ජ්‍යෙෂ්ඨ ඡායාරූප ශිල්පී බන්දු එස්. කොඩිකාර පසුගිය සැප්තැම්බර් 06 වෙනිදා ජීවිත ගමන නිමා කළේය. ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ වසර 48 ක දිගු සේවා කාලයක් කීර්තිමත් ජ්‍යේෂඨ ජනමාධ්‍යවේදියෙකු ලෙස ලේක්හවුස් ආයතනය ඇතුළු මාධ්‍ය ආයතන කිහිපයක ඡායාරූප ශිල්පියෙකු සහ ඡායාරූප කර්තෘ තනතුර දැරුවේය.
ඔහු සමනළ කුමරියෝ, සැණකෙළිය, සධානා, හත්දින්නත් තරු, වස්තුව යන චිත්‍රපට සඳහා නිශ්චල ඡයාරූපකරණයෙන් දායක වී ඇත.
බන්දු එස්. කොඩිකාර ලේක්හවුස් ආයතනයේ සිළුමිණ, දිනමිණ, ඩේලිනිවුස්, ඔබ්සවර්, සරසවිය පුවත්පත් වල ප්‍රවෘත්ති ඡායාරූප ශිල්පියෙකු ලෙස කටයුතු කර ඇත.
ඔහු 1993 වසරේදී ‘ දියවන්නා 93’ උළලේදී හොඳම වාර්තා ඡායාරූපකරණය වෙනුවෙන් සම්මානයට පාත්‍ර විය.