නිවස කළා පුවත් ධර්ම රශ්මියට ජන ගඟක්

ධර්ම රශ්මියට ජන ගඟක්

by Thanushika
June 27, 2024 9:46 am 0 comment

ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව දෙවැනි වරටත් පවත්වනු ලැබු ධර්ම රශ්මි පොසොන් කලාපය පසුගිය 21 දින සිට 23 දා දක්වා හෝමාගම ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයේදි පැවැත්විණි.

එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) මුද්‍රිත හා ඩිජිටල් මාධ්‍ය අනුග්‍රහයෙන්, ස්වාධීන හා ජාතික රූපවාහිනි නාළිකාවලින් සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මඟින් විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය ලබාදුන් මෙය දියගම, හෝමාගම, පිටිපන, දාම්පේ, මීගොඩ, ගොඩගම, පානාගොඩ ප්‍රදේශ ඇතුළුව කි.මී 13ක් පුරා විහිදි තිබිණි.

21දාට යෙදුණු පොසොන් පුන් පොහෝදා ධර්ම රශ්මි පොසොන් කලාපය ලේක්හවුස් ආයතනයේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් මහතා, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර පරණතන්ත්‍රි මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයද, සෙසු මාධ්‍ය අනුග්‍රහය දැක්වූ ආයතනවල සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සහභාගීත්වයෙන් හරිත සරසවියේදී සවස 6.30ට විවෘත කෙරිණි.

පොලිස් තූර්ය වාදක කණ්ඩායම සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වාද්‍ය වෘන්දයේ සංගීතයට ජනප්‍රිය ගායක ගායිකාවන් ඉදිරිපත් කරනු ලැබු බැති ගී සරණයද තෙදින පුරාම පැවැත්විනි.

සර්වඥ ධාතු ප්‍රදර්ශන, තොරණ, දන්සල්, පෙරහර, බැති ගී සරණිය, රූකඩ සංදර්ශන, බෞද්ධ චිත්‍රපට ප්‍රදර්ශන ඇතුළු ක්‍රියාකාරකම් රැසක් මෙම පොසොන් කලාපයට ඇතුළත් වී තිබූ අතර ඊට සමගාමීව බටහිර හා ආයුර්වේද වෛද්‍ය සායන, විවෘත හා පාසල්, දහම් පාසල් සිසුන්ගේ පහන් කූඩු තරගයක් ද පැවැත්විණි.

විවෘත අංශයේ පොසොන් කූඩු ප්‍රදර්ශනයේ මුදල් ත්‍යාග සඳහා ලක්ෂ 10ක් පිරිනැමීය. එම කාල සීමාව තුළ පොසොන් කලාපය නැරැඹීම සඳහා පැමිණි සැදැහැවතුන් සඳහා නොමිලේ ප්‍රවාහන පහසුකම් සපයා තිබුණි. පළමු දින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ද දෙවැනි දින

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ධර්ම රශ්මි පොසොන් කලාපය 23 ද විවෘත කෙරුණු අතර එහිදි කතානායකවරයා විසින් බැති ගී සරණය සහ ආලෝක පූජාව විවෘත කරන ලදී ඉන් අනතුරුව බත් දන්සල විවෘත කෙරිණි

.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT