හොරණ හෙට්ටිආරච්චිගේ දොන් පේද්‍රික් මහතාගේ සංකල්පයක් මත ආරම්භ වූ දොන් පේද්‍රික් සාහිත්‍ය සම්මාන උළෙල මෙවරත් පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබේ. මේ සම්මාන උළෙල ශ්‍රී ලාංකේය සාහිත්‍ය නිර්මාණකරුවන්ගේ ඇගයීම උදෙසා ඓතිහාසික වශයෙන් තැබූ සුවිශේෂී පියවරක් වේ.
1955 වසරේදී ආරම්භ වූ මෙම සාහිත්‍ය සම්මානයට අදාළ වර්ෂය තුළදී පළවන නිර්මාණාත්මක හෝ සංස්කරණාත්මක සිංහල සාහිත්‍ය කෘතිය වෙත පිරිනමන ලදී. 1955 දී ප්‍රථම වරට ගුණදාස අමරසේකරයන් විසින් රචිත කරුමක්කාරයෝ නවකතාව දොන් පේද්‍රික් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ අතර ඉන් අනතුරුව මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ විරාගයද,මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ කල්පනා ලෝකය යනාදී වශයෙන් 1955 සිට 1962 දක්වා වූ කාල වකවානුවේ මේ සම්මානය හත් වරක් පිරිනමා ඇත.පසුකාලීනව රාජ්‍ය මට්ටමින් සාහිත්‍ය සම්මානය ප්රදානය ඇරැඹීමත් සමඟ අත්හිටුවා තිබූ දොන් පේද්‍රික් සාහිත්‍ය සම්මානය පිළිබඳ යළිත් කතිකාවක් ගොඩනැගීම සාහිත්‍යකරුවන් විෂයෙහි යම් පිබිදීමක් ඇති කරනු ඇත. ඒ ආ ගමන් මගේ දිගුවක් ලෙස 2024 වර්ෂයේදී දොන් පේද්‍රික් සාහිත්‍ය සම්මාන ප්රදානය, දොන් පේද්‍රික් විද්‍යාලීය දියවර කලා මංගල්‍යයේදී එළැඹෙන නොවැම්බර් 20 වැනි දින සිදු කිරීමට නියමිතය.
මෙහිදී දීප ව්‍යාප්තව තරඟ අංක දෙකක් යටතේ පාසල් මට්ටමෙන් පහත සඳහන් තරංග ඉසව් සඳහා නිර්මාණ කැඳවීමට නියමිතය. මේ සඳහා දොන් පේද්‍රික් සාහිත්‍ය සම්මානය සමඟ මුදල් ත්‍යාගද පිරිනැමීමට කටයුතු යොදා ඇත.
තරඟ අංක01,
යටතේ දීප ව්‍යාප්ත ගීත විචාරක තරඟය, ය සුනිල් ගුණවර්ධනගේ ගීත මෙවර විචාරයට ලක් කරනු ඇත.
හිච්චි නගේ, දඟකාර ඔය දෑස, ආල නුරා මල් පිපුණා, තේක්ක නැන්දේ, නන්දන උයන, හිතුවක් කාරට කරගත් තැයි කියලා, කණ කෙකිනියගේ, විලක් නොවේ, ජය ශ්‍රී වේ කුමරියේ, මල් කිනිත්ත වගේ, ගීත අතරින් එකක් තෝරාගෙන වචන 250ත් 500ත් අතර ගීත විචාරයක් ලිවිමද පළමු තරග අංශය යටතේ සිදු කරනු ලබයි.
තරඟ අංක 02 යටතේ
පාසල් මට්ටමේ හොඳම ලේඛකයා සඳහා වන සම්මානය දීප ව්‍යාප්ත පාසල් මෙම තරගය සඳහා ඉදිරිපත් විය හැකිය. ශ්‍රී ලංකාවේ රජයේ පාසලක අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 2021-2023කාලසීමාව තුළ මුද්‍රණයෙන් එළිදක්වා ඇති ඕනෑම කෘතියක් මෙම සම්මානය සඳහා සලකා බැලීමට සුදුසුකම් ලබනු ඇත.ඉදිරිපත් වන නිර්මාණ සංඛ්‍යාව මත වර්ගීකරණය කර හෝ එසේ සිදු නොකර සම්මානය ප්රදානය කරනු ඇත.
ඔබගේ ග්‍රන්ථයේ මුද්‍රිත පිටපතක් සමඟ මුද්‍රණ තොරතුරු හා අයදුම්කරුගේ තොරතුරු ඇතුළත් අයදුම් පත්‍රයක් පහත ලිපිනයට ගෙනවිත් බාර දීම හෝ තැපැල් මඟින් යොමු කිරීම සිදු කළ යුතුය. නිර්මාණය යොමු කළ යුතු අවසාන දිනය එළඹෙන 10 වැනි දිනට යෙදී ඇත. සියලු නිර්මාණකරුවන් පහත සඳහන් ලිපිනයට
කැඳවුම්කරු, දියවර කලා මංගල්‍යය 2024, දොන් පේද්‍රික් මහා විද්‍යාලය, හොරණ යන ලිපිනයට නිර්මාණ යොමු කළ යුතුය.