නිවස කළා පුවත් ධර්ම රශ්මි පොසොන් කලාපය 21 සිට 23 දා දක්වා හෝමාගමදී

ධර්ම රශ්මි පොසොන් කලාපය 21 සිට 23 දා දක්වා හෝමාගමදී

by Thanushika
June 20, 2024 12:30 am 0 comment

ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව දෙවැනි වරටත් පවත්වනු ලබන ධර්ම රශ්මි පොසොන් කලාපය හෙට 21 දින සිට 23 දා දක්වා හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේදි පැවැත්වේ. එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) මුද්‍රිත හා ඩිජිටල් මාධ්‍ය අනුග්‍රහයෙන්, ස්වාධීන හා ජාතික රූපවාහිනි නාළිකාවලින් සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මඟින් විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය ලබාදෙන දියගම, හෝමාගම, පිටිපන, දාම්පේ, මීගොඩ, ගොඩගම, පානාගොඩ ප්‍රදේශ ඇතුළුව කි.මී 13ක් පුරා විහිදේ.

21 දාට යෙදෙන පොසොන් පුන් පොහෝදා ධර්ම රශ්මි පොසොන් කලාපය හරිත සරසවියේදී සවස 6.30ට විවෘත කෙරේ.

පොලිස් තූර්ය වාදක කණ්ඩායම සංගීතයට ජනප්‍රිය ගායක ගායිකාවන් ඉදිරිපත් කරනබැති ගී සරණියද තෙදින පුරාම පැවැත්වේ.

සර්වඥ ධාතු ප්‍රදර්ශන, තොරණ, දන්සල්, පෙරහර, බැති ගී සරණිය, රූකඩ සංදර්ශන, බෞද්ධ චිත්‍රපට ප්‍රදර්ශන ඇතුළු ක්‍රියාකාරකම් රැසක් මෙම පොසොන් කලාපයට ඇතුළත් වන අතර ඊට සමගාමීව බටහිර හා ආයුර්වේද වෛද්‍ය සායන, විවෘත හා පාසල්, දහම් පාසල් සිසුන්ගේ පහන් කූඩු තරගයක් සංවිධානය කර තිබේ.

විවෘත අංශයේ පොසොන් කූඩු ප්‍රදර්ශනයේ මුදල් ත්‍යාග සඳහා ලක්ෂ 10ක් පිරිනැමෙනු ඇත. එම කාල සීමාව තුළ පොසොන් කලාපය නැරැඹීම සඳහා පැමිණෙන සැදැහැවත් සඳහා නොමිලේ ප්‍රවාහන පහසුකම් සපයා ඇත.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT