ. ඒ ඇරඹුමත් එක්ක අද වන තෙක් ගායන ශිල්පි ශිල්පිනියන් විශාල පිරිසක් වෙනුවෙන් ගීත රචනා කර දී තිබෙනවා.

ඔවුන්ගේ සංගත තැටිවල මගේ ගීත බොහොමයක් ඇතුළත් වී තියෙනවා.

මෑතදී වැඩි අවධානයක් දිනාගත් ගීත ගැන කතා කරමු.

අරවින්ද මල්යාය පීරා සෙවූ කියන අතුල ශ්‍රී ගමගේ ගායනා කර ගීතයත්, ඒ වගේම අමිලා නදීෂානි ගායනා කරන ‘රෑ අඳුරේ ඔබ සොයමින්’ කියන ගීතයත් අවධානයට ලක්වුණු ගීත දෙකක්. ඒ වගේම තවත් විශේෂ දෙයක් නම් අදටත් අනූව දශකයේ ශිල්පීන් සමඟයි තමයි මම ගීත ක්ෂේත්‍රයේ ගොඩක් සමීපව කටයුතු කරන්නේ. එක පැත්තකින් මම විශ්වාස කරනවා අනූව දශකය කියලා කියන්නේ ලාංකේය ගීත ඉතිහාසයේ හොඳම ගීත ටිකක් බිහි වූ අවධියක් කියන එක.

ඉතින් මේ වන විට මගේ ගීත හැත්තෑවක් පමණ ඒ විදිහට ලස්සන නිර්මාණ විදිහට බිහිවෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අදහසක් ඇති වුණා, ඒ වගේ මගේ ලස්සනම නිර්මාණ ටික එකතු කරලා සංගත තැටියක් විදියට එළි දක්වන්න.

අපි අරවින්ද මල්යාය පිළිබඳත් කතා කරමු.

අරවින්ද මල්යාය ගී ප්‍රසංගය පැවැත්වෙන්නේ මගේ ගී පද රචනා ඇතුළත් සංගත තැටිය එළිදැක්වීමට සමගාමීව. එළැඹෙන 26 වැනිදා සවස 7.00ට මාදිවෙල සංස්කෘතික මධ්‍යස්ථානයේදි, ගායන ශිල්පීන් රැසක් එදින ගීත ගායනා කරන්න නියමිතයි. ඒ සියලු ගීත මගේ ගීත රචනා වීම මෙහි විශේෂත්වයයි. ප්‍රියනාත් රත්නායක, ඉන්ද්‍රජිත් දොලමුල්ල සෝමසිරි මැදගෙදර, ජානක පෙරේරා, විජයබණ්ඩාර වැලිතුඩුව, ඉන්දික කුරුප්පුආරච්චි ලෝචන කිරින්ද, නිමල් වන්නාරච්චි, එස්.ඩී සමන්ත, සරත් ගමගේ, තශ්මිල සේනාධිර විජිත් ද සිල්වා ජෝර්ජ් සේනානායක නිමන්ත දිසානායක බර්නි ද සිල්වා, නුවන් රංග එදින අරවින්ද මල්යාය වර්ණවත් කරන ශිල්පීන්.

ඒ වගේම එදින ඊට සමගාමීව මගේ යූටියුබ් චැනලය ආරම්භ කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.

නිර්මාණකරුවකු විදිහට මොකක්ද අනාගත පැතුම?

මගෙ නිර්මාණ ඔස්සේ මිනිසුන්ගේ සිත් නිවන්න පුළුවන් විදිහේ ගීත ටිකක් තිළිණ කරන්නයි කැමැත්ත. ඒක ගීත රචකයකු විදියට සිහිනයක්.

 

[email protected]

සමුද්‍රිකා වර්ණකුල

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT