විවිධ භාෂා සතකින් නිර්මාණය වූ “Drishyam” චිත්‍රපට මාලාවේ දෙවන සිංහල දිගහැරුම ලෙසින් ‘ධර්මයුද්ධය 2’ සිනමා පටයේ සමාරම්භක මුහුරත් උලෙළ පසුගියදා රත්මලාන Stein Studio පැවැත්විණි. මුහුරත් උලෙළත් සමඟම රූප ගතකිරීම් ආරම්භ කිරීමට නියමිත මෙම චිත්‍රපටයේ පළමු කොටස 2017 වසරේ තිරගතව ආදායම් අතින් ඉතාමත් සාර්ථක වූ ධර්මයුද්ධය වෛයාර් රවි අධ්‍යක්ෂණය කළ අතර, ධර්මයුද්ධය 2 අරුණ ජයවර්ධන විසින් අධ්‍යක්ෂණය කරනු ලබයි. සිරස මාධ්‍ය ජාලයේ නිෂ්පාදනයක් වූ මෙය ප්‍රවීණ රංගනවේදී ජැක්සන් ඇන්තනි විසින් පණපොවන ලද හරිශ්චන්ද්‍ර නැමති ප්‍රධාන චරිතය සඳහා මෙවර ප්‍රධාන නළු බිමල් ජයකොඩි එක්ව ඇත.
චන්න දේශප්‍රිය කැමරාකරණයෙන් එක්වන මෙහි අනුවර්තනීය පිටපත සහ නිර්මාණ සැළසුම්කරණය සුනෙත් මාලිංග ලොකුහේවා ගෙනි. රංගනයෙන් දිල්හානි අශෝකමාලා, තිසුරි යුවනිකා, විනුමි වන්සදී, කුසුම් රේණූ, ඩග්ලස් රණසිංහ, කුමාර තිරිමාදුර, අශාන් ඩයස්, ආනන්ද අතුකෝරාළ, දිනක්ෂි ප්‍රියසාද්, සනත් ගුණතිලක, නලින් ලුසේනා, කලණ ගුණසේකර, බුද්ධදාස විතානාරච්චි, මැල්කම් මචාඩෝ, මෞලි ප්‍රනාන්දු, හර්ෂිකා රත්නායක, තිලක්ෂිණී රත්නායක ඇතුළු ප්‍රවීණයන් පිරිසක් එක්ව ඇති අතර, විධායක නිෂ්පාදනයෙන් යසරත් කමල්සිරි, රේඛීය නිෂ්පාදනයෙන් ධර්මශ්‍රී බණ්ඩාර ඒකනායක, සංස්කරණයෙන් ශාන් අල්විස්, සහය අධ්‍යක්ෂණයෙන් රංජන් ප්‍රසන්න, කලා අධ්‍යක්ෂණයෙන් මංජුල අයගම, අංග රචනයෙන් ප්‍රියංකර රත්නායක, පසුබිම් සංගීත අධ්‍යක්ෂණයෙන් කේෂාන් පෙරේරා, නිෂ්පාදන කළමනාකරණයෙන් මොහාන් රාමනායක, ගී තනු නිර්මාණයෙන් රවිහාන්ස් වැටකේපොත සහ කෙෂාන් පෙරේරා ද, විශේෂ ප්‍රයෝග සජීවීකරණයෙන් කසුන් චන්ද්‍රනාත් පතිරණ හා නිෂ්පාදන සම්බන්ධීකරණයෙන් මංජුල යටවතුර එක්වෙති.
සේයාරුව – මාලන් කරුණාරත්න