20
වේදිකා, ටෙලි නාට්‍ය සහ වේදිකා නාට්‍ය රංගන ශිල්පියකු වූ නලීන් ප්‍රදීප් උඩුවෙල ජීවිතයෙන් සමුගත්තේය.
වේදිකා නාට්‍ය කලාවෙන් සිය රංගන ජීවිතය ආරම්භ කළ ඔහු අන්දරේලා, ජූරිය, කැලණි පාලම ඇතුළු වේදිකා නාට්‍ය රැසකට රංගනයෙන් දායක වී ඇත.
මීට අමතරව ටෙලි නාට්‍ය හතළිහකට අධික සංඛාවක රඟපා ඇති අතර ජුලියට්ගේ භූමිකාව, රාජ්‍ය සේවය පිණිසයි, අස්වැසුම, තාරකා මල්, ආසයි මං පියාඹන්න ඇතුළු චිත්‍රපට රැසකටද රංගන දායකත්වය සපයා ඇත.
නලීන් ප්‍රදීප් උඩවෙල මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සැප්තැම්බර් 25 (අද) වෙනිදා සවස 5. 00 ට මත්තේගොඩ ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතයි.