නිවස සංවාද නිළි වෘත්තිය ආදරණීය රැකියාවක්

නිළි වෘත්තිය ආදරණීය රැකියාවක්

- යොවුන් රංගන ශිල්පිනී ‍නෙත්මි රො‍ෙෂල්

by Thanushika
September 19, 2024 9:23 am 0 comment

ඇය සුරංගනාවියක් බඳු පියකරු සිනහවක් හිමි තරුණියක්. සුන්දර රූ සපුවක් උරුම වූ දිගු වරලැසකට හිමිකම් කියන තරුණ රංගන ශිල්පිනියක්. ටෙලි තිරයේ දිගහැරුණු දෙවෙනි ඉනිමෙන් පසු සිනමා ඉනිම ජයගන්නට පය තැබූ ඇය නෙත්මි රොෂෙල්ය.

පසුගියදා තිරගතවීම ඇරඹී කම්බිලි චිත්‍රපටයේ සමාජ ලෙස රඟන්නේ ඇයයි. සමාධි අහිංසක ගම්බද තරුණියකි. කුඩා කලඹ මවගේ උණුසුම අහිමි වූ ඇය ජීවත් වන්නේ තම ආදරණීය පියා සමගය. ගමේ යෙහෙළියන් සමග කෙළිදෙලෙන් ගත කරන ඇයට භානුක හමුවන්නේ නොසිතූ විරූ අවස්ථාවකදීය. එතැන් පටන් එකිනෙකාගේ ආදරණීය දෑස් පැටලෙමින් හදවත් ගැහෙමින් සුන්දර පෙම් කතාවක් ආරම්භය සිනමා තිරය මත දිග හැරෙයි. ඇය මේ දිනවල ගත කරන්නේ ඉතාමත් ප්‍රීතියෙනි. ඒ ප්‍රීතිය සරසවිය සමග බෙදාගන්නට සමාධි පත්තර මහ ගෙදරට පිය නැගුවාය. ඇගේ නෙත් නිරෝෂල් නාමයද අපට මොහොතකට අමතක වී ගියේ සමාධි අපේ මතකයට ඇතුළු වූ නිසාය.

කම්බිලි චිත්‍රපටයේ සමාධි සැබෑ ජීවිතයේදී නෙත් නිරෝෂෙල් ඇයගේ කතාබහ මෙතැන් සිට ඔබ හමුවට ගෙන එන්නෙමු.


මම ගොඩක් සතුටින් ඉන්නේ මේ දවස්වල හරි ආසාවෙන් රඟපාපු කම්බිලි චිත්‍රපටය අති සාර්ථකව තිරගත වෙනවා. හොඳ ප්‍රතිචාර ලැබීමෙන් පවතිනවා. ඒ නිසා එම චිත්‍රපටය ප්‍රේක්ෂකයන් වැලඳගෙන තියෙනවා.

මට මේ පිටපත ලැබුණේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාගෙන්. ප්‍රසාද් කළුපහන අයියගෙන් මට මුලින්ම පිටපත ලැබුණා. මම පැය දෙක තුනක් ඇතුළත පිටපත කියෙව්වා. ඒ වෙලාවේ මට ආසාවක් ඇති වුණා සමාධි චරිතයට මට කරන්න පුළුවන් හොඳ චරිතයක් කියලා දැනුණා එතැන් පටන් මම ඒ සමාධි චරිතයට පණ දෙන්න සූදානම් වුණා.

මෙහි රූපගත කිරීම් සිදු කළේ හොරණ පිළියන්දල වගේ ප්‍රදේශවල අපිට හොඳ නිෂ්පාදන කණ්ඩායමක් ලැබුණා හැමෝම සහයෝගයෙන් වැඩ කළා. ඒ නිසා අපිට අපේ චරිතය හොඳීන් රඟපාන්න ඉඩකඩ ලැබුණා.

නෙත්මි රොෂෙල්ට කම්බිලි චිත්‍රපටයේ රඟපෑමට ලැබුණේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන අමිල කරුණානායක සමඟය චිත්‍රපටය රූගත කිරීම් වලදී ඇති වූ රසවත් සහ අමතක නොවන සිදුවීම් සරසවිය සමඟ පැවසූවේ ඉමහත් උනන්දුවකිනි.

සමාධි කියන්නේ ගමේ හැදුණු තරුණියක්. ඇය තරමක් ලැජ්ජාශීලී. සමාජ ජීවත් වෙන්නේ පියා සමඟ ඇගේ මව ඇය කුඩා කාලයේම අහිමි වෙනවා. සමාධියට ඉන්නවා ගමේ යෙහෙළියන් කිහිප දෙනෙක්. ඔවුන් සමඟ කෙළිදෙලෙන් සිටින වෙලාවක තමයි සමාජෙට භානුකව මුණගැහෙන්නේ භානුක ගමේ නවතිනවා. ඉන්පසු තිබුණ ඇතැම් දර්ශන රූගත කිරීම් කවදාවත් අමතක වෙන්නේ නැහැ.

භානුකව සමාජයට මුල් වරට මුණගැසෙන්නේ පාරේදි පාරේදී භානුක ඇවිත් තියෙන්නේ ගමේ වෙද මහත්මයාව මුණගැහෙන්න ඒ තමයි සමාධිගේ තාත්තා. එතැන් පටන් තමයි භානුක සහ සමාධිගේ ආදර කතාව ඇරඹෙන්නේ.

අමිල කරුණානායක දක්ෂ රංගන ශිල්පියා තමයි භානුකගේ චරිතයට පණ පොවන්නේ. අමිල අයියේ රංගනය පිළිබඳව හොඳ අත්දැකීම් තියෙන කෙනෙක්. එයා මට ලොකු සහයක් දුන්නා. කොහොමද අපි මේක හොඳීන් කරගෙන යන්නේ කොහොමද අපේ චරිත ගොඩනගා ගන්නේ කියන සැලසුම් අපි රූගත කිරීම් වලට පෙර සිටම සැලසුම් කළා.

අමිල අයියට නිතරම යන්නේ එන්න තිබුණේ බයික් එකක. භානුකගේ චරිතයට සමීප වෙලා තිබුණේ බයික් එකක්. එක් දර්ශනයක් තිබුණා භානුක මායි බයික් එකේ නංවාගෙන යන දර්ශනයක්. මම නම් ඉතින් කොහොමත් බයයි බයික් වල යන්න ඒත් ඉතින් ඒ දර්ශනය අවශ්‍යමයි චිත්‍රපටයට. මම නැග්ගෙත් බොහොම බයෙන් ගමේ ගෑනු ළමයෙක් නිසා ඉඳගන්නත් ඕන පැත්තට මුල්ම වතාවට භානුක එක්ක යන නිසා එයාව අල්ලන්නත් බැහැ. මම ඉතින් කොහොම හරි ඉඳ ගත්තා. අමිල අයියා බයවෙන්න එපා කිව්වා. ඒත් හැබැයි වැඩිදුරක් යන්න ලැබුණේ නැහැ මට ලොකු අනතුරක් නම් වුණේ නැහැ. ඒත් ඉතින් වැටුණු අමාරුව තිබුණා. ඊට පසු ඒ වගේ දර්ශන වලදි මම ගොඩක් පරිස්සම් වුණා. අමිල අයියත් ඒ ගැන හොඳෙන් සැලකිලිමත් වුණා. ඒ අවස්ථාවේ බයක් ඇති උණත් දැන් මතක් වෙනකොට නම් ඒක හරි සුන්දරයි.

කම්බිලි චිත්‍රපටය නැරඹීමේදී ඔවුන් දෙපළ (නෙත්මි සහ අමිල) සිංහල සිනමාවට ගැලපෙන පෙම් යුවළක් යැයි කිව හැකිය. අමිලගේ නෙත්මට නිතර හොඳ සහයක් ලැබී ඇති බව එය කතාබහ ආරම්භයේදීද සරසවිය සමඟ පැවසුවාය.

ඇත්තටම අමිල අයියා මට හොඳ මිතුරෙක් වගේම ආදරණීය සහෝදරයෙක් තවත් එක් අමතක නොවන දර්ශනයක් තිබුණා. සමාධි භානුකට කම්මුලට ගහන. ඒක රූගත කරනකොට නම් මම තරමක් අපහසුතාවයට පත්වුණා. අනේ මම කොහොමද අමිල අයියට ගහන්නේ කියලා. ඒත් අමිල අයියා ඒකට මට උදව් කළා. හිතේ තිබුණ අපහසුතාවය නිසා මදෝ මට කිහිප වතාවක් ගහන්න වුණා අමිල අයියගෙ කම්මුලට ඒත් අමිල අයියයි ඒ වෙනුවෙන් කිසිම අමනාපයක් පෙන්නුවේ නැහැ. ඒ දර්ශනය සාර්ථක වෙනකම් කරමු කියලා තමයි අමිල අයියා කිව්වේ.

ඒ වගේම තමයි කම්බ්ලි චිත්‍රපටයේ ශිල්පීන් සියලු දෙනා හරිම කැපවීමෙන් උනන්දුවෙන් වැඩ කළා. රූගතවීම් නියම වෙනතුරු ජ්‍යේෂ්ඨ ශිල්පීන්ගෙනුත් මට ලොකු සහයෝගයක් ලැබුණා. සමාධිගේ චරිතය සාර්ථක කරගන්න.

ඉතින් මම සිනමාවට ආදරේ කරන හැමෝටම කියනවා ඉක්මනින්ම කම්බිලි චිත්‍රපටය බලන්න යන්න කියලා.

නෙත්මි රොෂෙල් නම් මේ සුරූපිනිය මුලින්ම අපට දකින්නට ලැබුණේ අවුරුදු කුමරියක් ලෙසින්. එතැනින් ඇරඹු ගමන මඟ සාර්ථකව ඇවිද ආ ඇය අද වන විට පුංචි තිරයත් සිනමාවත් ජය ගනිමින් සිටින්නීය. අපිට ඇයව මුල්වරට ඇස ගැටෙන්නේ ටෙලි තිරයෙනි. අද වන විට නෙත්මි රොෂෙල් ටෙලි තිරයේ ජනප්‍රිය නිළියක්. තරුණයන්ගේ සිහින කුමරියක්.

මට මුලින්ම ක්ෂේත්‍රයට එන්න පුළුවන් වුණේ අවුරුදු කුමරියක් වූ නිසා මම පුංචි කාලෙ ඉඳන්ම මගේ අම්මගේ හිතේ ආසාවක් තිබිලා තියෙනවා මාව අවුරුදු කුමරියක් කරන්න. මගේ හැකියාව දැක්කට පස්සේ රඟපෑම සඳහා අවසරය ලැබුණා. දැන් තාත්තා තමයි මගේ හොඳම රසිකයා සහ ප්‍රේක්ෂකයා. මම කාලයක් දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ රඟපෑවා. ඒකෙන් තමයි මාව කවුරුත් හඳුනාගත්තේ. දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ඔස්සේ ඇයව හඳුනාගත්තෙත් මේ අද පුංචි තිරයේද ඉදිරියෙන්ම සිටින දක්ෂ රංගන ශිල්පිනියකි.

ඔව්. මේ වනවිට මම රඟපාපු ටෙලි නාට්‍ය කිහිපයක් විකාශය වෙනවා. නිකිණි කුසුම්, පාරාදීසේ වගේ ටෙලි නාට්‍ය. ඉතින් තරමක් කාර්ය බහුලයි මේ දවස්වල.

ඒත් කම්බිලි චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතුවලට මුල් තැන දෙනවා මේ දිනවල අපි චිත්‍රපටිය සමඟ ප්‍රේක්ෂකයෝ අතරට යනවා ඇත්තටම සතුටුයි ලැබෙන ප්‍රතිචාර දැක්කම.

ඉතා සාර්ථකව තිරගතවන කම්බිලි චිත්‍රපටයේ සමාධි ගැඹුරු පරිසරයක හැදුණු වැඩුණු තරුණියක් සමාධි චරිතයට ඉතා හොඳීන් සාධාරණයක් ඉටු කිරීමට නෙත්මි සමත් වී ඇත.

ඇය රංගන ශිල්පිනියක් වීම ගැන ඉතා ආඩම්බර වන බව සරසවිය සමඟින් පැවසුවේ දැඩි ප්‍රීතියකිනි. මම නිළියක් උණ එක ගැන තියෙන්නේ නිහතමානී ආඩම්බරයක්. හරිම ආදරණීය රැකියාවක්. අපිට විවිධ මිනිසුන් හමුවන සුන්දර තැනක්.

විශේෂයෙන් රංගන ශිල්පිනියන්ට සමාජයෙන් එල්ලවන බලපෑම් ඉහළයි අපහාස උපහාසය ඉහළයි. තරුණියකට කාන්තාවකට නිළියක් වීම සුදුසු නැති බව ඇතැම් අය දරන මතයක් ඒ පිළිබඳව නෙත්ම දැක්වූ අදහස මෙසේය.

ඔව්. එහෙම මතයක් තියෙනවා. ඒත් ඒක තීරණය වෙන්නේ ඒ ඒ කෙනාගේ හැසිරීම අපි තවත් කෙනෙක් සමඟ ගනුදෙනු කරන විදිහ අපි කතා කරන පිළිවෙළ අනුව කියලා තමයි මම හිතන්නේ.

මම රංගනයට ඇවිත් අවුරුදු කිහිපයක් වෙනවා ඒත් මට නම් කිසිම චෝදනා අනිසියෝජනා උපහාස අපහාස ලැබිලා නැහැ. මම මගේ සීමාවේ ඉඳන් වැඩ කරන කෙනෙක්. ඒ නිසා මම රංගන ශිල්පිනියක් විදිහට සතුටින් සහ ඒ ගැන කැපවීමෙන් වැඩ කරනවා.

මම රඟපෑමට වගේම මගේ උසස් අධ්‍යාපන කටයුතුවලටත් මුල්තැන දීලයි තියෙන්නේ. මම හරි ආසාවෙන් හිටිය මනෝවිද්‍යාව පැත්තෙන් උපාධියක් ගන්න. මම ඒ අංශයෙනුත් උපාධියක් ලබා ගත්තා.

ඇය උගත් තරුණියක් බව ඇයගේ හැසිරීමෙන් කතා බහෙන් ඕනෑම කෙනෙකුට වටහා ගත හැකිය. රංගන කාර්යයේදී පවා තම අධ්‍යාපනය ඉවහල් වන බවද නෙත්මි පවසා සිටියාය.

නෙත්ම රොෂෙල් කරනා කටයුතු සියල්ල ඉතා සමබරව කරගෙන සාර්ථක ගමනක් යන ශිල්පිනියක්. මම රඟපෑ චිත්‍රපට කීපයක් ඉදිරියට තිරගත වෙන්න තියෙනවා. නේත්‍ර මායා කියන චිත්‍රපටයේ වැඩ නිම කරලා තියෙනවා.

නෙත්මි රොෂෙල් මෙතෙක් රඟපෑ චරිත බොහෝ විට අහිංසක චරිත. විවිධ චරිත තුළින් රංගන හැකියාව දියුණු කර ගැනීම ඇගේ බලාපොරොත්තුවක් බව පැවසුවාය.

මම හරි ආසයි විවිධ චරිත නිරූපණය කරන්න. රාජ කුමාරිකාවගේ චරිතයක්, අන්ධ තරුණියකගේ චරිතයක් කරන්න බොහොම කැමැත්තකින් ඉන්නවා.

නෙත්මි රොෂෙල් දක්ෂ රංගන ශිල්පිනියක් ඇයට බොහෝ දුර යා හැකි ශිල්පිනියක්. ඇය කොතරම් කාර්ය බහුල වුවත් සරසවිය සමඟින් කතාබහට එක්වීම පිළිබඳ අගය කළ යුතුයි.

හරිම සතුටුයි කම්බිලි චිත්‍රපටයක් ගැනත් මගේ කලා කටයුතු ගැනත් කතා කිරීමට සරසවියෙන් අවස්ථාව ලැබීම ගැන. සරසවිය කියන්නේ සිනමාව ගැන අපට දැනගන්න තිබෙන පැරණිම පුවත්පත. අපි වගේ තරුණ පරපුරටත් කවදත් අතහිත දෙන සිනමා පුවත්පතක්. මම හරිම ආදරයක් දක්වන පුවත්පතක් තමයි සරසවිය කියන්නේ.

අවුරුදු කුමරියක් ලෙස කිරුළු පලඳා පුංචි තිරයට පා තැබූ ඇය දැන් සිංහල සිනමාව බබළවන්නටද සැරසෙන්නීය. සිනමා තාරකාවක් සේම චරිතාංග රංගන ශිල්පිනියක් ලෙසද දක්ෂකම් දක්වන්නට ඇයට හැකියාව ලැබේවා!

ඒ සරසවිය ප්‍රාර්ථනයයි.

අවසාන වශයෙන් හැමෝටම ස්තුති කරන්න ඕන මට මේ ගමන එන්න උදව් කරපු සියලු දෙනාට ස්තුතියි. ඒ වගේම මගේ රංගනය ගැන විශ්වාසය තබලා නිර්මාණවලට සම්බන්ධ කරගන්න අධ්‍යක්ෂවරු නිෂ්පාදකවරුන්ට ස්තුතියි. ඒ වගේම මාත් එක්ක නිර්මාණවලදී වැඩ කළ සහ වැඩ කරමින් සිටින සියලුම ශිල්පීන්වත් මම ආදරෙන් මතක් කරනවා.

ඒ වගේම මගේ රසිකයින්ට මම ගොඩක් ආදරෙයි මම ඉල්ලා සිටිනවා මගේ රසිකයින්ගෙන් සහ සරසවිය පාඨකයන්ගෙනුත් කම්බිලි චිත්‍රපටය බලන්න කියලා. ඔබේ ප්‍රතිචාර අපට අවශ්‍යයි. අපේ රංගනය වැඩිදියුණු කරගන්න සහ කම්බිලි චිත්‍රපටය සාර්ථකව තිරගත කරගන්න.

ඒ ඇයගේ ආදරණීය ඉල්ලීමක්. ඔබත් ඉක්මනින්ම කම්බිලි නරඹන්න අගය කරන්න. ප්‍රතිචාර දක්වන්න.

 

[email protected]

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT