102
ආ.පො.ස සාපෙළ නර්තන විෂය සමත් දෙස් විදෙස් නර්තනයට හා බෙර වාදනයට දක්ෂ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සිංහල සංස්කෘතික ආයතනයේ නර්තන කණ්ඩායමට එක්වීමට අවස්ථාවක් හිමිව ඇත. වයස අවුරුදු 15වත් 19ත් අතර ස්ත්‍රී පුරුෂ දෙපක්‍ෂයටම මේ සඳහා අවස්ථාව හිමිවන බව සිංහල සංස්කෘතික ආයතනයේ නර්තන අනුමණ්ඩලයේ ලේකම් නිලාන් මලිගැස්ප සරසවිය පුවත්පතට පැවසීය. මෑතකදී ගත් ඡායාරූපයක් සමඟ ඔබේ ජීවදත්ත තොරතුරු ඇතුළත් ඉල්ලුම් පත්‍රයක් නිලාන් මලිගැස්ප, නර්තන අනුමණ්ඩලයේ ලේකම්, සිංහල සංස්කෘතික ආයතනය (සුදර්ශි) බෞද්ධාලෝක මාවත, කොළඹ 07 යන ලිපිනයට යොමු කළ යුතුය.