නිවස කළා පුවත් නර්තනාචාරිනී වජිරාට සුබ ගමන්

නර්තනාචාරිනී වජිරාට සුබ ගමන්

by Thanushika
September 26, 2024 9:32 am 0 comment

සම්මානලාභි ප්‍රවීණ නර්තනාචාරිනී ආචාර්ය වජිරා චිත්‍රසේන පසුගිය දා අභාවප්‍රාප්ත වූවාය.

ඇය ජාත්‍යන්තර කීර්තියට පත් ප්‍රවීණ නර්තනාචාර්‍ය දිවංගත චිත්‍රසේනයන්ගේ බිරිඳ වේ.

උඩරට නර්තනයට මෙන්ම බටහිර බැලේ නර්තනට ප්‍රවීණත්වයක් දැක්වූ ඇයගෙන් ශිල්ප හැදෑරූ ගෝලයින් දස දහස් ගණනකි. කලාභූෂණ, දේශබන්දු, දේශාභිමානී ආදි සම්මාන සහ ගෞරවනාමයන්ගෙන් ඇය පිදුම් ලබා ඇත. ඇගේ නර්තනයෙන් හැඩවූ කරදිය සහ නලදමයන්ති මුද්‍රා නාට්‍යය ප්‍රේක්ෂකයන්ගේ සදා මතකයේ රැදී තිබීම විශේෂත්වයකි.

වජිරා චිත්‍රසේන මහත්මියගේ අවසන් කටයුතු ඊයේ දින (25) බොරැල්ල කනත්තේදී සිදු කෙරිණි. ඇය පිළිබඳ විශේෂ ලිපියක් ලබන පත්‍රයේ පළ වේ.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT