5
ප්‍රවීණ නර්තනාචාර්ය කෞශල්‍යා සේනාරත්නගේ මඟපෙන්වීම යටතේ රුවන්වැල්ලේ ‘නුරංගා’ කලායතනයේ සිසු සිසුවියන් විසින් තුන්වැනි වරටත් පවත්වන ලද වාර්ෂික නර්තන ප්‍රසංගය පසුගියදා අලංකාරවත් ලෙසින් වේදිකා ගතවිය.
වැන්දල කුමාරිහාමි රංග ශාලාවේදී අති උත්කර්ෂවත් ලෙස පැවති මෙම ප්‍රසංගය විවිධ නර්තන අංග රැසකින් වර්ණවත් විය. උඩරට, පහතරට, සහ සබරගමු සම්ප්‍රදායික නර්තන මෙන්ම භාරත නාට්‍යම්, කථක්, සහ බටහිර නර්තන අංග ද මෙහිදී ඉදිරිපත් කෙරිණි.