නිවස විශේෂාංග නිළියක් ලස්සන වෙන්නේ ඔපවත් චරිතයක් ලැබුණාම

නිළියක් ලස්සන වෙන්නේ ඔපවත් චරිතයක් ලැබුණාම

රංගන ශිල්පිනී ශාමිලා නිරන්ජන්

by Mahesh
July 11, 2024 12:30 am 0 comment

– සුරාංගනි සින්දුව දිහා බලලා තමයි මේ වෘත්තීයට එන්න ඕනේ කියලා ආසාව ඇතිවුණේ
– මාව ගොඩක් කට්ටිය හඳුනගත්තේ දෙවෙනි ඉනිම නාට්‍යයෙන්
– ඉවුම් පිහුම් වැඩයි රඟපෑමයි මගෙ ඇස් දෙක වගේ
– සිංහල අයට ටැමිල් කෑම කියලා දෙන්නත් ටැමිල් අයට සිංහල කෑම කියලා දෙන්නත් ගොඩක් ආසාවෙන් ඉන්නවා
– අභියෝගාත්මක චරිත රඟපාන්න කැමැතියි

මුලින්ම ඔබ ගැන විස්තර කිව්වොත්

මගෙ නම ශාමිලා නිරන්ජන් මම ඉපදුණේ නුවර හැදුණෙ වැඩුණෙ පාසල් ගියේ නාවලපිටිය දැන් පදිංචි වෙලා ඉන්නේ කොළඹ ගල්කිස්ස මම රඟපානව ෆීලන් චෙෆ් කෙනෙක් හැටියට වැඩ කරනවා. මම වොයිස් ඕවර් ආර්ටිස්ට් කෙනෙක් හැටියටත් වැඩකරනවා. ඒ වගේම මට සින්දු කියන්නත් පුළුවන්. මම බැඳලා. මට අවුරුදු දහතුනක(13) ගැහැනු දරුවෙක් ඉන්නවා. සැමියා ව්‍යාපාරිකයෙක්.

දෙමළ මාධ්‍යවල (Tamil media)වල මුලින්ම ඔබ නිවේදිකාවක්ද, නිළියක්ද?

මුලින්ම ශක්ති ටි.වී.එකේ දෙදහස් දහඅටේ දී ශක්ති සුපර් ස්‍ටාර්ස් කියලා තිබුණ සිංදු කියන තරගෙට මම සහහාගි වුණා. ඊට පස්සේ දෙදහස් විසිඑකේ (2021) දී ඔලයිලන් කුකින් තරගයක් තිබුණා. ඒක ශක්ති ටී.වි. එකේ ෆයිනල් වෙනකල් මන් අවසාන් වට‍ය වෙනකල් මම තරග වැදිලා ආවා. එතනින් එහාට තමා මට රඟපාන්න අවස්ථාවක් ලැබුණේ මුලින්ම සෙවන් කේ කියන ටෙලිඩ්‍රාමා එකේ තමයි මං මුලින්ම ඉන්ටඩිවුස් වුණේ ටැමිල් ඉන්ඩස්ට්‍රි එකට එතනින් එහාට එක දිගට මට රඟපාන්න ගොඩාක් අවස්ථා ලැබුණා.

නිළියක් ලස්සන වෙන්නේ කොහොමද කියලා මම ඔබෙන් ඇහැවොත්,

නිළියක් ලස්සන වන්නේ ඔපවත් වූ චරිතයක් ලැබුණ විට ඒ කියන්නේ හරියන චරිතයක් හම්බවෙලා ඒ චරිතෙදි අපි ජීවත් වෙලා ලස්සනට ඒක අපි ඇට් කරනකොට නිළියන් ලස්සන වෙනවා කියලා මං හිතනවා. ඒ කියන්නෙ රඟපෑම ඒ චරිතය ඒ විදියටම එළියට ගේන එකත් ඒ ෆීල් එක එළියට ගෙන්නත් ඕනේ නිළියක් වුණාම. එතකොට තමා එයා ගොඩක් ලස්සන වෙන්නේ.

දමිළ චිත්‍රපට (Tamil film) කීයක වගේ රඟපෑවද ඒ වගේ නම් චරිත එක්ක විස්තර කියමු බලන්න.

ටැමිල් නිර්මාණ වලින් මම මුත්තයියා මුරලිදරන් ක්‍රිකටර්ගේ මූවි එක අටසීය කියලා ආවා ඒකෙ මුරලිදරන්ගේ නැන්දගෙ කැරැක්ටර් එක මම රඟපාලා තියෙනවා ඒක ඉන්ටර්නැෂනල් මුවී එකේ ඊට පස්සේ ඉදුවේ ආරම්භම් කියන චිත්‍රපටයේ රඟපාලා තියෙන්නේ ඒකේ සී.අයි.ඩී චරිතය කළා එක රිලීස් වෙන්න යනවා ළඟදීම ඊට පස්සේ චිත්‍රපටයේ ෆිල්ම්ස් හතක් විතර කරලා තියෙනවා. ටෙලි නාට්‍ය පහක් විතර ශක්ති ටීවී එකෙන් කරලා තියෙනවා. සෙවන් කේ, රුද්‍ර චක්‍රා, නහරාන් ඔඩිහල්, හෑන්ග් ට්‍රම්ප් ට්‍රැග්, ජී. එම්. ආර්, නීතානේ පුන්බසන්දම්, යුනයිටඩ් කොටහේන, ෆොටෝ ග්‍රැෆික් ඒ වගේ ටෙලි නාට්‍යවලයි චිත්‍රපටවලයි රඟපාලා තියෙනවා. ටී.වී. කමර්ෂල් පහක් විතර කරලා තියෙනවා. ඒ වගේම දෙවෙනි ඉනිම දෙරණ ටී.වී. එකෙ ජෙගන්ගේ අම්මගෙ කැරැක්ටර් එක කරනවා. ටැමිල් ෆැමිලි එකේ අම්මගෙ කැරැක්ටර් එක මෙතෙක් මට හම්බෙච්ච හොඳම කැරැක්ටර් එකක් තමයි තව මං ගොළු කැරැක්ටර් එකක් කරලා තියෙනවා. කේස් නම්බර් ෆෝ ෆෝ කියන මූවි එකේ ඒ ගොළු චරිතයත් මම ආසාවෙන් කළේ තව මූවි එකක අම්මගෙ කැරැක්ටර් එක කරලා තියෙනවා. මානසික මට්ටම අඩු කෙනෙක්ගෙ කැරැක්ටර් එකක් තමා කරලා තියෙනවා ඊට පස්සේ පොලිස් කැරැක්ටර් එක්ක කරලා තියෙනවා තව විඩෝලේලි කියන කැරැක්ටර් එකක් කරලා තියෙනවා එ වගේ ඩිෆරන්ස් කැරැක්ටර් මට හම්බෙලා තියෙනවා.

ඒවායින් ඔබ වඩාත් ජනප්‍රිය වුණේ?

මම පොඩි කාලේ ඉඳලා රගපාන්න දක්ෂයි පාසල් කාලේ ඉඳලම මම නාට්‍ය ලියලා මමම රඟපානවා. එකට ගොඩක් මට ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ පාසලේ දී ගොඩක් සම්මාන සෙටිෆිකෙට් හම්බෙලා තියෙනවා නමුත් කාලයක් යනකොට මට සංගීත පැත්තට තමයි ගොඩක් ආසාව ඇති වුණේ මගේ මාමා තමයි පොප් සිංගර් ඒ.ඊ. මනෝහරන් සුරාංගනි සින්දුව කියන එක්කෙනා ඉතින් එයා රඟපානවා. ඉස්සර එයාගේ දිහා බලලා තමයි මේ වෘත්තීය එන්න ඔනේ කියලා ආසාව ඇතිවුණේ නමුත් එයා මට රඟපාන්න එච්චර උනන්දු කළේ නෑ මොකද මේකට ඇවිල්ලා මට අමාරු වෙයි කියලා ඊට පස්සේ මාව නැතිවුණා. අවුරුද්දකට කලින් ඊට පස්සේ මට අවස්ථාවක් හම්බවුණා රඟපාන්න. ඊට පස්සේ මම එක පටන් ගත්තා. ඊට පස්සේ මට එ ආසාව වැඩි වුණා එක එක චරිතය කරන්න ඕනේ කියන ආසාව ඇති වුණා. ඉතින් දැනුත් ඒක ගොඩක් පරක්කු නෑ හැකියාවක් තියෙන කොට ඕනෙම වයසෙදි ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා ඉස්සරහට බලාපොරොත්තු වෙනවා ගොඩක් වෙනස් චරිත හම්බෙන්න ඕනේ කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. එවගේ සිංහල ෆීල්ඩි එකෙත් මට ගොඩක් දේවල් කරන්න ආසා හිතෙනවා.

ඔබ මෙතෙක් රගපෑ නිර්මාණ ඇගයීමට ලක්ව සම්මාන ලැබිලා තියෙනවාද?

මම මේ ෆීල්ඩ් එකට ඇවිල්ලා අවුරුදු හතරයි වෙන්නේ එ අතරෙ දි සම්මාන තුනක් හම්බෙලා තියෙනවා හොදම නිළියක් විදියට එකක් බෙස්ට් කැරක්ටර් ආටිස් ඔෆ් ද ඉයර් අවෝඩ්ස් එක දෙදහස් විසිහතරෙදි (2024) පැට්‍ර්කලො එක හම්බුණා ඊට පස්සේ මැලේසියා ඩිජිටල් බෙස්ට් ෆේවරිට් ඇක්ටස් ඔෆ් ද ඉයර් දෙදහස් විසිහතර (2024) ඩිජිටල් ෆැග් ෆෝම් එකෙ දෙදහස් විසිහතර හම්බුණා ඊට පස්සේ දෙදහස් විසිහතර (2024) බෙස්ට් කැරැක්ටර් ඔෆ් ද ඉයර් ටැමිල් ඉන්ඩස්ට්‍රි එකේ දී මට හම්බුණා.

ඔබ කරපු චරිතවලින් වඩාත් ජනප්‍රිය වුණේ මොකෙන්ද?

මම අවුරුදු හතරක් (04) ෆීල්ඩ් එකේ රඟපෑම් කරාට මාව කවුරුත් අදුරගන්නෙවත් නෑ. මාව ගොඩක් කට්ටිය හඳුනාගෙන ඇවිත් ඔයා අහවල් එක්කෙනා නේද කියලා අහන්නෙ දෙවෙනි ඉනිම නාට්‍යයෙන් පස්සේ. ඇත්තටම මට හරි ආඩම්බරයි එකේ මට හම්බෙච්ච චරිතෙන් මම මිනිස්සුන්ට කවුද කියන එක පේන්න ගත්තා එකේ මට අවස්ථාව හම්බුණේ ජෙගන් කියන මගේ පුතාට රගපාන කෙනාගේ මාර්ගෙන් තමයි. ඒගොල්ලෝ ඔඩිෂන් කරලා නාට්‍යය පටන් ගන්න කොට චරිත කිහිපයක් තෝර ගත්තා එකේ ටැමිල් ෆැමිලි එකෙ අම්මා කෙනෙකුට චරිතයක් ඔනේ කියලා ගොඩාක් ඒගොල්ලෝ ඉල්ලලා තිබුණා පස්සේ මට ජෙගන් කතා කරලා ඔඩිෂන් එකට එන්න කිව්වා ගියාට පස්සේ මාව තේරුණා. මට ඇත්තටම හරිම සතුටුයි ඒ නාට්‍යයේ තමයි මම ගොඩක් ජනපි‍්‍රය වුණේ.

ඔබ කරන්න කැමති චරිත මොනවද?

ඇත්තටම කියනව නම් ගොඩක් කරන්න ආසාවෙන් ඉන්න චරිත එකක්වත් මට තාම හම්බෙලා නෑ. මම හරි ආසයි චැලෙන්ජින් රූල්ස් කරන්න එ චරිතේ ගොඩක් වැදගත් චරිතයක් මූවි එකක් ගත්තොත් ටෙලි නාට්‍යයක් ගත්තොත් ඒක හරිම ගොඩක් වැදගත් චරිතයක් තියෙනවා ඒ වගේ චැලෙන්ජින් රූල්ස් සී. අයි.ඩී. , පොලිස් එතකොට බෝල්ඩ් කැරැක්ටර් ස්මාර්ට් ලුක් එකේ කරන්න පුළුවන් කැරැක්ටර් එ වගේ චැලෙන්ජින් රූල්ස් කරන්න ආසයි. ඉස්සරහට බලාපොරොත්තු වෙනවා. එ වගේ චරිත හම්බෙයි කියලා මම ගොඩක් හාඩ්වර්ක් කරන කෙනෙක් එ වගේ දෙයක් හම්බුණාම එවගේ දෙයක් ගැන පැක්ට්‍රිස් කරලා හොයලා බලලා එ චරිතයට කොහොමද පණ දෙන්නේ කියලා මම ගොඩක් වර්කවුට් කරනවා ඉතින් මට හම්බෙච්ච චරිත හරියටම කරන්න ඕනේ කියන මතේ තමයි මං ඉන්නෙ ගොඩක් ආසාවෙන් කරන චරිත තමයි එ වගේ බෝල්ඩ් කැරැක්ටර්.

දෙවෙනි ඉනිම නාට්‍යය ගැන මොනවද හිතෙන්නේ?

මම ගොඩක් ආසම සිංහල ආර්ට් ෆීල්ඩ් එකෙ මොනව හරි කරන්න එහෙම කරන්න ඕනේ කියලා ආසාවෙන් හිටපු කෙනෙක් ඉතින් මට එකට අවස්ථාවක් ලැබිච්ච එකට දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. එ වගේම දෙවෙනි ඉනිම කෲ එකේ ඉන්න අය මට හරි හොඳට සලකනවා එකේ ජාති බේදයක් නැ දෙමළ , සිංහල කියලා හැමෝම එකම පවුලේ අය වගේ වැඩ කරන්නේ ස්ක්‍රිප්ට් එක ගත්තත් එක එක්කෙනා එක එක්කෙනට උදව් වෙනවා කියවන්න ඒ වගේ දේවල් වලට ඉතින් අපි එක පවුලක් වගේ තමයි ඉන්නේ එ වගේම එකේ කැමරා එකේ පිටි පස්සේ වැඩකරන අය ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවා හරි ආසයි එක දකින කොට මොකද එක හරි පිළිවෙළයි එකේ ෂූටින් වුණත් එකේ පේමන්ට් වුණත් අනිත් එක ඒගොල්ලන් හැන්ඩ්ල් කරන විදිය වුණත් හරි පිළිවෙළයි. සාරංග මෙන්ඩිස් (දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ සාරංග මෙන්ඩිස් මහතා) මහත්තයාටයි එයාගේ වයිෆ්ටයි (දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ නිෂ්පාදිකා චාමිකා මෙන්ඩිස් මහත්මිය) ගොඩක් ස්තුතිවන්ත වෙනවා කතාව මෙච්චර ලස්සනට ගෙනියන එකටයි අපි වගේ අයට චාන්ස් එකක් දීලා ඉදිරියට ගෙනියන එකටයි ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් එතෙන්ට දෙවෙනි ඉනිම ෂූටින් යනවා කියන්නෙ මට අමුත්තක් නෙවෙයි ගෙදර ඉන්නවා වගේ හරි ආසාවෙන් ගිහිල්ල එන්නේ ඒක ටෙලිකාස්ට් වෙලා අපිව හඳුනගෙන අහවල් එක්කෙනා නේද ඔයා ප්‍රමිලා නේද කියලා එකේ මට හම්බෙච්ච අය අහනවා. ප්‍රමිලා කියන කැරැක්ටර් එකේ ඉන්නේ ඔයා නේද ඔයා ප්‍රමිලා නේද කියලා අහනවා මගෙන් ඉතින් හරි සතුටුයි.

ජනප්‍රිය රූපවාහිනි නාලිකාවල ඉවුම් පිහුම් කීයක් විතර කරනවද?

ඇත්තම කියනව නම් ඉවුම් පිහුම් වැඩයි රඟපෑමයි මගෙ ඇස් දෙක වගේ ඒ දෙකටම මම ගොඩක් ආදරෙයි ආසාවෙන් කරන්නේ ඉවුම් පිහුම් වැඩ එ කියන්නෙ ටී.වී. සෙලිබ්‍රෙටි කෙනෙක් මම ඒක නිසා පොපියුලර් චැනල් වන ශක්ති ටී.වී වසන්තම් ටී.වී එ වගේ චැනල්වල ටී.වී. ප්‍රෝග්‍රෑම්වල රෙසිපීස් තිහක් තිස්පහක් විතර කරලා තියෙනවා. එ වගේ ඩිජිටල් ප්ලැට් ෆෝම්ස් වල එක එක කම්පැනිස් වලටත් මම ඉවුම් පිහුම් වැඩ කරගෙන යනවා ඔක්කොම පනහක් පනස් පහක් (50-55) විතර කරලා ඇති කුකින් වලට මට ගොඩක් සම්මාන සහතිකත් හම්බෙලා තියෙනවා. මම කේක් ඩිප්ලෝමා ඉවර කරලා තියෙනවා. එ වගේ ගොඩක් ස්ටුඩන්ස්ලට ගෙදර මං පන්ති කරනවා. ඒ ගොල්ලෝ පාස් අවුට් කරලා තියෙනවා. යූ ටියුබ් චැනල් එකක් මගේ නමින් යනවා ශමිලාස් කිචන් කියලා තමා එක තියෙනවා එ වගේම ෆේස්බුක් පේජ් එකෙත් ශමිලා කිචන් කියලා මේන්ටේන් වෙනවා ඒ වගේම කේක් ඔඩර්ස් වලටත් කරනවා තව ගොඩක් විවිධ ඉවුම් පිහුම් වැඩසටහන් කරනවා ඉතින් ඒ දෙකම මම රඟපෑමයි ඉවුම් පිහුම් වැඩවල් දෙකම මම මැනේජ් කරගෙන යනවා. මොකද ගොඩක් ආසාවක් තියෙනකොට දෙයක් කරනකොට එකේ අමාරුවක් තේරෙන්නෙ නැ ඉතින් දෙකම කරනවා මට ආසාවක් තියෙනවා සිංහල අයට ටැමිල් කෑම කියලා දෙන්න එ වගේ ටැමිල් අයට සිංහල අයගේ ඒ සංස්කෘතියේ පරණ කෑම කියලා දෙන්න ගොඩක් ආසාවෙන් ඉන්නවා ඉස්සරහට එක කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

සිංහල,දෙමළ කෑම වල ඔයා දකින වෙනස

සිංහල හා දෙමළ කෑම වල මම දකින දෙයක් තමයි ඇත්තටම දෙමළ අයගේ කෑම ගොඩක් පැණි රස වැඩියි. එක මට හොඳට දැනෙනවා සිංහල අයගේ කෑම එච්චර පැණි රස නැ එ වගේ ටැමිල් අයගේ කෑම එකේ එළගි තෙල්,මී කිරි වගේ වැඩිපුර පාවිච්චි වෙනවා. සිංහල අයගේ කෑම වල එහෙම දේවල් නැ පොල් කිරි වගේ දේවල් තමයි එකතු වෙන්නේ දෙකම හරි රසයි ගුණයි. තියෙන වෙනස එකයි

අලුතින් විටින් විට එන කෑම වර්ග හදන වැඩසටහනක් කරන්න අදහසක් නැද්ද?

අනිවාර්යයෙන්ම තියෙනවා මගේම සොයා ගැනීමක් කරලා අලුතින් මගේ රෙසිපිස් ක්‍රියේට් කරලා අලුතින් නිර්මාණයක් කරන්නත් අදහසක් තියෙනවා

අපි දැන් දෙවෙනි ඉනිමේ ජෙගන්ගෙ අම්මා (ප්‍රමිලා) චරිතය ගැනත් යමක් කියමු.

මුලින්ම එකට මාව තේරුණාම ඇත්තටම මට බය හිතුණා මොකද මට ස්ක්‍රිප්ට් එක සිංහලෙන් කියා ගන්න පුළුවන් වෙයිද ඩයලොග් ඩිලිවරිස් කරන්න පුළුවන් වෙයිද කියලා බයක් තිබුණා. නමුත් පළවෙනි දවසෙම මට ඒක නැතිවුණා. මට එතන හරි කම්ෆටර්බල් කිසිම ප්‍රෙශර් එක්ක නැ හරි ලස්සනට එකම ෆැමිලි එකේ අය වගේ මට සලකන්නෙ ඉන්න අය ඔක්කොම ෆ්‍රෙන්ඩ්ලි ඉතින් මට හරි මෝටිව් එකක් ලැබෙනවා. එතන මගේ චරිතය ප්‍රමීලා ජෙගන්ගෙ අම්මගෙ චරිතේ ඇත්තටම හරිම ලස්සන චරිතයක් මගේ ගතිගුණ හරි සෙන්සිටිව් ආදරෙන් ඉන්න මවක්. මට දුවෙකුයි පුතෙකුයි ඉන්නවා මගේ මහත්තයා විදිහට රගපාන්නෙ ඩොක්ටර් කෙනෙක්. එයා ඇත්ත ජිවිතෙත් කළුබෝවිල හොස්පිටල් එකේ වැඩ කරන ඩොක්ටර් කෙනෙක් ඉතින් එයත් රගපාන්න කැමති කෙනෙක් අපි ඔක්කොම එකම ෆැමිලි එකක අය වගේ තමයි එතන ඉන්නේ ගොඩක් ආසාවෙන් ඒ චරිතේ කරනවා ඉස්සරහට ඒ චරිතෙට වැඩිපුර මට සීන් එක්ක ඔනේ කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තව ඉස්සරහට ගොඩක් සිංහල ටෙලි නාට්‍යවල වෙනස් වෙනස් චරිතවලට මට අවස්ථාවක් ලැබුණොත් මං ඉදිරියට තවත් ඇක්‍ටින්වල ඉස්සරහට ගිහින් හොඳ දෙයක් කරන්න ආසාවෙන් ඉන්නවා එක ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. දැන් මාස හතරක් තිස්සේ තමයි දෙවෙනි ඉනිම නාට්‍යයේ මම ඉන්නේ ඇත්තටම එකේ ස්පෙශල් අවස්ථාවක් කියලා කියන්න පුළුවන් අපේ පොංගල් එපිසෝඩ් එක ටැමිල්, සිංහල අය ඔක්කොම එකතු වෙලා පොංගල් දවසේ පොංගල් සමරලා ඒ විදියට සරසලා අපි නැටුම් කරලා අපි ඔක්කොම ඩාන්ස් කරලා ඒ එපිසෝඩ් එක හරි ලස්සනට ගත්තා ඇත්තටම පොංගල් එහෙම හැදුවා එදා දවසේ අපි ඔක්කොම හරිම සතුටින් හිටියේ ඒ එපිසෝඩ් එකත් හොඳට රීච් වුණා. ඉතින් ඒ දවස මට අමතක කරන්න බැරි දවසක් ඒ කියන්නේ උදේ පටන් ගත්ත ෂූට් එක ඊළඟ දවසේ එළි වෙනකල් ගියා ඒක ඉතින් අමතක කරන්න බැරි එපිසෝඩ් එකක් එක.

සිංහල අය එක්ක ඔයාට වැඩ කරන එක ලේසිද අමාරුද?

එහෙම ලොකු වෙනසක් නැ. වෙනසකට තියෙන්නේ ගොඩක් ප්‍රොෆෙශනල් මං දකින විදියට හරි පිළිවෙළයි. හොඳට සලකනවා හරිම ෆ්‍රෙන්ඩ්ලි හොඳට රෙස්පෙක්‍ට් කරනවා අපිට. ඉතින් ඒ නිසා ගොඩක් ආසාවෙන් තමයි මම එයාලා එක්ක වැඩ කරන්නේ

කොහොමද ඔයාට ඒ රංගනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාර?

බලන්න පටන් අරන් තියෙන්නේ කියලා ගොඩක් අය කියලා තියෙනවා හරිම ලස්සනට ඒ කතාව යනවා කියලා ඉතින් එකේ රඟපාන හැම කෙනෙක් ගැනම හොඳ කියනවා ඒ වගේම මාව කෙනෙක් හඳුන ගන්නවා කියන්නේ දෙවෙනි ඉනිම නාට්‍යයෙන් පස්සේ තමයි මොකද අපේ ටැමිල් චැනල් වල අපි රගපෑම් කළාට ටැමිල් අය බලන්නේ ඉන්දියන් චැනල්. ලෝකල් චැනල් බලන්නෙ නැ ඒ නිසා අපිව දන්නේ නැ ගොඩක් අය දැන් අපිම කියන්න ඕනේ අහවල් එකේ ඉන්නවා කියලා ඒත් එයාලා දන්නෙ නැ සිංහල නාට්‍යයෙන් ආවට පස්සේ ගොඩක් අය ලෝකල් චැනල් බලනවා එතකොට අපි කවුද කියලා අදුර ගන්නවා ලොකු දෙයක් ඇත්තටම. ඇක්ටින් වලදි මම දකින දෙයක් තමයි හැම චරිතයෙන්ම හැමදෙයක්ම ඉගෙන ගන්නවා මම දවසින් දවස ඉගෙන ගන්නවා අපි ඇක්ටින් ගැන ස්කූල් වලට ගිහින් ඉගෙනගෙන ආපු අය නෙවෙයි. අපේ ඇඟෙන්ම තියෙන ඒ ටැලන්ට් එකෙන් එවෙලෙදි කරන දෙයක් තමයි අද වෙනකල්ම කරන්නේ. අපි ඒ හැම චරිතෙන්ම යම් දෙයක් ඉගෙන ගන්නවා. එක එක ඩිරෙක්‍ට‍ර්ස්ලා එක්ක වැඩකරන කොට ඒ ගොල්ලන්ගේ ස්ටයිල් එකට වැඩ කරලා එක එක දේවල් අපි ඉගෙන ගන්නවා. ඉස්සරහට ගොඩක් මේකේ දියුණුවක් බලන්න ආසයි චරිතයක් කරනකොට අපේ රඟපෑම ඩයලොග් ඩිලිවරීස් අපේ බොඩි ලැන්වේජ් ඔක්කොම දියුණු වෙලා අවුට් පුට් එකක් දෙන්න ඕනේ කියලා තමා මගේ ආසාව. ඇත්තටම ආර්ටිස් කෙනෙක්ට ගෙදර සපෝට් එකක් නැතුව ඉස්සරහට යන්නම බැ එ අතින් මම වාසනාවන්තයි මොකද මගේ ගෙදර මහත්ත‍යි මගේ දුවයි මට හොඳ සපෝට් එක්ක දෙනවා ඒ කියන්නේ මාව මෝටීවේට් කරනවා දෙයක් කරන්නත් ඉඩ තියෙනවා නිදහස දීලා තියෙනවා. ෂූටින් ගියත් නිදහසේ මගේ වැඩ ටික කරගෙන යන්න පුළුවන්. මං උයලා තියෙන දේ තමන්ම බෙදාගෙන කාලා ඔක්කොම වැඩ ටික තනියෙන් කර ගන්නවා මම නැති වෙලාවේ. ඉතින් එක ලොකු දෙයක් ලොකු හයියක් මට. කලාකාරයෙක් ඇවිල්ලා හැම ගෙදරකින්ම බිහිවෙන්නෙ නෑ. ඒ වගේම ගෙවල් වල කලාකාරයෙක් ඉන්නකොට අනිත් අය අනිවාර්යයෙන්ම උදව්වක් කරන්න ඕනේ. මොනම හරි මාර්ගයෙන් ආර්ටිස් කෙනෙක්ට හිත නිදහසේ වැඩක් කරන්න පසුබිම හරි හොඳට තියෙන්න ඕනේ ෆැමිලි එක ලොකු හයියක් ඉස්සරහටත් මට ඒ සපෝට් එක හම්බෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඇත්තටම ඒකට දෙවියන් වහන්සේටයි මගේ ෆැමිලි එකටයි ගොඩක් ස්තුතිවන්ත වෙනවා.

මෙතෙක් ඔබ රංගනයෙන් දායක වූ නිර්මාණ හා විවිධ රූපවාහිනි වැඩසටහන් වලට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

දැනටත් මට හම්බෙන ප්‍රතිචාර හොඳයි. නමුත් ඉස්සරහට බොහොම ප්‍රසිද්ධ චරිත රඟපාලා මට තව හොඳ ප්‍රතිචාර ලැබෙයි කියලා බලාපොරොත්තුව වෙනවා.

අනාගත බලාපොරොත්තුව?

ඇත්තටම මගේ ලොකුම බලාපොරොත්තුව තමයි දක්ෂම රංගන ශිල්පිනියක් වෙන එක. ඉතින් එකට මම ගොඩක් මහන්සි වෙලා වැඩ කරගෙන යනවා. ඇත්තටම ලොකුම ආසාව තමයි එක දක්ෂම රංගන ශිල්පිනියක් වෙන එක.

අවසාන වශයෙන් ඔයාට කියන්න තියෙන්නෙ මොනවද?

මට මේ අවස්ථාව හිතේ තියෙන දේවල් බෙදා ගන්න අවස්ථාවක් ලබා දුන් ඔබේ පත්තරයටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. තවත් ජයග්‍රණය ලබාගෙන ඉස්සරහට ඔයගොල්ලන්ව හම්බෙන්න එනවා මේ පත්තරය තුළින් තැන්කියු සෝ මච්.

 

හේමන්ත බණ්ඩාර

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT